Tuesday, January 31, 2012

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා....

19 comments
පරණ ,ටිකක් වයසක උදවියත් එක්ක කතාබහ කරන එක විනෝද ජනක වැඩක්.මොකද ඒ අය ගොඩක් වෙලාවට කියන්න පෙළඹෙන්නේ ඒ කාලේ ඒ උදවියක කරපු කියපුවා එහෙමත් නැතිනම් අහපුවා.මේ කතා සවන් දෙන්නාගේ සිත ඇදගන්නා සුලු විදිහට ලුණු ඇඹුල් දාලා රසවත් වෙන්න කියන්න ගොඩක් වයසක උදවිය හරි දක්ෂයි.මේ අතරේ කයිවාරු කාර වගේම ගජබින්න දිග අරින සීයලත් ඇති පදං ඉන්නවා.තීර්ථ යාත්‍රිකයත් මේ වයසක පහේ උදවිය කියන කතා,කයිවාරු අහන්න බොහෝම ආසයි. සමහර වෙලාවලට ජීවිතේට අහලා නැති සිදුවීම්, කවි වගේ දේවලුත් කතාබහ කෙරෙනවා. ඒ වගේම තවත් පැහැදිලි වෙච්චි කාරණාවක් තමයි ඉස්සර කාලේ ඒ උදවියගේ ජීවිත ගෙවිලා ගිය බොහෝම සැහැල්ලු විදිහ සහ අද වගේ අනවශ්‍ය විදිහට හැමදේට ම සංස්කෘතිය ඇදගන නටන කතිකාවතක් ඒ දිනවල නොතිබුන බව.
තීර්ථ යාත්‍රිකයාගේ මව්පාර්ශවයේ පරම්පරාගත ගම තමයි කොබෙයිගනේ ප්‍රදේශය.එහෙ ගියවෙලාවක තීර්ථ යාත්‍රිකයාගේ ආදරණීය ලොකු අම්මාගෙන් තමයි මෙන්න මේ කියන පුංචි රසවත් කතාව තීර්ථ යාත්‍රිකයාගේ කණට වැටුනේ.
ඒ කාලේ තිබුනේ ඉස්කෝලයි, හිටියේ ඉස්කෝලෙ මහත්තුරුයිනේ. ගොඩක් වෙලාවට විදුහල්පති තුමා නැතිනම් මුල්ගුරුතුමාත් පංතිවලට උගන්නනවා.මේ උදවිය හොඳට හොඳයි,නරකට නරකයි.ඒ වගේම මොකක් හරි මගොඩි වැඩක් කලොත් දඬුවම් සැරයි.ඉතිං ඒ අතීත කාලේ තීර්ථ යාත්‍රිකයලාගේ සීයා කෙනෙකුත් මේ ගමේ ඉස්කෝලෙට තමයි ගිහිල්ලා තියෙන්නේ.මේ සීයා ටිකක් විතර නහට අහන්නැති කිපෙන සුලු චරිතයක් බවයි දැනගන්නට ලැබුනේ.එක්තරා දවසක පන්තියට උගන්වන පන්තිභාර ආචාර්ය තුමා පාසලට වාර්තා කරලා නැහැ.අද වගේ නෙවෙයි ඒ කාලයේ ගුරුවරු හිඟ නිසා ගොඩාක් පන්තිවල සියලුම විෂයන් උගන්වලා තියෙන්නේ පන්ති භාර ආචාර්යවරයාමයි.ඉතිං පන්තිබාර ගුරුතුමා පාසලට වාර්තාකලේ නැහැ කියන්නෙ එදා දවසම ළමයින්ට, අපේ භාෂාවෙන් කියනවා නම් සුපිරි බුල කෙලිල්ලක් තමයි.ඉතිං සීයලත් තමන්ගේ වගකීම හොඳින්ම ඉටුකරලා තියනවා.වහලේ උලු උඩ යනවලු කෑගැහිල්ලට.සද්දය ඉවසන්න බැරිම තැන මුල් ගුරුතුමා ඇවිල්ලා අල්ලගන්න පුලුවන් වුන කීපදෙනාට වේවැලෙන් හොඳටම සංග්‍රහ කරලා මොකක් හෝ වැඩක් පවරලා ගිහිල්ලා. ඒ ටික වෙලාවකින් ආපහු එන බව පවසමින්.
කෙලි සෙල්ලමෙන් ගතකරන්න පුලුවන් දවසක් මුල්ගුරුතුමා නිසා අලවෙන බව තේරුං ගියත් බය නිසාම කට්ටියම මීයො වගේ වැඩේ කරලා ඉන්නකොට විදුහල්පතිතුමා ආපහු පන්තියට වාර්තා කරලා කට්ටියගේ වැඩ කටයුතු බලන්න.ඊටත් පස්සෙ නියම කලාලු එක එක්කෙනාට නැගිටලා පන්තියටම ඇහෙන්න කවිය කවිය ගානේ කියන්න.
දැන් හැමෝම තම තමන්ගේ හැකියාව අනුව කවිය බැගින් කියමින් යද්දී අපේ සීයාගේ අවස්ථාවත් උදාවුනා.සීයත් පැකිලීමක් නැතිව මුලු ඉස්කෝලෙට ම ඇහෙන විදිහට ඇදලා පැදලා මෙන්න මේ කවිය කියන්න පටන්ගත්තා (ලු) (මේ කවිය තීර්ථ යාත්‍රිකයා මුල් වරට ඇහුවේ එදාමයි.)

අන්දර කැලේ දර ලීයේ                   කුරුමිණියා
බිම්බර මලේ තුඩ නෑරම රොන්              ගනියා
තන්තිරි ගසන ලෙස හැඬුවේ            කුරුමිණියා

මේ විදිහට පද තුනක් බොහෝම ලයාන්විතව ගායනා කරපු සීයා හදිස්සියේම මුල්ගුරුතුමා ගැන හිතට ආපු කෝප සිතුවිල්ලෙන් අන්තිම පදේ ගැලපුවාලු මෙහෙම

 ඒකා තමා තොපෙ අම්මගේ  හොර        මිනිහා.....

මේ විදිහට අන්තිම පදේ කියලා ඉවරවෙද්දි,පාසලම හූ හඬින් ගිගුම් දෙද්දි,මුල්ගුරුතුමා පාෂාණිභූතවෙලා බලාන ඉද්දි, තව දුරටත් හිටියොත් තමන්ගේ තත්වය සෝචනීය වෙනවා කියලා තේරුම් ගත්ත සීයා පොත් ටිකත් කිහිල්ලේ ගහගන කොට බිත්තියෙන් පැනලා දුවපු පිම්ම නැවතුනේ ගෙදර ගියාට පස්සෙ බවයි ලොකු අම්මාගෙන් තීර්ථ යාත්‍රිකයාට දැනගන්නට ලැබුනේ......


Read More...

Thursday, January 19, 2012

STOP SOPA

2 comments
Read More...
.