Tuesday, April 16, 2013

ඔබත් අඩි හයේ කල්ලියේද ? Are you six feet tall ?

16 comments
සුභ නව වසරක් වේවා සමස්ත බ්ලොගොස්පියරවාසී හිතවතුන්ට !!!
තීර්ථ යාත්‍රිකයා අයත් වෙන්නේ හයේ හතරේ කුලකයට.පැහැදිලිව කිව්වොත් උස අඩි හයකුත් උචිත මහතිනුත් යුක්තයි.ඉතින්  කියවන ඔබත් අඩි හය හෝ එයට වැඩි උසකින් යුක්ත හයේ හතරේ කල්ලියට අයත් කෙනෙක් නං සහ ජීවත් වෙන්නේ සසිරිබර මෙසිරිලක :D නං මේ කියන්න යන දේවල් ඔබට අමුතු කාරණා වෙන්නේ නැහැ. අඩි හයේ කුලකයට අයත් වීම මොන වගේද ? ඒකෙ හොඳ පැත්ත වගේම නරක පැත්තකුත් තියනවා.



  • බස්වල ගමනේ යෙදෙන විට බොහෝවිට දණිස් ඉදිරිපස ආසනයේ වැදීම. ඇතැම් බස්වල කොහෙත්ම ඉඳගන යාමට නොහැකිවීම සහ තව සමහරක් බස්වල ඉඳගන හෝ සිටගන යාමට නොහැකිවීම (ඉඳගැනීමට නොහැකි තරම් ලඟින් ආසන සකස්කර තිබීම සහ සිටගත් විට හිස වහලයේ වැදීම නිසා.)
  • දුම්රියවල බස්රිය වල ඇති උස ආසන වලට වඩා ඉහළින් හිස තිබීම නිසා දුර ගමනක් යාමේදී වුවත් හේත්තු වී නිදා ගැනීමට නොහැකිවීම.(මෝටර් රථ වෑන් රථ බොහෝ ඒවායේ මේ ප්‍රශ්නය නැත)
  • කුඩා මෝටර් රථවල ගමන් කිරීමට ඇති අපහසුව. (මරුටි 800 වැනි රථවල හිස වහලයේ ගෑවෙන නොගෑවෙන තරම්ය.)
  • උලුවහු වල වහලවල් වල වැදී හිස පලාගැනීමේ වාසනාව. :D . ලංකාවේ බොහෝ නිවෙස්වල ඇතුලු උලුවහු පිළිඹඳ අවදානයෙන් නොගියහොත් මේ අකරතැබ්බයට මුහුණ දීමට සිදුවේ.දරමැස්සක තහඩු වහලයේ වැදී තීර්ථ යාත්‍රිකයාගේ හිසේ ඇති තුවාල කැලැල තවම මැකී නොමැත.
  •  වැසි දිනයක එළියට යන්නේ නම් ප්‍රවේසම් විය යුතුය.නැතහොත් අනෙක් උදවියගේ කුඩ වල නන මුහුණේ හෝ ඇසේ වැදීමට ඉඩ ඇත.
  • අඩි හයක් උසැති ඊට සරිලන පරිදි මහත ඇත්තෙක් නම් ඔබේ බර අනිවාර්යෙන්ම කිලෝ අසූව ඉක්මවයි.එබැවින් වාඩි වීමේදී, විශේෂයෙන්ම ප්ලාස්ටික් පුටු වල වාඩිවීමේදී ඒවායේ ශක්ති සම්පන්න ස්වභාවය සම්බන්ධයෙන් දල අවබෝධයක් තිබිය යුතුය.නැතිනම් මීට වසර කිහිපයකට පෙර තීර්ථ යාත්‍රිකයාට වූවා මෙන් ප්ලාස්ටික් පුටුවක් කඩාගෙන වැටීමේ භාග්‍ය ඔබට හිමිවීමේ සම්භාවිතාවය බොහෝ වැඩි විය හැකිය.
  • ඇඳුම්,සපත්තු මිලට ගැනීමට යාමේදී බහුතරයක් වෙලඳ සල් වලදී වැඩි තේරීම් වලට ඉඩ නැත. ශරීර ප්‍රමාණයට සරිලන ඉතා අල්පයක් වූ විලාසිතාවන්ගෙන් කැමති ඒවා තෝරාගත හැක. එමෙන්ම වෙලඳ සහායකට ඉණේ ප්‍රමාණය (35+), ටීෂර්ට් ප්‍රමාණය (XXL,17 1/2 හෝ +), සපත්තු වල ප්‍රමාණය (10+) පවසා ඔහුගේ (ඇයගේ) දෙබැම ඉහළ යනු නැරඹිය හැක. :D
  • කහසාරියක් තෝරා ගැනීමේදී කැමති සාධක සියල්ලට අමතරව ශරීර ප්‍රමාණය යන සාධකය තීරණාත්මක වේ. නැතිනම් තත්වය සෝචනීය වීමට ශක්‍යතාවයක් පවතී. (If you know what I mean ;) ). 
  •  සාමාන්‍ය කුඩා ඇඳන් වල නිදාගැනීමේදී දැඟලීමේ ආශ්වාදය ලබාගත නොහැක. ඒ හිස සහ දෙපා ඇඳ විට්ටමේ වදිනා බැවිනි. එමෙන්ම සෝෆා වල සැපට නිදා ගැනීම කල නොහැක.
  • උස මහතින් යුක්ත නිසා පිරිස අතරේ කැපී පෙනේ. එය හොඳ පක්ෂයට මෙන්ම නරක පක්ෂයටද අයත් ලෙස සැලකිය හැක.
  • උස මහතින් යුක්ත නම් හා රලු බැල්මක් ආරූඩ කරගත හැකිනම් කිසිවෙකු ඔබට පහර දීමට පැමිණෙනවා නම් ඒ පිළිඹඳව දෙතුන්වරක් සිතීමට පෙලඹේ.
  • බොහෝ උදවිය කෙනෙකු මනින්නේ පෙනුමින් නිසා උස මහතින් යුක්ත වීම ආත්මාරක්ෂාවට උදව්වේ.
  • නිවැරදි ව්‍යායාමයන්ගෙන් ශරීරය නිසි පරිදි නඩත්තු කරනවා නම් උස මහතින් යුක්ත වීම කෙනෙකුට සම්පතකි. :D
  • ලංකාවෙන් පිටත කෝකේසියන් වරු වාසය කරන රටකට ගිය විට බහුතරයක් ආසියානුවන්ට වන පරිද්දෙන් ඔවුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් ඔබ කුඩා නොවනු ඇති.

