Wednesday, May 23, 2012

සීරියස් පොඩි එවුන්

22 comments
අන්තිමට පෝස්ට් එකක් ලියලා තියෙන්නේ මාර්තුවල... බ්ලොගෙත් ටිකක් විතර වල් වැදිලා ගිහිල්ලා :D .
අපේ අක්කගෙ පොඩි එකා අල්ලපු ගෙදර එයාගෙ වයසෙම ඉන්න පොඩි එකිත් එක්ක තරහා වෙලා. අක්කගෙ පොඩි එකානං කියන්නේ “ඒකිගෙ පන්ඩිත කම වැඩියි“  කියලා ... :D  . පහුගිය අවුරුදු වල ඒ දෙන්නා එක්ක අවුරුදු උත්සව වලට ගිහිල්ලා, කිරි කෑම, බිත්තර ඇල්ලීම වගේ සෙල්ලම් වලින් දිනලත් තිබුනා. ඒත් මේ පාර අපේ පොර වර්ජනයේ.. පොඩි එකී ඇවිල්ලා අඬනවා අක්කා ගාව අපේ මනුස්සයාව යාලු කරලා දෙන්න කියලා..
ම්හු.... “ඔබ ඇමතූ දුරකතනය ප්‍රතිචාරයක් නොමැත“.... ඒකයි අපේ මෑන්ගේ ප්‍රතිචාරේ.. බැරිම තැනද කොහෙද අර පොඩි එකී බොහොම දුක්මුසු ලීලාවෙන් කැරකි කැරකි ඉඳලා ගියා.... ඒ කතාව එතනින් ඉවරයි...

හවස්වරුවේ අක්කා හිනාව බොහොම අමාරුවෙන් හිරකරගෙන ඇවිල්ලා මට පොඩි එකාගෙ පොතක් පෙන්නුවා..ඒකේ අර පොඩි එකී මොනවද කුරුටු ගාල ගිහිල්ලා..ඒක බලපුවාම අක්කටයි මටයි හිනාව පිපිරිලා දෙගොඩතලා ගියා.....


මෙච්චර සිරා බරසාර වැකි ලියන්න පොඩි උන් කොහෙන් පුරුදුවෙනවද මංදා ? :D

අක්කගේ පොඩි එකා තාම මේක දැකලා නෑ.. ඌ සාමාන්‍යෙන් පොතක් අල්ලන්නේ යලට මහට. අපි කතාවුනේ  බැරිවෙලාවත් ඉස්කෝලෙ ගියවෙලාවෙ ගුරුවරයෙක් මේක දැක්කනං අපේ මෑන්ට හෙන නඩුවක් වැටෙනවා කියලා.....


22 comments:

  1. ඇයි දැන් හැදෙන පොඩි උන්ට ආදර්සෙට ගන්න ටෙලි කීයක් නම් තියෙනවද ,අර එක මලදානයක් නම් ඉවරයි මට මතක විදියට අර "මලගෙදර"ද මොකක්ද කියන එක?

    ReplyDelete
  2. :D
    මං හිතන්නේ ඕක ලොකු පන්තියක කෙල්ලෙක් ලිව්ව එකක කොපියක් වෙන්න ඇති. අපි නොදන්න ගෑල්ලමයි! :D

    ReplyDelete
  3. කියලා වැඩක් නෑ නේද? :D
    මාත් හිතන්නෙ පූස් මලයා හරි

    ReplyDelete
  4. ලව් සීන් එකක් කියලා තමා බලපු ගමන් හිතෙන්නේ.මදෑ :D

    ReplyDelete
  5. මගෙ අම්මේ මුංගෙ වයස කීයද? මේගොල්ල පොඩිඑවුන් නෙවේ ආච්චිල සීයල!

    ReplyDelete
  6. මේකෙ අත් අකුරු නම් පොඩි එකෙකුගේ නෙවෙයි. අඩුම ගාණේ අවුරුදු 16-17 වත් වෙන කෙනෙකුගේ අත් අකුරු වල ලක්ෂණ තමයි තියෙන්නේ.

    ReplyDelete
  7. බරපතලයි බරපතලයි .. මේක ලිවුවා නම් පොඩි එකෙක් ඉස්සරහට හොඳ හොඳ සීන් බලන්න පුළුවන් වෙයි.. වෙනම බ්ලොග් තීරුවක් වෙන් කරනවා හොඳයි මෙයාගේ කතාවලට !

    ReplyDelete
  8. උඹත් ඔය වගේ දේවල් ඉගෙන ගනින්...! පේනවා නේද ලැන්ග්වේජ්... VB, java, python, php වගේද... සිංහල සිංහල.... if එකයි then එකයි තියෙනවා, else එක නෑ... ලැජ්ජා හිතෙන්න ඇති....!!!

    ReplyDelete
  9. කොහෙන් හරි රටකින් විදේශාධාර ඇතුව ලියපු එකක් වෙන්න ඕනේ අනිවා. එහෙම නැත්තම් එක ලියපු ගෑල්ලමයට මාර හැකියාවක් තියෙන්නේ.

