Wednesday, February 20, 2013

තීර්ථ යාත්‍රාව තෙවර්ෂ පූරණය

10 comments
තීර්ථ යාත්‍රිකයා, අපමණ වූ වෙබ් සයුරේ යාත්‍රාකරන්නාවූ  තීර්ථ යාත්‍රාව බ්ලොගයට 2013 නවම් මාසයට තෙවර්ෂක් පූරණය වූ බව බ්ලොගොස්පියර වාසී මිතුරන්ටත් , සමස්ත පාඨක ජනතාවටත් හදපිරි සතුටින් දැනුම් දෙමි......

*********************************************************************************
තීර්ථ යාත්‍රිකයා බ්ලොග්කරණයට පැමිණිය හැටි සහ ඉතිහාසය තීර්ථ යාත්‍රාවට දෙවර්ෂ පූරණය සිදුවූ පසු ලිවූ
බ්ලොග්කරණයේ දෙවසරක්“  ලිපියේ සඳහන් වන බැවින් නැවත ඒ පිළිඹඳ ලිවීම අනවශ්‍ය යැයි සිතමි...
Read More...

Tuesday, February 12, 2013

හුදෙකලා චාරිකා

11 comments
ගමේ නොගිහිං කොළඹ ඉන්න සති අන්තය කම්මැලියි. සති අන්තෙට කොළඹ හිටියොත් ගොඩක් වෙලාවට කරන්නේ කොහේ හරි රස්තියාදුවක යන එක. කැමරාව සයිඩ් එකට එල්ලං හොඳ දර්ශනයක් හොයාගන ඉබාගාතේ යද්දි සමහර වෙලාවට ආරක්ෂක අංශවල උදවිය අහන්නේ “මහත්තය මීඩියාද කියලා“ . නැහ් කියල කිව්වාම කිසිම අවුලක් නැතිව ගියෑකි. හේතුව නං දන්නෑ ඒත් පේන විදිහට නං ආරක්ෂක අංශ මාධ්‍ය ක්ෂේත්‍රයේ උදවියට කැමැත්තක් නැති හැඩයි. එතකොට තමයි හිතෙන්නේ හොඳ වෙලාවට තමයි මාද්‍යකාරයෙක් නොවුනේ කියලා.

කොළඹ කියන්නේ අපූරු නගරයක්. හොඳ පැත්තෙන් වගේම නරක පැත්තෙනුත් හැම දෙයක්ම තියනවා. විවිදාකාර සිද්දි ,විවිදාකාර තැන,විවිදාකාර ජාතියේ උදවිය ගේ සම්මිශ්‍රණයක්. වේලාසන දාගත්ත රස්තියාදු චාරිකාවට එන්න හිටපු එකාගේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුකොටගෙන කම්මැලි සහගත ,සහ උදාසීන බවින් පිරිච්චි ඒ ඉරිදා දවසේ හිටි අඩියේ ආපු “මසාල තෝසෙ“ බඩගින්නක් නිසා කොළඹ නගරයේ මගේ ප්‍රියතම නිර්මාංශ අලවිහලක් වෙච්චි බම්බලපිටියේ “සරස්වතී ලොජ්“ වෙතට යන්න මම එලියට බැස්සා දොලහ හමාරට. ඇයි බම්බලපිටියටම ? .... විශේෂයක් නෑ..ඒත් මූදුබඩ පැතිවලට මං ආසයි......

Read More...
.