Tuesday, January 31, 2012

අන්දර කැලේ දර ලීයේ කුරුමිණියා....

19 comments
පරණ ,ටිකක් වයසක උදවියත් එක්ක කතාබහ කරන එක විනෝද ජනක වැඩක්.මොකද ඒ අය ගොඩක් වෙලාවට කියන්න පෙළඹෙන්නේ ඒ කාලේ ඒ උදවියක කරපු කියපුවා එහෙමත් නැතිනම් අහපුවා.මේ කතා සවන් දෙන්නාගේ සිත ඇදගන්නා සුලු විදිහට ලුණු ඇඹුල් දාලා රසවත් වෙන්න කියන්න ගොඩක් වයසක උදවිය හරි දක්ෂයි.මේ අතරේ කයිවාරු කාර වගේම ගජබින්න දිග අරින සීයලත් ඇති පදං ඉන්නවා.තීර්ථ යාත්‍රිකයත් මේ වයසක පහේ උදවිය කියන කතා,කයිවාරු අහන්න බොහෝම ආසයි. සමහර වෙලාවලට ජීවිතේට අහලා නැති සිදුවීම්, කවි වගේ දේවලුත් කතාබහ කෙරෙනවා. ඒ වගේම තවත් පැහැදිලි වෙච්චි කාරණාවක් තමයි ඉස්සර කාලේ ඒ උදවියගේ ජීවිත ගෙවිලා ගිය බොහෝම සැහැල්ලු විදිහ සහ අද වගේ අනවශ්‍ය විදිහට හැමදේට ම සංස්කෘතිය ඇදගන නටන කතිකාවතක් ඒ දිනවල නොතිබුන බව.
තීර්ථ යාත්‍රිකයාගේ මව්පාර්ශවයේ පරම්පරාගත ගම තමයි කොබෙයිගනේ ප්‍රදේශය.එහෙ ගියවෙලාවක තීර්ථ යාත්‍රිකයාගේ ආදරණීය ලොකු අම්මාගෙන් තමයි මෙන්න මේ කියන පුංචි රසවත් කතාව තීර්ථ යාත්‍රිකයාගේ කණට වැටුනේ.
ඒ කාලේ තිබුනේ ඉස්කෝලයි, හිටියේ ඉස්කෝලෙ මහත්තුරුයිනේ. ගොඩක් වෙලාවට විදුහල්පති තුමා නැතිනම් මුල්ගුරුතුමාත් පංතිවලට උගන්නනවා.මේ උදවිය හොඳට හොඳයි,නරකට නරකයි.ඒ වගේම මොකක් හරි මගොඩි වැඩක් කලොත් දඬුවම් සැරයි.ඉතිං ඒ අතීත කාලේ තීර්ථ යාත්‍රිකයලාගේ සීයා කෙනෙකුත් මේ ගමේ ඉස්කෝලෙට තමයි ගිහිල්ලා තියෙන්නේ.මේ සීයා ටිකක් විතර නහට අහන්නැති කිපෙන සුලු චරිතයක් බවයි දැනගන්නට ලැබුනේ.එක්තරා දවසක පන්තියට උගන්වන පන්තිභාර ආචාර්ය තුමා පාසලට වාර්තා කරලා නැහැ.අද වගේ නෙවෙයි ඒ කාලයේ ගුරුවරු හිඟ නිසා ගොඩාක් පන්තිවල සියලුම විෂයන් උගන්වලා තියෙන්නේ පන්ති භාර ආචාර්යවරයාමයි.ඉතිං පන්තිබාර ගුරුතුමා පාසලට වාර්තාකලේ නැහැ කියන්නෙ එදා දවසම ළමයින්ට, අපේ භාෂාවෙන් කියනවා නම් සුපිරි බුල කෙලිල්ලක් තමයි.ඉතිං සීයලත් තමන්ගේ වගකීම හොඳින්ම ඉටුකරලා තියනවා.වහලේ උලු උඩ යනවලු කෑගැහිල්ලට.සද්දය ඉවසන්න බැරිම තැන මුල් ගුරුතුමා ඇවිල්ලා අල්ලගන්න පුලුවන් වුන කීපදෙනාට වේවැලෙන් හොඳටම සංග්‍රහ කරලා මොකක් හෝ වැඩක් පවරලා ගිහිල්ලා. ඒ ටික වෙලාවකින් ආපහු එන බව පවසමින්.
කෙලි සෙල්ලමෙන් ගතකරන්න පුලුවන් දවසක් මුල්ගුරුතුමා නිසා අලවෙන බව තේරුං ගියත් බය නිසාම කට්ටියම මීයො වගේ වැඩේ කරලා ඉන්නකොට විදුහල්පතිතුමා ආපහු පන්තියට වාර්තා කරලා කට්ටියගේ වැඩ කටයුතු බලන්න.ඊටත් පස්සෙ නියම කලාලු එක එක්කෙනාට නැගිටලා පන්තියටම ඇහෙන්න කවිය කවිය ගානේ කියන්න.
දැන් හැමෝම තම තමන්ගේ හැකියාව අනුව කවිය බැගින් කියමින් යද්දී අපේ සීයාගේ අවස්ථාවත් උදාවුනා.සීයත් පැකිලීමක් නැතිව මුලු ඉස්කෝලෙට ම ඇහෙන විදිහට ඇදලා පැදලා මෙන්න මේ කවිය කියන්න පටන්ගත්තා (ලු) (මේ කවිය තීර්ථ යාත්‍රිකයා මුල් වරට ඇහුවේ එදාමයි.)

