Wednesday, April 3, 2013

Huawei 8650 රූට් කිරීමේ පියවරයන්. How to root huawei sonic 8650

2 comments
පහුගිය ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කිරීම ගැන පසුබිම් කතාව කලා. මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන් කතාකරන්න යන්නේ  Huawei 8650 (Sonic)  වර්ගයේ දුරකතනයක් රූට් කරගැනීම තීර්ථ යාත්‍රිකයා සිදු කල ආකාරයයි.


Huawei 8650 ට මෙහෙයුම් පද්ධතිය වශයෙන් ලැබෙන්නේ ජින්ජර්බ්‍රෙඩ් (2.3.3) . පසුව ඔවුන් යාවත්කාලීන කිරීමක් ලබාදුන්නා 2.3.5 වලට. තීර්ථ යාත්‍රිකයාගේ දැනීමේ හැටියට මෙම දුරකතනය රූට් කිරීමට ආකාර කීපයක්ම  තිබෙනවා.  Clock work mod recovery භාවිතය සහ Super One Click භාවිතය තමයි වඩාත්ම ජනප්‍රිය ක්‍රම. මෙයින් වඩා ලේසි දේ තමයි Super One Click බාවිතා කිරීම. අනික් ක්‍රමය අමාරු නැහැ.නමුත් දෙවනි ක්‍රමය පළමු ක්‍රමයට වඩා පහසුයි සරලයි.

අවවාදයයි.
  1. රූට් කිරීමෙන් ඔබගේ දුරකතනයේ වගකීම් සහතිකය අවලංගු වේ.
  2. රූට් කිරීමට යාමේදී ඔබගේ දුරකතනය, නිසි පරිද්දෙන් වැඩ නොකිරීමේ තත්වයට හෝ කොහෙත්ම ක්‍රියා නොකිරීමේ තත්වයට පත්වීමේ සම්භාවිතාවක් ඇත.
  3. රූට් කිරීමට භාවිතා කරන තෙවන පාර්ශවීය මෘදුකාංග වලින් ඔබේ  පරිගණකට හෝ (හා) ජංගම දුරකතනයට හානි වීමේ සම්බාවිතාවයක් ද ඇත.
  4. උක්ත හානි සම්බන්ධයෙන් ලියුම් කරු වගකියනු නොලැබේ.
අවශ්‍ය ද්‍රව්‍ය  :D
  1.  Huawei Sonic 8650 එලවුම් (ඩ්‍රයිවරස් :D)  පරිගණකයේ ස්ථාපනය කර තිබීම. (Drivers අවශ්‍ය නම් මෙතනින් ලබාගත හැක).
  2. Super One Click මෘදුකාංගය. (මෙතනින් ලබා ගත හැක)
  3.  Settings ->Applications වල Fast Boot යෙදුම අහෝසි කර තිබීම. (Deactivate)
  4.  Settings -> Applications->Development හි USB debugging යෙදුම සක්‍රීය කර තිබීම.(Activate)
  5.  මෙමරි කාඩ් පත ඉවත්කරතිබීම.(වැඩි හොඳට).
 ක්‍රමය :
  1.  පරිගණකයට අවශ්‍ය ඩ්‍රයිවර්ස් ස්ථාපනය කරන්න.
  2. Super One Click මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කරන්න.
  3. දුරකතනයට පහත කේතය ඇතුලු කරන්න.  * # * # 2846579 # * # *
     එවිට ස්වයංක්‍රීයවම විශේෂ මෙනුවකට පිවිසේ. එම මෙනුවෙන් පහත පරිදි තේරීම් කරන්න.
    Project Menu -> background settings -> log settings ->  log switch
    log switch On කර පසුව රීස්ටාට් කිරීම.
     
  4. ඉන්පසුව ඇත්තේ රට කජු කනවාක් බඳු පහසු කාර්යයක්. Super One Click ධාවනය කර දුරකතනය USB කේබලය ආධාරයෙන් පරිගණකයට සම්බන්ධ කර Root බටනය ඔබා බලා සිටීම පමණයි. මිනිත්තු කීපයක් ඇතුලත දුරකතනය රූට් වීම සිදුවේ. රූට් වූ බව ඇලට් එකකින් ලැබෙනු අතර “රූට් විධානයක් දුරකතනයට යවන්නදැයි“ Super one click විමසයි. එයට ඔව් හෝ නෑ කීම ඔබේ කැමැත්ත පරිදි සිදු කල හැකියි.
  5. අනතුරුව මෙනුවෙන් පිරික්සන විට ඔබට Super User නම් නවතම මෘදුකාංගයක් දුරකතනයේ ස්ථාපනය වී තිබෙනු දක්නට හැකි වේවි.
දැන් දුරකතනය රූට් කර තිබෙන නිසා රූට් විධාන භාවිතා කිරීම කල හැකියි. Super User මෘදුකාංගය තිබෙන්නේ අපි නොදැනුවත්වම රූට් විධානයක් ධාවනය වීම නැවැත්වීමටයි. මොකද කියනවා නම් රූට් විධාන මඟින් සැලකිය යුතු යමක් කිරීමේ හැකියාව පැවතීම නිසයි. එම නිසා යම් මෘදුකාංගයක් රූට් විධානයක් නිකුත් කරනවා නම් Super User මඟින් අපෙන් විමසනවා ඒ සඳහා අවසර දෙන්නද කියා. ඒ දේ දුරකතනයේ ආරක්ෂාවට හොඳයි.

ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් Root Checker භාවිතා කර දුරකතනය රූට් වී ඇතිදැයි පරීක්ෂාකර ගැනීමට පුලුවනි. මීළඟ ලිපියෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය රූට් කිරීමෙන් පසු එහි කාර්යක්ෂමතාවය වැඩි කරගැනීමට ගත් පියවරයන් සහ කල වෙනස් කම් ගැන ලිවීමට බලාපොරොත්තු වෙනවා...


2 comments:

  1. Super One Click ගොඩක් දුරකතන වලට සහාය දක්වනවා. පොඩ්ඩක් හොයලා බැලුවා නම් හොඳයි.

    ReplyDelete

අදහස්, උදහස්....

.