ප.ලි
ඇඳුම් ගන්නේ කොළඹින් නම් බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ඩබල් එක්සෙල් හි ඔබට සරිලන ඇඳුම් පැළඳුම් ඇත. එමෙන්ම හවුස් ඔෆ් ෆැෂන් සහ ඔඩෙල් හිද සමහර CIB ආයතනවලද විශාල ඇඳුම් පැළඳුම් ඇත.

16 comments:

  1. තීර්ථ යාත්‍රිකයා එහෙනං හයේ හතරේ පොරක්.. හ්ම්ම්. බස් එකේ හිටං යනකොට කෙල්ලංගෙ ඔලු ඉඹිනවා ඇති යහමින්..

    ReplyDelete
  2. ඔය අඩි හයේ ඩයල් වලට කාන්තා පක්ෂයේ ඉල්ලුම වැඩියි

    ReplyDelete
  3. IQ = 1/height

    Therefore,
    'අඩි හයේ ඩයල් වලට කාන්තා පක්ෂයේ ඉල්ලුම වැඩියි'

    ReplyDelete
  4. Ya you are damn right.... I am 5'8.5 tall. I am a girl. so imagine the situation I face in Sri Lanka when I am there for vaccation, luckily I live in overseas....

    ReplyDelete
  5. හපෝ මචන් කියලා වැඩක් නැ. ඔය කියපු හැම දෙයක්ම අඩු වැඩියෙන් අත්දැකලා තියනවා. ත්‍රීවීල් එහෙම එලවන්න ගියහම හයියෙන් අඬන්න හිතෙනවා අප්පා. බ්රේක් එක පගුවොත් දනිහ හැන්ඩ්ල් එකේ වදිනවා. ඉස්සර තිබ්බ කහපාට ලටෙක් බස් දකින කොට කේන්ති යනවා පිටිපස්ස සීට් එකේ මැද ඇරෙන්න කිසිම සීට් එකක ඉඳගන්න බැ. මම දැන් ඉන්න රටේ 90% විතර 5.5 ට අඩු එවුන් හැමෝම අහනවා ඇයි ඔහොම අපිළිවෙලට නොගැලපෙන ඇඳුම් අඳින්නේ කියලා. අපිනේ දන්නේ මෙහෙම හරි විලි වහගන්න වස්ත්‍රයක් හොයා ගන්න තියන අමාරුව. එකෙක්වත් එන්නේ නැ ඇඳුමක් ගන්න යන්න උදවු කරන්න. ලංකාවේදීත් සපත්තු දෙකක් සෙරෙප්පු දෙකක් ගන්න ගියොත් කියන්නේ මහියංගන ,හරි පොළොන්නරු හරි යන්නලු සපත්තු හොයන්න. කිසි දවසක ආසා කරන ස්ට්ය්ලේ එකකට ඇඳුමක් නම් අඳින්න බැ බැ බෑ ....