අන්දර කැලේ දර ලීයේ                   කුරුමිණියා
බිම්බර මලේ තුඩ නෑරම රොන්              ගනියා
තන්තිරි ගසන ලෙස හැඬුවේ            කුරුමිණියා

මේ විදිහට පද තුනක් බොහෝම ලයාන්විතව ගායනා කරපු සීයා හදිස්සියේම මුල්ගුරුතුමා ගැන හිතට ආපු කෝප සිතුවිල්ලෙන් අන්තිම පදේ ගැලපුවාලු මෙහෙම

 ඒකා තමා තොපෙ අම්මගේ  හොර        මිනිහා.....

මේ විදිහට අන්තිම පදේ කියලා ඉවරවෙද්දි,පාසලම හූ හඬින් ගිගුම් දෙද්දි,මුල්ගුරුතුමා පාෂාණිභූතවෙලා බලාන ඉද්දි, තව දුරටත් හිටියොත් තමන්ගේ තත්වය සෝචනීය වෙනවා කියලා තේරුම් ගත්ත සීයා පොත් ටිකත් කිහිල්ලේ ගහගන කොට බිත්තියෙන් පැනලා දුවපු පිම්ම නැවතුනේ ගෙදර ගියාට පස්සෙ බවයි ලොකු අම්මාගෙන් තීර්ථ යාත්‍රිකයාට දැනගන්නට ලැබුනේ......


19 comments:

  1. ඔය තාලෙට කවි ගොඩාක් තියෙනවා නේ......

    හුXXX පXX එක නැකතේ උපන්නේ...
    හුXXX වඩා පX වැඩිමල් කියන්නේ....
    හුXX උඩින් පX තියලයි හුXXX...
    ඒකයි පX පX වැඩිමල් කියන්නේ.......

    ReplyDelete
  2. ඔය කොට බිත්තියෙන් පැනලා දුවන සීන් ඒකාලේ බොහොමයි. අපේ කතන්දර සීයත් කෙල්කෙන්වයි කොල්ලෙක්වයි බන්දන පාදිලි උන්නාසෙ කෙනෙක් වගේ රඟපාද්දි ලොකු සර් ඇවිල්ලා කොස්සසෙන් තලද්දි පොත් ටිකත් අරං කොට බිත්තියෙන් පැනලා දිව්වලු.

    දැං නං ඒවා විස්වාස කරන්නත් අමාරුයි.. පැනලා ගිහිං ආයි ඉස්කෝලෙ එන්ඩැයි. වෙලාවක් තිබුනොත් වැදගත් විසිහට කට් කරනවා ඇරෙන්ඩ

    ReplyDelete
  3. සීයාගේ ගති ටිකක් හරි මුනුබුරාටත් පිහිටලා ඇති නෙව !!

    ReplyDelete
  4. ඔය කවියේ ඔබ අසා නැති හතරවෙනි පදයක් තියනවා. එහි විශේෂත්වය වන්නේ ඒ කවියේදී පද හතරේම වචන මාරු කොට කීමයි. උදාහරණය පළමුවෙනි පදය:- කැන්දර අලේ ලිර දයියේ මිරු කුනියා. ඉතිරි පද තුනත් ඒ විදිහටම පද මාරු කරලා කියන්නේ. අවාසනාවකට මටත් හතරවැනි පදය මතක නැහැ. ඒ ගැන දන්නෝ අප දැනුවත් කරත්වා.

