Tuesday, March 26, 2013

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනය රූට් කලෙමි. Just rooted my android phone

9 comments
SE OS , සිම්බියන් ,වින්ඩෝස් ෆෝන් එක්ක හක්කලං කර කර ඉඳලා තීර්ථ යාත්‍රිකයා ඇන්ඩ්‍රොයිඩ් වලට මාරු උනා. මේ දක්වා භාවිතා කරපු මොබයිල් මෙහෙයුම් පද්ධති එක්ක බලපුවාම ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ අති විශිෂ්ඨ මෙහෙයුම් පද්ධතියක්. ඕකට විරුද්ධ වෙන උදවිය ඉන්නත් පුලුවන්, නමුත් තීර්ථ යාත්‍රිකයාගේ පුද්ගලික මතය අනුව නං ඇන්ඩ්‍රොයිඩ් එක්ක කරට කර යන්න පුලුවන් IOS වලට විතරයි.

ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්. ඔය ලිනක්ස් මෙහෙයුම් පද්ධති (උබුන්ටු , රෙඩ් හැට් වගේ එව්වා) වලට කියල ටිකක් ලොකු වැඩක් කරගන්න ඕන නං “සුදෝ“ කියල ආදරෙං අමතන්න ඕන ෂෙල් එකේදී.  :D


උදාහරණ : sudo bash
                  sudo apt-get update

ඔතන sudo කොමාන්ඩ් එකෙන් වෙන්නේ root නැතිනම් සුපර් යූසර්ගේ (එහෙමත් නැතිනම් කැමති වෙන යූසර්කෙනෙක්ගෙ) ප්‍රිවිලේජස් එක්ක වැඩක් කරගන්න පුලුවන් වෙන එක (කෙටියෙන්ම කිව්වොත්). ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් රූට් කරන එකෙන් වෙන්නෙත් ඔය රූට් නැතිනම් සුපර් යූසර් ඇක්සස් එක ලබාගන්න එක.

තීර්ථ යාත්‍රිකයා පාවිච්චි කරන්නේ හයි එන්ඩ්  ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් නෙවෙයි. 600MHz ප්‍රොසෙසරයක් සහ 256 MB රැම් එකක් තියන  Huawei Sonic (U8650) වර්ගයේ එකක්. ගත්ත දවස්වලම රූට් කිරීමේ අවශ්‍යතාවය තිබුනත් වගකීම් කාලය නිමාවෙනකල් ඉවසාගෙන උන්නා.


ඇයි අපි ෆෝන් එකක් රූට් කරන්නේ කියන එක හොඳ ප්‍රශ්නයක්. කරන්නන් වාලේ රූට් කරනවට වඩා “මට මගේ ෆෝන් එක රූට් කිරීමේ අවශ්‍යතාවය මොකද්ද ? “ කියන ප්‍රශ්නයට සාධාරණ උත්තරයක් තියනවානං පමණක් ෆෝන් එක රූට් කරන්න කියන එකයි තීර්ථ යාත්‍රිකයාගේ ඔවදන.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක රූට් ඇක්සස් ලබාගත්තට පස්සේ අපිට

1)  ගොඩක් දුරකතනවල ,ඒකෙ නිෂ්පාදකයා දාල එවන වදකාර ඇප්ලිකේෂන් තියෙනවා. බොහෝ වෙලාවට අපි ඒවා භාවිතා නොකරන තරම්. එක්කෝ ඊට වඩා කාර්යක්ෂම ඇප් භාගත කරගන්න තියෙනවා.එහෙම නැතිනං ඒ ඇප් එක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න මේ වදකාර ඇප් අපිට අයින් කරලා දාන්න පුලුවන්. ඒකෙන් වෙන වාසිය ගැන කිව්වොත්, දුරකතනය වේගවත් වීම සිද්ද වෙනවා(internal storage එකේ ඉඩ එන හින්දා, දුරකතනය ආරම්භවෙද්දි services විදිහට පටන් ගන්න ඇප්ස් ප්‍රමාණය අඩුවීම, පසුබිමේ ධාවනය වෙන වැඩසටහන් ගනන සහ සේවාවන් ගනන අඩුවීම නිසා Ram එකේ ඉඩ කඩ ඉතුරුවීම වගේ කාරනා නිසා ).

