Monday, July 29, 2013

ක්‍රිප්ටෝනියානුවන්ගේ පුනරාගමනය Man of Steel 2013

8 comments

ක්‍රිප්ටෝනියානු නටඹුන් අතරින් සුපර් මෑන් ආයෙත් ඇවිල්ලා. ඒ මෑන් ඔෆ් ස්ටීල් (Man of steel) 2013 චිත්‍රපටිය තුලින්. බලාපොරොත්තු වුන විදිහටම තාක්ෂණික ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ප්‍රයෝග රැසක් සමඟින්. නමුත් කතාවේ ගලායාම නම් බලාපොරොත්තු කඩ කරවන සුලු බවයි තීර්ථ යාත්‍රිකයාගේ පුද්ගලික මතය. ඒ වගේම මෙම චිත්‍රපටයේදී සුපර්මෑන් යට ඇඳුම නිවැරදිව ඇඳීමට ඉගනගෙන තිබෙනවා :D .


  •  ඇමරිකානු පාලනය කිසිදු ප්‍රතිරෝධයකින් තොරව ක්ලාර්ක් කෙන්ට් (සුපර් මෑන්) ජෙනරාල් සොඩ් ට බාර දීම.
ජෙනරාල් සොඩ් පෘථිවියට පැමිණ ක්ලාර්ක් කෙන්ට්ව තමන්ට බාර දෙන ලෙසට තර්ජනය කිරීමක් සිදුකරන්නේ ලොව පුරා රූපවාහිනී විකාශයන්ට බාධාවක් ඇතිකරමින් ඒ හරහා තමන්ගේ විකාශය සිදු කරමින්. ඒ හැරෙන්නට පෘථිවියට ඔහු පහර දීමක් හෝ තම බලය පෙන්වීමක් සිදුකරන්නේ නැහැ. එබඳු පසුබිමක් තුල ඇමරිකානු පාලනය කිසිදු කතාවකින් හො ප්‍රතිරෝධයකින් තොරව සුපර්මෑන්ව ජෙනරාල් සොඩ්ට භාරදීමට තීරණය කිරීම ඒ හැටි ගැලපීමක් නැහැ. එමෙන්ම සියලු වැදගත් තීරණ ගැනීමේදී පෙන්වන්නේ එකම හමුදා නිලධාරීන් පිරිසක් පමණයි. ඇමරිකානු ජනපතිවරයා හෝ ආරක්ෂක ලේකම් හෝ එක්සත් ජනපදය සතු අකුරු තුනේ ඒජන්සිවල ප්‍රධානීන් බඳු ජාතිකාරක්ෂාවට අවශ්‍ය තීරණාත්මක තීරණ ගැනීමේදී  වැදගත්ම චරිත නොසලකාහැරීමකට ලක්කොට තිබෙනවා.

  • ජනරාල් සොඩ්ගේ නියෝජිතවරිය ක්ලාර්ක් කෙන්ට් සමඟ ලුයිස් ලේන්වද තමන්ට භාරදෙන ලෙස කීම.
ක්ලාක් සහ ලුයිස්ගේ අතර සම්බන්ධයක් ක්‍රිප්ටෝනියාවන් දන්නේ නැහැ. හේතුවක් නැතිව නිකම් හිතුමනාපයට නොදන්නා පෘථිවි වාසියෙක් තම යානයට රැගෙන යාමට ජෙනරල් සෝඩ්ට ඇති ඇඟේ අමාරුව කුමක්ද ?  “ලුයිස් ක්‍රිප්ටෝනියන් යානයට ගෙනයාම“ සිද්ධිය කතාව වෙනස් කිරීමට ප්‍රභල ආකාරයෙන් දායක වෙනවා. නමුත් ඇයව යානාවට ගෙනයාමට ප්‍රභල හේතුවක් නැහැ.
 
  • ක්‍රිප්ටෝනියාවන්ගේ සහ ක්ලාක් කෙන්ට්ගේ ගැටුම්වලින් සිදුවන මහා ජන සංහාරය සහ දේපල විනාශය. 
සුපර්මෑන් කියන්නේ වීරයෙක්, දුබලයින් පීඩාවලින් ගලවාලන්නෙක්, ඔහුගේ පපුවේ තිබෙන්නේ බලාපොරොත්තුවේ සංකේතය. නමුත් ඔහු සහ සොඩ් අතර සටන නිසා ජීවිත මෙන්ම දේපලද විශාල සංඛ්‍යවක් විනාශවෙනවා. කෙන්ට් ට අවශ්‍යතාවයක් තිබුනා නම් ඔහුට හැකියාව තිබෙනවා සොඩ් සමඟ සටන ජන ශුන්‍ය කලාපයකට රැගෙන යාමට.නමුත් ඒ වෙනුවට ඔහු කරන්නේ අධිජනාකීර්ණ ප්‍රදේශයක සොඩ් සමඟ සටන් කිරීමයි. (සොඩ් සහ කෙන්ට් අතර පළමු සටන). ක්‍රිප්ටෝනියානුවන්ගේ World Engine සහ පහරදීම් නිසා විශාල ප්‍රමාණයක් ජනයා මිය යනවා. එමෙන්ම හමුදාව සතු ගුවන් යානා විනාශවෙනවා. කෙන්ට්ද මේ අවස්ථා දකිනවා. නමුත් අන්තිම මොහොතේදී මිනිසුන් කිහිපදෙනෙකු විනාශකිරීමට සොඩ් උත්සාහ දරන වෙලාවේදී එය  නැවැත්වීමට කෙන්ට් හැඟීම්බර වන ආකාරයෙන් දහයෙන් පංගුවක් වත් කෙන්ට් උක්ත අවස්ථාවන්හිදී දක්වන්නේ නැහැ.
 
