Tuesday, April 16, 2013

ඔබත් අඩි හයේ කල්ලියේද ? Are you six feet tall ?

16 comments
සුභ නව වසරක් වේවා සමස්ත බ්ලොගොස්පියරවාසී හිතවතුන්ට !!!
තීර්ථ යාත්‍රිකයා අයත් වෙන්නේ හයේ හතරේ කුලකයට.පැහැදිලිව කිව්වොත් උස අඩි හයකුත් උචිත මහතිනුත් යුක්තයි.ඉතින්  කියවන ඔබත් අඩි හය හෝ එයට වැඩි උසකින් යුක්ත හයේ හතරේ කල්ලියට අයත් කෙනෙක් නං සහ ජීවත් වෙන්නේ සසිරිබර මෙසිරිලක :D නං මේ කියන්න යන දේවල් ඔබට අමුතු කාරණා වෙන්නේ නැහැ. අඩි හයේ කුලකයට අයත් වීම මොන වගේද ? ඒකෙ හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියනවා.



  • බස්වල ගමනේ යෙදෙන විට බොහෝවිට දණිස් ඉදිරිපස ආසනයේ වැදීම. ඇතැම් බස්වල කොහෙත්ම ඉඳගන යාමට නොහැකිවීම සහ තව සමහරක් බස්වල ඉඳගන හෝ සිටගන යාමට නොහැකිවීම (ඉඳගැනීමට නොහැකි තරම් ලඟින් ආසන සකස්කර තිබීම සහ සිටගත් විට හිස වහලයේ වැදීම නිසා.)
  • දුම්රියවල බස්රිය වල ඇති උස ආසන වලට වඩා ඉහළින් හිස තිබීම නිසා දුර ගමනක් යාමේදී වුවත් හේත්තු වී නිදා ගැනීමට නොහැකිවීම.(මෝටර් රථ වෑන් රථ බොහෝ ඒවායේ මේ ප්‍රශ්නය නැත)
  • කුඩා මෝටර් රථවල ගමන් කිරීමට ඇති අපහසුව. (මරුටි 800 වැනි රථවල හිස වහලයේ ගෑවෙන නොගෑවෙන තරම්ය.)
  • උලුවහු වල වහලවල් වල වැදී හිස පලාගැනීමේ වාසනාව. :D . ලංකාවේ බොහෝ නිවෙස්වල ඇතුලු උලුවහු පිළිඹඳ අවදානයෙන් නොගියහොත් මේ අකරතැබ්බයට මුහුණ දීමට සිදුවේ.දරමැස්සක තහඩු වහලයේ වැදී තීර්ථ යාත්‍රිකයාගේ හිසේ ඇති තුවාල කැලැල තවම මැකී නොමැත.
  •  වැසි දිනයක එළියට යන්නේ නම් ප්‍රවේසම් විය යුතුය.නැතහොත් අනෙක් උදවියගේ කුඩ වල නන මුහුණේ හෝ ඇසේ වැදීමට ඉඩ ඇත.
  • අඩි හයක් උසැති ඊට සරිලන පරිදි මහත ඇත්තෙක් නම් ඔබේ බර අනිවාර්යෙන්ම කිලෝ අසූව ඉක්මවයි.එබැවින් වාඩි වීමේදී, විශේෂයෙන්ම ප්ලාස්ටික් පුටු වල වාඩිවීමේදී ඒවායේ ශක්ති සම්පන්න ස්වභාවය සම්බන්ධයෙන් දල අවබෝධයක් තිබිය යුතුය.නැතිනම් මීට වසර කිහිපයකට පෙර තීර්ථ යාත්‍රිකයාට වූවා මෙන් ප්ලාස්ටික් පුටුවක් කඩාගෙන වැටීමේ භාග්‍ය ඔබට හිමිවීමේ සම්භාවිතාවය බොහෝ වැඩි විය හැකිය.
  • ඇඳුම්,සපත්තු මිලට ගැනීමට යාමේදී බහුතරයක් වෙලඳ සල් වලදී වැඩි තේරීම් වලට ඉඩ නැත. ශරීර ප්‍රමාණයට සරිලන ඉතා අල්පයක් වූ විලාසිතාවන්ගෙන් කැමති ඒවා තෝරාගත හැක. එමෙන්ම වෙලඳ සහායකට ඉණේ ප්‍රමාණය (35+), ටීෂර්ට් ප්‍රමාණය (XXL,17 1/2 හෝ +), සපත්තු වල ප්‍රමාණය (10+) පවසා ඔහුගේ (ඇයගේ) දෙබැම ඉහළ යනු නැරඹිය හැක. :D
  • කහසාරියක් තෝරා ගැනීමේදී කැමති සාධක සියල්ලට අමතරව ශරීර ප්‍රමාණය යන සාධකය තීරණාත්මක වේ. නැතිනම් තත්වය සෝචනීය වීමට ශක්‍යතාවයක් පවතී. (If you know what I mean ;) ). 
  •  සාමාන්‍ය කුඩා ඇඳන් වල නිදාගැනීමේදී දැඟලීමේ ආශ්වාදය ලබාගත නොහැක. ඒ හිස සහ දෙපා ඇඳ විට්ටමේ වදිනා බැවිනි. එමෙන්ම සෝෆා වල සැපට නිදා ගැනීම කල නොහැක.
  • උස මහතින් යුක්ත නිසා පිරිස අතරේ කැපී පෙනේ. එය හොඳ පක්ෂයට මෙන්ම නරක පක්ෂයටද අයත් ලෙස සැලකිය හැක.
  • උස මහතින් යුක්ත නම් හා රලු බැල්මක් ආරූඩ කරගත හැකිනම් කිසිවෙකු ඔබට පහර දීමට පැමිණෙනවා නම් ඒ පිළිඹඳව දෙතුන්වරක් සිතීමට පෙලඹේ.
  • බොහෝ උදවිය කෙනෙකු මනින්නේ පෙනුමින් නිසා උස මහතින් යුක්ත වීම ආත්මාරක්ෂාවට උදව්වේ.
  • නිවැරදි ව්‍යායාමයන්ගෙන් ශරීරය නිසි පරිදි නඩත්තු කරනවා නම් උස මහතින් යුක්ත වීම කෙනෙකුට සම්පතකි. :D
  • ලංකාවෙන් පිටත කෝකේසියන් වරු වාසය කරන රටකට ගිය විට බහුතරයක් ආසියානුවන්ට වන පරිද්දෙන් ඔවුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් ඔබ කුඩා නොවනු ඇති.

ප.ලි
ඇඳුම් ගන්නේ කොළඹින් නම් බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ඩබල් එක්සෙල් හි ඔබට සරිලන ඇඳුම් පැළඳුම් ඇත. එමෙන්ම හවුස් ඔෆ් ෆැෂන් සහ ඔඩෙල් හිද සමහර CIB ආයතනවලද විශාල ඇඳුම් පැළඳුම් ඇත.
Read More...

Wednesday, April 3, 2013

Huawei 8650 රූට් කිරීමේ පියවරයන්. How to root huawei sonic 8650

2 comments
පහුගිය ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කිරීම ගැන පසුබිම් කතාව කලා. මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් කතාකරන්න යන්නේ  Huawei 8650 (Sonic)  වර්ගයේ දුරකතනයක් රූට් කරගැනීම තීර්ථ යාත්‍රිකයා සිදු කල ආකාරයයි.

Read More...
.