2)  Stock ROM එක ඉවත්කර නව Custom ROM දැමීමේ හැකියාව.
අපි ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් ගනිද්දි ඒ දුරකතනයේ එන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය (Stock ROM) Generic එකක්.  ඒ කියන්නේ හැමෝටම ගැලපෙන විදිහට හදපු එකක්. නමුත් අපිට අවශ්‍ය නම් ඒක ඉවත් කරලා අලුතින් වෙන මෙහෙයුම් පද්ධතියක් (ඇන්ඩ්‍රොයිඩ් එකක්ම  තමයි)  දාගැනීමේ හැකියාව තිබෙනවා. ඒ කස්ටම් රොම් එක සමහර විට තියන මෙහෙයුම් පද්ධතියේම අලුත් වර්ශන් එකක් ,  අලුත් හැකියාවන් සහ Visual Effects තියෙන නව්‍යකරණයට ලක්කරපු එකක්, ඉස්සරහට එන්න තියෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක්, එහෙමත් නැතිනම් අතිශය වේගවත්වීම සඳහා අනවශ්‍ය සර්විසස් සහ Visual Effects අයින් කරපු එකක් වෙන්න පුලුවනි.

3)  දුරකතනය CPU Overclock හෝ Under-clock කිරීමේ හැකියාව. මේ කියන්නේ සරලවම කියනවානම් තත්පරයකට ප්‍රොෙසස් කරන විධාන ප්‍රමාණය අඩු හෝ වැඩි කිරීම.  Overclock කිරීමෙන් දුරකතයේ ක්‍රියාකාරීත්වය වේගවත් කරන්න් පුලුවන්. Underclock කිරීමේන් බැටරිය බැසීමේ වේගය අඩුකරගන්න පුලුවන්. වැඩි බලයක් අවශ්‍ය වෙලාවෙදි Overclock කරන්නත් අඩු බලයක් අවශ්‍ය වෙලාවෙදි Underclock කරන්නත් හැකියාව තියෙන මෘදුකාංග අපිට භාගත කරගන්න පුලුවනි.

4)  Root permission අවශ්‍ය වෙන ඇප්ස් ධාවනය කිරීමේ හැකියාව.
මෙවැනි ඇප්ස් සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වලට නොකල හැකි හැකියාවන් සහිතයි. උදාහරණයක් විදිහට සමහර ඇප්ස් වලට පුලුවන් දුරකතන පෝටබල් වයිෆයි රවුටරයක් වගේ වැඩ කරන්න සකසන්න. (සමහර දුරකතනවල මේ පහසුකම ඉන්බිල්ට්ම එනවා), මුලු දුරකතනයම ඇප්ස් එක්කම බැකප් කරගන්න, ෆයිර්වෝල් වැනි පහසුකම් තියෙන ඇප්ස්, සමහර හැකිං ටූල්ස් දාගන්නත් රූට් ප්‍රිවිලේජස් අවශ්‍ය වෙනවා.

5) තමන් කැමති කැමති ආකාරයකට දුරකතනයේ පෙනුම ,වැඩකරන විදි ආදිය වෙනස්කරගන්න පුලුවන්.


කෙටියෙන් කියතොත් මුලු දුරකතනයම සම්පූර්ණයෙන්ම පාහේ අපේ පාලනයට නතු කරගන්න පුලුවන් වෙනවා මේ රූට් කිරීමෙන්. ඒ වගේම මේ දේවල් නිසි අවබෝධයකින් තොරව කිරීමෙන්, “වඳුරාට දැලි පිහිය අසු වූ විට සිදුවූ දේවල්“ ප්‍රතිනිර්මාණය කරගැනීමේ හැකියාවත් තිබෙනවා. පොඩි උදාහරණයක් කියනවානං ෆෝන් එක බ්‍රික් (Brick) තත්වයට ඒ කියන්නේ හරියට වැඩ නොකිරීමේ සිට කොහෙත්ම වැඩ නොකිරීම වැනි තත්වයකට පත්කරගන්න උනත් පුලුවන්.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් රූට් කිරීම අදාල ෆෝන් මාදිලිය අනුව වගේම තිබෙන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය අනුවත් වෙනස් වෙනවා. දුරකතන නිෂ්පාදක සමාගම් රූට් කිරීම අනුමත නොකරන නිසා එයට වැට බැඳ තිබීම ඊට හේතුවයි.ඒ නිසා අදාල දුරකතනයේ තිබෙන මොකක් හෝ ආරක්ෂක සිදුරක් තුලින් රිංගලා SU Binary ෆයිල් එකට අදාල වෙනස්කම් කිරීම තමයි සිදුකරන්න වෙන්නේ. තීර්ථ යාත්‍රිකයා දන්නා හැටියට සමහර ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති වර්ෂන්ස් රූට් කරන්න බැහැ. එවිට කරන්න වෙන්නේ මෙහෙයුම් පද්ධතිය ඩවුන්ග්‍රේට් කර (වර්ශන් එකක් ආපස්සට ගෙන) රූට් කිරීමයි.