  • ලුයිස් ලේන් අන්තිම මොහොතේදී කෞතුකාගාරය තුලට ඉන්ද්‍රජාලයකින් මෙන් පැමිනීම.
සොඩ් සහ කෙන්ට් අතර සටන කිලෝමීටර් ගණනාවක් පුරාපැතිරී යනවා. අන්තිම මොහොතේදී කෙන්ට් සෙඩ් මරාදමන්නේ කෞතුකාගාරයක් ඇතුලේ. එය පිහිටාතිබෙන්නේ World Engine  හි ක්‍රියාකාරීත්වය නිසා විනාශනොවූ ගොඩනැඟිලි පිහිටි ප්‍රදේශයක. නමුත් World Engine තිබූ තැනම නටඹුන් ගොඩේ සිටින ලුයිස් අන්තිම මොහොතේදී කෞතුකාගාරය තුලට පැමිනෙනවා. 

මෙබඳු ආකාරයේ නොගැලපෙන ස්ථාන රාශියක්ම සුපර්මෑන් නවතම චිත්‍රපටියේ තිබෙනවා. නමුත් ඒ සුපර්මෑන්, කොහොමද අහක දමන්නේ.. ඒ නිසා තීර්ථ යාත්‍රිකයා දෙවරක්ම එය නැරඹුවා.  :D

ප.ලි : වැල්ලවත්තේ සැවොයි 3D වල තාම මෑන් ඔෆ් ස්ටීල් තිරගත වෙනවා.
 
 

8 comments:

  1. Adamayi goda wadune mehata......Mulu film eka purawatama thiyenne building kudu pattam wena seen witharai neda..........?

    ReplyDelete
    Replies
    1. තීර්ථ යාත්‍රාවට සාධරයෙන් පිළිගන්නවා. චිත්‍රපටියේ අන්තිම අර්ධය පුරාවටම තිබෙන්නේ ගොඩනැඟිලි සුනුවිසුණු වීම් :D

      Delete
  2. බලපන් මම සුපර්මෑන් බලන්න යන්න ආසාවෙන් හිටියේ. හිත කැඩුනනේ. දැන් නිකම් බෑ බෑ වගේ!!

    ReplyDelete
    Replies
    1. :D සුපර්මෑන්ව අහක දාන්න එපා මචෝ. මොනව වුනත් සුපර්මෑන්නෙ :D

      Delete
  3. සැවෝයි එකේ බලන්න තිබුණ අවස්ථාවල් දෙකක්ම නැති වුණා වෙන වෙන වැඩ නිසා. දැන් බලාපොරෙත්තුව හොඳ ටොරන්ට් එකක්. මේ ගැන තියෙන රිවීව් නම් ඒ තරං පොළඹවන සුළු නෑ. නමුත් සුපර් මෑන් අතරින්න පුළුවන් මනුස්සයෙක් නෙවෙයිනේ...

    ReplyDelete
    Replies
    1. කතාවේ ගලායාම අවුල් වුනාට ආදායම අතින් නම් සුපර්මෑන් අති සාර්ථක වෙන බවකුයි පේන්නේ. ඒ අපි වගේ “කොහොමද අහක දාන්නේ “ කියල යන උදවිය හින්දා වෙන්න ඇති.

      Delete
  4. පරණ පෝස්ට් වලට දැන් දාන කොමෙන්ට්ස් වලංගුද මන්ද හෙහ් හෙහ්.. මටත් එච්චර අල්ලලා ගියේ නෑ.. දැන් දැන් හැදෙන සුපර් හීරෝ කතා වල කොම්පියුටර් ජිල්මාට් විතරයි කතාවේ ගත යුත්තක් නෑ... අඩුම තරමේ ටිකක් නැගල යන මියුසික් කෑල්ලක්, ඔය මොකක් හරි දෙපිට කැපෙන කතාවක් වත් නෑ.. ඒත් ඉතින් එකක්වත් අතාරින්නෙ නැතුව මම නම් බලන්න යනවා..

    ReplyDelete
    Replies
    1. මම කමෙන්ට් මොඩරේට් කරලා තියාගන හින්දා කමෙන්ට් මිස් වෙන්නෙ නෑ. :)
      අවංකව කියනවා නං ඔය ඇවෙන්ජර්ස්, කැප්ටන් ඇමරිකා , රොබෝ කොප් ජාතියේ කතාවලට මගේ එච්චර මනාපයක් නෑ. ඒත් ඉතිං චිත්‍රපටි පිස්සෙක් හින්දා අත නෑර බලනවා.

      Delete

අදහස්, උදහස්....

.