Saturday, May 11, 2013

පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා !!!

7 comments
පාර්ලිමේන්තුව ඇතුලට සඳ පායනවා
සඳ එළියට පිස්සු හැදිල බල්ලො බුරනවා
සිංහ පැටව් වාගේ බුරනවා
බල්ලො හඳට යන්න හදනවා........

අජිත් කුමාරසිරි ගැන මුලින්ම දැක්කෙ චමිල ලියපු ලිපියකින් . හොයාගන සින්දුවක් දෙකක් අහන්නං කියල හිටියත් ඒක හිමීට අමතක වෙලා ගියා. පහුගිය දවසක ඕක ආයෙ මතක් වෙලා You Tube වල හොයද්දි සිංදු ලිස්ට් එකක්ම හම්බවුනා.  ඔහුගෙ හඬ ගොරහැඩියි , බැරැන්ඩියි,  සින්දුවල ගීතවත් භාවය අඩුයි රලු ගතියක් තියෙන්නේ, අමුතුම ශෛලියක්. නමුත් මොකද්දෝ කියන්න බැරි හේතුවක් නිසා ඒ ශෛලිය මගේ හිත ගත්තා. 
සංගීතය සහ සින්දුවල තියෙන ලස්සන කියන දේ පුද්ගලානුබද්ධයි. ඒක එකිනෙකාගෙ රසඥතාවය අනුව වෙනස් වෙනවා. “ඔයා නිසා හඬලා, මගේ ඇසුත් රිදුනා... එහෙමත් නැත්තං සුදු අරලියා මල ... පිපුනේ ඇයි තනිව...“ වගේ සින්දු සමහර අයට lame නැත්තං චොකා සිංදු වෙද්දි  තවත් සමහරකට සුපර් හිට්ස් වෙන්නේ ඒකයි. විවිදාකාර සින්දු, ගායන ශෛලීන් අතර අතර අජිත් කුමාරසිරිගෙ තැන කොතනද ? ඒක හරියටම කියන්න අමාරුයි. ලංකාව ඇතුලෙ උනත් ඔහු ගොඩක් ප්‍රසිද්ධ චරිතයක් නෙවෙයි නමුත් අජිත්ට ප්‍රිය කරන රසික සමාජයක් ඉන්නවා.

දැං බල්ලන්ට හරි ජයයි...
අපි බල්ලන්ට හරි බයයි..
මේ බල්ලො සුද්දන්ට බයයි...
අපි සුද්දන්ට ණයයි....

අජිත් කුමාරසිරිගෙ ශෛලියට ටිකක් හරි ළඟින් යන සින්දුවක් විදිහට මම දැකල තියෙන්නේ අමිල සඳරුවන්ගේ “ජෝන් සීනා අපෙ පොඩි එකාට ගහලා“ විතරයි. නමුත් ඒ ගැලපීම යන්තමින් හරි තියෙන්නේ මතුපිටින් විතරයි,  අජිත්ගෙ සිංදු වල තිබෙන තියුණු උපහාසයට, ප්‍රභල පහර ගැසීමට සහ යටින් මතු කරන ප්‍රබල කතාන්දරය ඒ විදිහට මතුකරන සිංහල සින්දු බොහෝම අල්පයි. ඔහුගෙ සමහර සින්දු වලින් ඔහු මතුකරන්න යන දේට මම පුද්ගලිකව එකඟ නැති වුනත් ඔහු සමාජයේ වැදෙන්න ඕන තැන් වලට වදින්න ගහන හැටි නම් හරිම අපූරුයි. ඒ හින්දම මම ඔහුගෙ ගීත ප්‍රිය කරනවා.

කනකොට වල් ඌරො ලස්සනයි
කනකොට කුකුල්ලු හුඟක් ලස්සනයි
කනකොට රටත් ... කනකොට රටත් ලස්සනයි


7 comments:

  1. අන්න නියම සිංදු !! කාලීනයි

    ReplyDelete
  2. සින්දු ටික මෙතන!
    http://www.mediafire.com/?myodw4dnco2

    ReplyDelete
  3. @ ලංකාප්‍රිය අයියා
    ඇත්ත. ඒ සින්දුවලින් ගොඩක් කතාකරන්නේ අපි ජීවත් වෙන මේ සමාජය ගැන.

    @ hare
    ස්තුතියි හරේ අයියා.

    ReplyDelete
  4. සිංදු ලස්සන විය යුතුයි..නිර්මාන කියන දේ තුලල තියෙන්නෙ ඕනි ලස්සන සහ සුන්දරත්වය විතරයි කියන දේ කැඩෙනවා අජිත්ෙග් සිංදු හරහා..

    ReplyDelete
  5. තේරුම් ගන්න පහසුයි, බස සරලයි, සමාජයේ එක්තරා පැතිකඩක් පෙන්වනවා..ස්තූතියි බෙදා ගත්තට..

    ReplyDelete
  6. ඔය කියන ගායකයාගේ සිංදු මම අහලම නැහැ!
    ඔත්තුව දුන්න හින්දා හොයලා අහලම බලන්න ඕන!

    ReplyDelete
  7. @ අමිල
    අජිත්ගේ සිංදුවලට මිහිරි සංගීතය කියන්න අමාරුයි. ඒත් ඒවා ටිකක් අමුතුයි.

    @ අනිත් කොන
    ස්තුතියි.

    @ මඩිස්සලේ නිශාන්
    අහල බලන්න. වෙනස්ම ආරයේ සිංදු

    ReplyDelete

අදහස්, උදහස්....

.