Monday, August 6, 2012

ජීව විද්‍යා නැදුන් දෙවැන්නේ කතා වස්තුව

6 comments
යටගිය දවස දඹදිව අබ්දුල් කලාම් නම් රජ තෙමේ දැහැමෙන් සෙමින් ජනරංජනය කරන කල්හි මෙලක හස්තියෙකුගේ රුව රැගත් හෙයින් හස්ථිශෛල්‍ය පුර නම් විරුද නාමය ලද මහනුවරක් විය. මෙකී හස්තිශෛල්‍ය පුරවර සහ මිහිගොමුව යා කරන්නාවූ ගැල් සකෙන් නුබුන් මගෙහි පුරවර සිට හූවක් තරම් වූ දුරකින් පිහිටි බොහෝ ජනී ජනයාගේ ප්‍රසාදයට ලක්වූ, පුද සත්කාර ලබන්නාවූ මහත්වූ පරසිදු තක්සලාවක් වෙයි. දුටු දුටුවන් භයෙන් ත්‍රස්ථ කරවන පලාවන් පැහැ ගත් ප්‍රාංශු දේහදාරී දොරටු පාලයන් නිරන්තරයෙන් ගැවසීගත්, මහාමේරූ පර්වතය හා සමවන්නාවූ අයෝමය විසල් ද්වාරයක් මේ තක්සලාව අභිමුඛයේ වෙයි.

මේ තක්සලාවට පිවිසුන කල්හිම වම්පසින් මහා තේජෝ බල පරාක්‍රමයෙන් යුතුව තක්සලාවේ විද්‍යාර්ථයින්ගේ මුදුන් මල්කඩ බඳුවූ තෙමහල් ප්‍රාසාදයක විරාජමාන වේ. මෙකී තෙමහල් ප්‍රාසාදයේ වාහල්කඩින් පිවිසුන කල්හිම , විටෙක නානාන්විත විකුම් පාමින්ද ,කට මැත දොඩමින්ද , තක්සලාව පුරා අනවසර දේශාටනයන්ගේ යෙදෙමින්ද. මුදුන් ආචාරීන්ගේ ඇස නොගැටී තක්සලා කොට පවුරෙන් වීදි බට, පුරවර නොයෙක් තන්හි සරමින් නැවත ප්‍රධාන ද්වාරයෙන්ම තක්සලාවට පිවිසෙමින්ද, තම තම ගුණ වර්ණනා කරගනිමින්, කුටුම්භයන්ට මූලිකත්වය දෙමින්ද, කුම්භකර්ණයන්ගෙන්ද, චෞරයන්ගෙන්ද සපිරි විවිධ අමනෝඥ්ඥ කටයුතු වල නියෙලෙමින් කල්ගෙවන්නාවූ මහා පුරුෂයෝ දෙතිස් දෙනෙකුගේ වාසස්ථානය වූ ජීව විද්‍යා නැදුන් දෙවැන්නේ කුටිය හමුවෙයි...........

----------------------------------------------------------------------------------------
කාලෙකට පස්සේ කාමරේ අස්කරපු (මේ දීර්ඝ නියගය නිමාකිරීමී පූර්ණ අදිටනින් :D ) පෙරේදා තීර්ථ යාත්‍රිකයාට පරණ මතකයන් ගොඩක් ආයෙත් මුණ ගැහුනා. ඉහලින් පලවෙලා තියෙන්නේ එයින් එකක්.
තීර්ථ යාත්‍රිකයාගේ පාසල වුනේ කුරුණෑගල මලියදේව විද්‍යාලය. තීර්ථ යාත්‍රිකයා 13 වන වසරේ ඉන්නකොට (සෑහෙන කාලෙකට කලින්.) තීර්ථ යාත්‍රිකයලා සංවිධානය කරපු විද්‍යා ප්‍රදර්ශනයේ බෙදන්න හදපු සටහනක් තමයි ඔය. ඒකෙ අතින් ලියපු කටු සටහන ආපහු හම්බුවුනා. ඒක ලියපු කෙනා කවුද කියලා ගාණක් නෑ. කොහොමෙන් හරි කටු සටහන අන්තිමට තිබුනේ තීර්ථ යාත්‍රිකයගේ බෑග් එකේ.  කර්තෘ මේක කියෙව්වොත් කමෙන්ට් එකකින් දන්වලා යමන් මචං... හුඟ කාලෙකට කලින් විඳපු බොහොම රසවත් මතකයක්.

6 comments:

  1. මලියදේව තක්සලාවෙත් කුම්භකර්ණයන්, චෞරයන් ඉඳලා තියෙනවා එහෙනම්...!

    ReplyDelete
  2. කවුරු උනත් ලෙසටම ලියල තියනව මමත් කාලයක් ජීව විද්‍යා නැදුන් පළවැන්නේ කුටියෙ හිටියනෙ :D

    ReplyDelete
  3. අපුරුවට පවුරාණික භාෂාව හසුරුවල තියෙනවා කවුරු ලීවත්..

    ReplyDelete
  4. කලකට පස්සේ වෙලකට බැහැලා වගේ :D

    ReplyDelete
  5. කතෘ හිමිකම් සුරකිමු කිව්වට මෙන්න අනුන්ගේ ඒවත් දාලා...??

    ReplyDelete
  6. @මාලුවා
    හෙහ් හෙහ්

    @චතුරංග
    ම්ම් මෙන්න දේවන්ස් කොල්ලෙක් . හඳුනා ගැනීමට ලැබීම ගැන සතුටුයි මචං. :)

    @සරත් අයියා
    ඒක නේන්නං

    @හසිත
    :D

    @අලුත් මල්ලි
    වෙන කෙනෙක් ලියපු එකක් කියලා පැහැදිලිව දාල තියනවනේ මචෝ. ඉතිං මොකද්ද ප්‍රශ්නේ.. ?

    ReplyDelete

අදහස්, උදහස්....

.