    ReplyDelete
  5. නියමයි කවිය ! සීයගෙ ගතිගුණ ටිකක් හරි පරම්පරාවෙන් ඇවිත් ඇති මයෙ හිතේ !

    ReplyDelete
  6. @ ඔබ නොදු‍ටු ලොවක්
    මේක මට කියපු හැටියට තේරුම්ගියේ පරණ ජන කවියක් වගේ කියලයි. ඔය තාලෙ තව කවි නම් තියනවා තමා... :D :D... ප්‍රසිද්ධියේ කියන්න අමාරු එකයි වැඩේ... :D

    @ බුද්ධි
    මටත් ආපු ප්‍රශ්නෙ තමයි ඕක.සමහර විට වේවැල් පාර දෙක තුනකින් කේස් එක ක්ලෝස් කරලා දානව ඇති.ඔය කොට බිත්තියෙන් පනින එක පරණ පොත් වල එහෙමත් තියනවා නේ.....

    @ සරත් ලංකාප්‍රිය
    හෙහ් හෙහ්... තීර්ථ යාත්‍රිකයා කවි සින්දු කියද්දි බැරියැයි.ඉස්කෝලෙදි සාමාන්‍ය පෙලට සංගීතය කලේ , නටන්න හා චිත්‍ර අඳින්න බැරි නිසා විකල්පයක් නැති හින්දයි.සංගීතය කරද්දි ගායනය නැතිව වාදනය තෝරගත්තේ සිංදු කියන්න බැරි හින්දයි.වාදනය කරද්දි වයලීනය තෝරාගත්තේ බටනලා පිඹින්න බැරි හින්දයි... :D

    @ Wicharaka
    ආ ඒකතාව මම දැනගන හිටියේ නැහැනේ.ස්තුතියි.මේ කවියේ අන්තිම පදේ ලොකු අම්මා මට කිව්වත් දැන් මතක නෑ.ආයෙ ගිය වෙලාවක අහලා දැනගන්න ඕනා..

    @ Weni
    ජයියා අයියට කිව්ව උත්තරෙම තමයි දෙන්න වෙන්නේ .... :D :D

    ReplyDelete
  7. හහ් හහ්. ඒ පරම්පරාවල ළමයි නොසෑහෙන්න මුරණ්ඩුයි, ඊට පස්සෙ අපිව හදන්න ආවට. :D

    ReplyDelete
  8. සෑහෙන කාළෙකින් නෙව මේ පැත්තේ ආවේ මම

    සුද්ද ජනවහර - තුටින් කියෙව්වෙමි - ජය!

    ReplyDelete
  9. බලන්න . . . . තීර්ථ යාත්‍රිකයගෙ සීය කයියට පන දීල තියන අපූරුව

    ReplyDelete
  10. ඇම්ඩන් සහ බඹරකන්ද දිය අල්ල සිහිපත් විය.

    ReplyDelete
  11. අන්න ඒ කාලේ සීයලා..ඒකටත් එක්ක දැන් ඉන්න සීයලනං මහ කමකට නැහැ..පේන්නේ නැද්ද අර ඔබා සීයා...

    ReplyDelete
  12. අපෝ ඒ කාලේ ළමයි හරි නරකයිනේ . දැන් ඉන්න උන් හොඳයි බලාගෙන ගියහම . මොනවා වුනත් ලස්සන නිර්මාණය . සියට කවි ලියන්න පුළුවන් වෙන්න ඇති

    ReplyDelete
  13. @ නලිනි චන්දිමා
    ඒක නං ඇත්ත.අපි වගේ ඔහොම වැඩක් කලොත් වසලා හමාරයි

    @ තිස්ස දොඩන්ගොඩ
    හිහ් හිහ් සුද්ද ජනවහරක් නම් තමයි.ඒත් ඉතිං රසවින්දනය ගැන සලකලා ඉදිරිපත් කොලා...

    @ ඕනයා
    ඒක නේන්නං ...:D :D
    පද පෙරලියක් වගේයි :P

    @ Sujeewa Kokawala
    ම්හු... ඒ කතාව මටනම් එච්චර ක්ලික් නෑ....