    ReplyDelete
  10. @ රොබින්
    ආයෙත් අහලා... ඒ ටෙලි දැකපුවාම අපිවත් එක්ක කරකවලා අතෑරියා වගේ වෙනවා. අනික ඒ ටෙලිවල ඉන්න ආච්චිලා එහෙම මැරෙන්නේ නෑ බේතකටවත්. සමහර ආච්චිලාගේ මුනුපුරන්ටත් දරුවන් ඉන්නවා ඒ කතාවල හැටියට :D

    @ පූසා
    ඒ ගෑල්ලමය මචං කඳුලේ නවකතාකරුගේ නවකතා සෑහෙන්ඩ කියවනවා.. මං දවසක් දැක්කා පොත් මිටියක්ම උස්සං යනවා..ඒකක තිබ්බ කෑල්ලක් වෙන්ට ඇති ඔය

    @ ලකී අයියා.
    හිනා වෙලා පණ ගියා..ඒ වගේම ඒ ළමයගෙ හිතන පතන විදිහ ගැන පුදුමත් හිතුනා..

    @ නිසූපා
    අනිවා .... තනිකර විරහ අඳෝනාවක් වගේනේ පේන්නේ... මං හිතන්නේ ලියල දැම්මට ඒ ළමයටත් ඕකෙ අර්තෙ ගැන එච්චර ගාණක් නැතිව ඇති.

    @ රාජ්
    අපි පොඩි කාලෙට වඩා දැන් පොඩි උන් වෙනස් මතං...
    උන් දෙන්නටම අවුරුදු 13 යි..

    @ KAS
    නෑ මචෝ දෙන්නටම අවුරුදු දහතුනයි..

    @ සරත් අයියා
    මමත් අනාවැකි කියලා තියෙන්නේ අක්කත් එක්ක..

    @ මාලුවා
    ආයෙත් අහලා.අපි මොන ප්‍රොග්‍රැමිංද බං.මෙන්න ලැංවේජ් :D

    @ පැතුම්
    මම කිව්වේ ඒ ගෑල්ලමයා කඳුලේ (අඳෝනාවේ සහ අඬවැඩියාවේ) නවකතාකරු සුජීව ප්‍රසන්නාරච්චි උන්නැහේගේ පොත් සෑහෙන්ඩ කියවනවා කියලා :D

    ReplyDelete
  11. මුන් පොඩියි කියල හිතං ඉන්න උඹල ෂුවර් එකට කුක්කු බබාල වෙන්න ඕන මචං!

    ReplyDelete
  12. මෙ වගෙ දෙවල් වලදි හරිම පරිස්සමෙන් යහලුවා... පොඩි හිත් කඩදාසි.. ඔව්වා ලිව්වෙ උන්ගෙ අම්මලා තාත්තලා උන්ගෙ කට උඩ යන මෙගා ඩ්‍රාමා.. එත් වැදගත් ඔයවගෙ සිද්දි වලදි අපි හැසිරෙන විදිය..

    ReplyDelete
  13. http://ravamrt.blogspot.com/2010/02/blog-post_19.html

    ReplyDelete
  14. හප්පා මුන්ද පොඩි උන්
    අපිට මුන් ගෙන් ආදර්ෂ ගන්න් තමා තියෙන්නේ

    ReplyDelete
  15. @ hare
    හික්ස්..... මං නං තාම පොඩි එකා නේන්නං .. ගෙදර අය තාම කියන්නේ චූටි පුතා කියලා :P

    @ රවා
    එකඟයි මචං.. මමවත් අක්කවත් දෙන්නගෙන් එක්කෙනෙකුටවත් බනින්න ගියේ නෑ.. විහිලුවෙන් වගේ තේරුම් කරලා දුන්නා...
    උඹේ පෝස්ට් එකට ස්තුතියි..

    @ ජිංජිබිරිස්
    :D මම හිතන්නෙ මචං අර කෝලං නවකතා කියවීම වෙන්න ඕන අර පොඩ්ඩිට ඔය වගේ අදහසක් එන්න හේතුව..

    ReplyDelete
  16. මොනවා උනත් නියම කෙල්ලෙක්.... බොක්කට වදින්න ලියල තියනවා...

    ReplyDelete
  17. පොඩි එකාගේ වයස කියාද. යකෝ මෙහෙමත් ලියනවද දැන් කාලේ දියුණුයි නේ.

    ReplyDelete
  18. @ mee godaya
    ඔව් ඒත් අදාල සිනාරියෝ එකට ගැලපෙන්නෙ නැති තරමට සීරියස් :D

    @ අසරණයා
    පට්ට දියුණුයි මචං.. දෙන්නටම වයස දහතුනයි

    ReplyDelete
  19. මූ කොලු පැටියෙක් නෙමේ කොලු තාත්තෙක්......

    අපේ සර් කෙනෙක් දවසක් 9 වසරේ ඉද්දී කොල්ලෝ සෙට් එකක් වැරැද්දක් කරලා උන්ට පලු යන්න බැන්නා. ඔක්කෝටම බැන්නේ වල් කොල්ලේ කියලා.

    අන්තිමට ඉතුරු වුණු එකා පළවෙනි පාරට තමා සර්ට අහුවුණේ සර් ඌට කිව්වේ "මූ නම් නැගී ගෙන එන වල් දණ්ඩක්" කියලා :D

    ReplyDelete
  20. @ හසිත
    මචං පොඩ්ඩක් ටපලාගන වගේ.. සටහන ලිව්වේ අපේ මෑන්ස් නෙවි..අර පොඩි එකී....

    “නැගී එන වල් දණ්ඩා“ ඒකනං මැක්සා කතාව.... :D

    ReplyDelete
  21. තනියම කරා කියලා හිතන්න අමාරැයි , සහයට ඩැනී කව්ද කියලා හෙව්වොත් නරකද

    ReplyDelete

අදහස්, උදහස්....

.