හොඳින් මතක තබාගත යුතු කාරණාව වන්නේ රූට් කිරීමෙන් දුරකතනයේ වගකීම අහෝසිවී යන බවයි. නමුත් අවශ්‍යතාවයක් ඇතිවුනොත් Su Binary File එක යථාතත්වයට පත්කරලා අන්රූට් කරන්නත් පුලුවන්. :D

ඊළඟ ලිපියෙන් තීර්ථ යාත්‍රිකයාගේ දුරකතනය රූට් කල ආකාරය සහ එයට එකතුකල නව්‍යතා ගැන ලියන්නම්..එහෙනම්..ජය වේවා... !!!




9 comments:

  1. මචං, හෙඩිම හදන්න වෙයි... රෑට් නෙවෙයි, රූට්... :)

    ReplyDelete
  2. @ඇනෝනිමස්
    ස්තුතියි. ඔන්න හැදුවා..... :)

    ReplyDelete
  3. මාත් අවුරුද්දක් විතර ඇදල ඔන්න ඕක කොරල බලන්ට ඕනෑ. වොරන්ටිය අහවරක් උනාම

    ReplyDelete
  4. Mage laga teyenne sony neo l ekak.kawruth danne nedda eka root karanna.hebai sinhalen

    ReplyDelete
  5. මාත් රූට් කොරනවද නැද්ද කියලා හිත හිතා ඉද්දී ජෙලිබීන් අප්ඩේට් එක ඔෆිසියලිම දුන්නා...රිස්ක් එක වැඩි හින්දා රූට් කිරිල්ලට යන්න බයයි අප්පා..

    ReplyDelete
  6. එල එල... ලියපං... වැදගත් දෙයක්...

    ReplyDelete
  7. මඤ්ඤමිකයි මඤ්ඤමිකයි සෑහෙන්න මඤ්ඤමිකයි!

    ReplyDelete
  8. @අලුත් කොල්ලා
    රූට් කලාම වොරන්ටිය ඉවත් වෙනවා තමයි. ඒත් අවශ්‍ය වුනොත් ආයේ අන්රූට් කරලා දැම්මෑකි.. ;)

    @ ඇනෝනිමස්
    මෙහෙමයි කරන්නේ කියලා හරියටම කියන්න අමාරුයි. Xdadevelopers පැත්තේ ගිහිං බලන්ට.

    @වෙනි
    මම නම් ගොඩක්ම රූට් කලේ අනවශ්‍ය සිස්ටම් ඇප්ස් අයින් කරගන්න. :)

    ගෝල්ඩ් ෆිෂ්
    ස්තුතියි ස්තුතියි.

    @හරේ
    :D ගණං ගන්ට එපා අයියා. ඉඳලා හිටලා ටෙක්නිකල් එව්වත් ලියනවා.. :)

    ReplyDelete
  9. මචන් මට තියෙන්නෙ lg optimus L5 එකක් මම ගොඩක් කැමත්තෙන් තමයි ඇන්ඩ්‍රො‍යිඩ් සම්භන්ද ලිපි කියවන්නේ ඒත් එක්කම කියන්න ඕන මට දැනට පුලුවන් උනෙ මගෙ phone එක root කරන්න විතරයි ඉට එහා දැනුමක් මට නැ..මට කියන්න root කරට පස්සෙ මොනවද ඉලගට කරන්න පුලුවන් දෙවල් .. costem rom , flash වගේ ඒව මට ඕන phone එක සම්පුර්න වෙනසක් කරන්න.,මෙ lg වල කෝල් එකක් ගත්තත් ආවත් ඒ වෙලාවට screen එක හරිම කැතයි මට ඕන ඒ වගෙ දේවල් වෙනස් කරන්න..පුලුවන්ද උදවු කරන්න pls...(amta.aththanayaka@gmail.com)

    ReplyDelete

අදහස්, උදහස්....

.