    @ මාරයාගේ හෝරාව
    හයියෝ අර අහිංසක ඔබා මාමා. ඈ මාරයියේ බොලා ඔබා මාමට සීයා කියනවානම් අපිට වෙන්නේ උන්දට මුත්තා කියන්න තමා... :P

    @ Bindi
    නරකයි කියන්නත් බෑ අක්කේ.ඒ ඒ කාලෙ තිබ්ච්චි සමාජ වටපිටාව නේ.ඕක මම හිතන්නේ පරන කවියක් වෙන්න ඕනා, නැතිව ඒ සීයා හදපු එකක් නෙවි...

    ReplyDelete
  14. පොඩි දෙයක් මතක් වුනා. මම කලින් කිව්වනේද ඔය කවියේ පද මාරු කරලා කියනවා කියලා. එහෙම කියන්නේ ටීකා සිවුපද වලදී. ඒ කවි වලදී කියන්නේ මෙහෙමයි.
    අන්දර කැලේ - කැන්දර අලේ , දර ලීයේ - ලිර දයියේ, මිරුකුනියා. . . . . . . . .(මිරුකුනියා කියන වචනය විතරක් හුඟාක් ඇදලා කියන්නේ.) ටීකා සිවුපද ගැන දන්නා කෙනෙකුගෙන් ඇහුවොත් කරුණු ගොඩක් ලැබෙයි අපිත් එක්ක බෙදාගන්න.

    ReplyDelete
  15. @ Wicharaka

    ටිකා සිව්පද හා සව්දම් දෙකම ටිකක් එක වගේ නේද? ඒවා කියන ආකාරය ටිකක් විතර රැප් කියන ආකාරයට සමානයි නේද?

    මෙන්න මට මතක ටිකා සිව්පදයක්.හැම පදයක්ම මතක නැහැ හැබැයි

    හෙමින් හෙමින් මම හේනට යන කලටා... (ඇදලා කියන පදය)
    ඌරන්ට,මුවන්ට,මුගටියන්ට,හාවන්ට,තලගොයන්ට ගිණි බිඳින්න යන්නා වගේ (රැප් වගේ කියන පදය)
    හෙමින් හෙමින් මම හේනට යන කලටා....
    එකෙක් ඇවිත් ගැහුවා මගේ පිට මැදටා...
    (කොටසක් මතක නැහැ).. පොල් ගසින් ගෙඩි තුන් හාරසීයක් බිමට වැටෙන්නා වගේ..
    එකෙක් ඇවිත් ගැහුවා මගේ පිට මැදටා...
    එගුටි කකා මම පිනමින් යන කලටා...
    මගෙම මටම ඉල ඇදුනා සිනාවට......

    ReplyDelete
  16. හරියට හරි. ඔය හොයාගෙන තියෙන්නේ ටීකා සිවුපද. ඔය ටීකාව නන්දා මාලනී ගීතයක් ලෙස ගායනා කරනවා නේද? සංවාදයට එක්වෙමට ලැබීම සතුටක්.

    ReplyDelete
  17. @ Wicharaka

    නන්දා මාලනී මහත්මියගේ එම ගීතය මම අසා නම් නැහැ.මේ ටිකා සිව්පදය මම කියෙව්වේ පාසල් යන කාලයේ කියවූ පොතකින්.ඔබ කමෙන්ටුවේ ටිකා සිව්පද ගැන සඳහන් කල විට යලිත් එය මතක් වුනා.ස්තුතියි කමෙන්ටුවට..

    ReplyDelete
  18. සීයා නම් එළ සීයෙක්... ඒ සීයා තාම ඉන්නවාද ??? තීර්ථ යාත්‍රිකයා වුණොත් නාකි වුණු කාලෙට පොඩි එවුන්ට ගජ බින්න අත ඇර ඇර ඉදීවි :D

    ReplyDelete
  19. සීයා නං අවසන් ගමන් ගොහිල්ලා සෑහෙන කල් ..
    කොහොමටත් බහුතරයක් අය වයසට ගියාම ඒකාලෙ කරපු කියපුවා පොඩ්ඩක් අතිනුත් දාලා රස කරලා පහල පරම්පරාවලට කිය කියා ඉන්න ආසයි නෙව

    ReplyDelete

අදහස්, උදහස්....

.