Friday, March 18, 2016

ඉත්තෑ ගුරුකං

5 comments
පහුගිය දවසක තීර්ථ යාත්‍රිකයාත් ඇඹේනියත් ගෙදර වත්ත සුද්ද කිරීමේ මහා ශ්‍රමදාන ව්‍යාපාරයක් ආරම්භ කලා. කාලයක් තිස්සේ ගෙදර හරිහැටියට රැඳිලා හිටපු නැති නිසා මුලු වත්තම සම්පූර්ණයෙන්ම වල් බිහිවෙලා ඝර්මකලාපීය මහා වනාන්තතරයක් වගේ වෙලා තිබුනේ. ඉතිං අපි දෙන්නා දැහැමින් සෙමෙන් වත්ත සුද්ද කරාගන කරාගන කරාගන යනකොට එකපාරටම හාමිනේ තීර්ථ යාත්‍රිකයාට කතා කරලා මේ පහල තියෙන භාණ්ඩෙ පෙන්නුවා.

හොඳට ලෙලිගහලා ගානට කට්ට කපලා මූණක් ආකාරයට තිබුන  හින්දා හාමිනේ ගත්කටටම ඇහුවේ මොකක් හරි ගුරුකමක්වත්ද මේ කියලා. තීර්ථ යාත්‍රිකයා දන්නා ආකාරයට නං ගුරුකං වලට බන්ධන වලට ගන්නෙ නවසි ගෙඩි. බැලූබැල්මට නවසි ගෙඩියක් නෙවෙයි වගේ. තව ටිකක් වෙලා සිරි නරඹ නරඹා ඉන්නකොට තමයි තේරුනේ මේක ඉත්තෑවෙක්ගෙ අනගිභවනීය කලාකෘතියක් කියලා :D . අනික් පැතිවල නම් කොහොමද දන්නෙ නෑ හැබැයි මේ පොල් ත්‍රිකෝණෙ ඇතුලෙ ඉන්න ඉත්තෑවො නං පොල් කන්න බොහොම මනාප සත්තු කොට්ඨාසයක්. සමහර වතු වල පැල කරන පොල්ගෙඩිය වල හාරලා අරගන යන්න තරං ඉත්තෑවො පොල් වලට මනාපයි. ඉතිං මෙහෙම අරගෙන යන පොල් ගෙඩිය ඉත්තෑවො හොඳට ලෙලිගහලා කට්ට හාරලා තමයි ආහාරයට ගන්නවා ඇත්තේ. ඕන්න හීලෑ කරගන්න පුලුවන් නං මාලු පොල්වලට කට්ටා පොල් වලට පොල් ලෙලි ගහන්න මිනිහෙක්ව කුලියට ගන්නේ නැතිව ඉත්තෑවො කීපදෙනෙක් දාන්න තිබුනා.

තව ටිකක් දුරට සුද්ද කරගෙන යනකොට ඉත්තෑවගෙ සේෆ් හවුස් එක අපිට හම්බ උනා. අයිතිකාරයා ගෙදර හිටියෙ නැති උනාට ලෙලි ගහපු පොල්, ලෙලි ඇති පදං තිබුනා. අපි ගෙදර හිටපු නැති කාලෙ වැටිච්චි පොල් වලිං සෑහෙන ප්‍රමාණයකට මේ ඉත්තෑ උන්නැහේ වගකියන්න ඇතෙයි කියලා අපිට හිතුනා. ඔන්න ඔහොමයි පිංවතුනි ඉත්තෑ ගුරුකං කතාවස්තුව. එහෙනං අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.. මං ගියා....

5 comments:

  1. Replies
    1. මහන්සියෙන් දෙයක් වගාකරද්දි ඒකට හානියක් උනාම හිතට දැනෙන දුක කියන්න අමාරුයි

      Delete
  2. කොහොමද එහෙම හිල් කරලා තියෙන්නේ? කූරු වලින්ද නැත්නම් උන්ගේ දිව ඒ තරම් දිගයිද?

    ReplyDelete
    Replies
    1. අත් දෙකෙන් අල්ලගන දත්වලින් කියල තමයි දැකල තියන උදවිය කියන්නේ

      Delete

අදහස්, උදහස්....

.