    ReplyDelete
  6. මචන්, 5`11 වගේ අයව මේ කල්ලියට ගන්නේ නැද්ද? :) සික්..තව අඟලයි අඩු.. මේ ඒක නෙවෙයි ඔය හයේ හතරේ පොරවල් කියනකොට 6යි 4යි කියන්නේ මොනවද? උස 6 කියල හිතුවත් 4 කියන්නේ මොකක් ද?

    ReplyDelete
  7. @ සරත් ලංකාප්‍රිය
    :D මම සාමාන්‍යයෙන් සෙනඟ පිරිච්චි බස්වල යන්න අකමැතියි ලංකාප්‍රිය අයියා. කරන්නම දෙයක් නැති උනොත් ඇරෙන්න සෙනඟ පිරුණ බස්වල යන්නෑ.

    @ Charmie Guruge | චාමි ගුරුගේ
    :D අන්න තවත් හොඳ පක්ෂයට අයිති දෙයක් :D

    @Anonymous
    Just google for correlation between height and intelligence,you'll see.

    @Anonymous
    කාන්තා පක්ෂය උසින් වැඩි වුනාම ලංකාවෙ කට්ටිය ටිකක් අමුතු විදිහට තමා බලන්නේ. මොනා කරන්නද ඉතිං.

    @ itnishantha
    Very true. :D ලටෙක් බස් ගැන නම් කතාකරන්න එපා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ තිබුනෙම ඔව්වා.ඉතිං හැමදාම හිටගෙන. :(

    ReplyDelete
  8. @ පැතුම් හේරත්

    :D . ඇත්තම කතාව කිව්වොත් මාත් හරියටම දන්නෙ නැහැ. නමුත් සාමාන්‍ය භාවිතයේදී හයේ හතරේ උදවිය කියල කියන්නේ උස මහත දේහදාරී අයට නිසයි ඒ යෙදුම භාවිතයට ගත්තේ

    @ දිනුක
    :D

    ReplyDelete
  9. hayai hatara kiyanna adi 6 , riyan nam 4y, math 6/4 ekek ;)

    ReplyDelete
  10. හය කියන්නේ අඩි හය, හතර කියන්නෙ රියන් හතර මම දන්න විදියට. රියනක් අඩි එක හමාරයි, ඒ කියන්නෙ රියන් හතර අඩි හයයි, එහෙම බැලුවම ඒ දෙකින්ම කියන්නෙ අඩි හයක උසක් ගැන

    ReplyDelete
  11. මගෙ නම් ඉතිං උස විතරයි :D රෝසා බස් වල හිටං නම් යන්න බැ. ඇයි ‍ටාටා බඩි.
    උලුවහු වලදී නම් මමත් දන්නෙම නැතුව පාත් වීගෙන යන්නේ.. කලාතුරකින් තමා ඔලුව වදින්නෙ.. :D හැබැයි උසේ වාසි නැතුවමත් නෙමෙයි.. පල්ලෙහා හොදට පේනවනෙ :D :D :D

    ReplyDelete
  12. @Anonymous දෙන්නටම

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට, දැන් තමා හරියටම දැනගත්තේ.

    @Kanishka | කණියා
    :D දැන් නම් මාත් ස්වයංක්‍රීයවම ඔලුව පාත් කරගෙන යන්න පුරුදු වෙලා තියෙන්නේ. :D

    ReplyDelete
  13. haya hathara kiyanne anith unta wada anagal 4k wedi kiyala

    ReplyDelete
  14. එහෙම බැලුවම වාසි වලට වඩා අවාසි තමයි වැඩි නේද උස වුනාම.මට නම් ඒ ප්‍රශ්න නැහැ මම සාමන්‍ය උස :)

    ReplyDelete
  15. @Anonymous
    කියන දේ පැහැදිලි නෑ මිත්‍රයා

    @මඩිස්සලේ නිශාන්
    එහෙම පේන්නත් පුලුවන්. හැබැයි මම නම් මගේ උසට කැමතියි.

    ReplyDelete

අදහස්, උදහස්....

.