Saturday, April 2, 2016

වැටකොලු කොස්සේ ආතල්

2 comments
වැටකොලු කොස්සේ ආතල් දන්නේ ඒක පාවිච්චි කරලා තියෙන උදවියම තමයි මහත්තයෝ :D . දැං උඩ බිම බලන උදවියට සහ වැටකොලු කොස්ස කියන්නේ අතුගාන දෙයක් වගේ කියල හිතන මහත්ම මහත්මීන්ගේ පහන් සංවේගය උදෙසා තමයි පහත රූපය එකතු කරන්නේ.

තවත් අවුල් වගේනම් , මේ තියෙන්නේ වැටකොලු කරල්. හරි දැන් මේවා මොකටද පාවිච්චි කරන්නේ ? නාද්දි ඇඟහෝදද්දි ඇඟ අතුල්ලන්න තමයි. සබන් ගාලා මේ වැටකොලු කොස්සකින් අතුල්ලලා කුණු හෝදලා දානකොට , මේක පාවිච්චි කරලා තියන උදවිය නං කියාවි “හම්මා තියන සනීපේ“  කියලා.

හරි දැං කොහොමද මේකක් හදාගන්නෙ ? හරිම ලේසියි.

  1. මොරපු වැටකොලු කරලක් ගන්න. වැටකොලු වැලෙන් හොඳ කරලක් තෝරලා ඒක වැලේම මෝරලා වේලෙන්න තියන්න ඕනි. ගානට මොරලා වේලුනාට පස්සෙ ඒක තමයි ගන්නේ. ඒකෙ බීජ පාවිච්චි කරලා ඊළඟ පරම්පරාවෙ වැටකොලු වැලක් හදාගන්නත් පුලුවන් ඉතිරි ටිකෙන් වැටකොලු කොස්ස හදාගන්නත් පුලුවන්.
  2. ඇට ටික අරන් දාන්න. ඇට ටික අරන් දාන්නේ මෙහෙමයි. වැටකොලු කරලෙ සිදුරු සටහන් වෙලා තියනවා යන්තමට. විරිදු කියද්දි සිලි බිලි සද්දෙ ඇහෙන්න රබාන හොල්ලන විදිහට වැටකොලු කරලින් අතට තට්ටු කීපයක් දාද්දි ඔය වැටකොලු ඇට ටික සට සට ගාල වැටෙනවා.
  3. පැයක් දෙකක් වතුර බාජනේකට දාල තියන්න.
  4. අරගෙන පිටත තියන පොතු ටික අයින් කරන්න.
  5. දැන් ඔබටත් තියනවා අලුත්ම දිලිසෙන “වැටකොලු කොස්සක්“. ප්‍රීතිවන්න :D

2 comments:

  1. ඕක තවදුරටත් ග්‍රාමිය අපේ කාලේ එකක් නෙමෙයි. අයිකෙයා එකේ හා එකී නොකී හෝම් ඩෙකර් ශොප් වල ෆේමස් ම භාන්ඩයක්.
    අපි දැන් ඉතින් ඒ කාලේඔහොම එකක් දැක්කෙවත් නෑ වගේ මේව අරන් එනවා.
    මට නම් අතීතකාමය

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නං luffa sponge කියලා ගහපුවාම තියෙන්නේ. බලාගන ගියාම වැටකොලු කොස්සත් පොෂ් භාණ්ඩයක් වෙලා ඉවරයි :)

      Delete

අදහස්, උදහස්....

.