Wednesday, November 30, 2011

සඳ සාක්ෂි දීම | Even moon can be a witness

17 comments
“හොඳ කරන්නාට හොඳ ප්‍රථාපල සහ නරක කරන්නාට නරක විපාක“ මේ කියමන හුඟාක් පරණ කියමනක් වගේම ලෝකයේ එක්තරා ධර්ම තාවයක් ගැන ඉඟි කරන්නක්. ඔබ කරන්නේ හොඳක් වේවා නරකක් වේවා එහි ප්‍රථිපල ඔබට නිසි කාලයේදී ලැබේවි, ඔබ කැමති වුනත් අකමැති වුනත්. මේ ආකාරයට පෝස්ටය පටන්ගැනුනේ ළඟදී දිනයක තීර්ථ යාත්‍රිකයාට අහන්න ලැබිච්චි, කාලෙකට කලින් සිදු වෙච්ච සත්‍ය කතාවක් නිසයි.කතාවට පදනම් වෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ මව් පාර්ශවයේ නෑදයන්ගේ ගම් පළාත වෙච්චි කොබෙයිගනේ ප්‍රදේශය.

සිදුවීමට අදාල චරිත ජීවතුන් අතර නැහැ වර්තමානයේදී, ඔවුන්ගේ දරු පරම්පරාවල අයත් අන්තර්ජාලය භාවිතා නොකරන බව මට කතාව කියපු කෙනා තහවුරු කල නිසා අදාල පුද්ගලයාගේ නියම නමින් නොව ඔහුට භාවිතා කරන කුප්‍රකට අනවර්තනාමයෙන් මම කතානායකයාව හඳුන්වන්නම්.

Read More...

Friday, November 4, 2011

හොරු බය කරන හැටි Thieves Scaring Techniques For Dummies

10 comments
තීර්ථ යාත්‍රිකයා  කොළොං තොටට සමුදීලා ගෙදර බලා ආවා. කාලෙක ඉඳලා Freelance වැඩත් කරන නිසා ඒ හැටි විවේකයක් නොතිබුනත් බ්ලොග් ලිවිල්ල නං ටික කාලෙකට නතර වෙලා තිබුනේ නිතර වැලඳෙන සුව කරන්න ඉතා අපහසු රෝගයක් තීර්ථ යාත්‍රිකයට වැළඳිලා තිබිච්චි එක. ඒ තමයි “කම්මැලිකම“ . කොළඹ ඉද්දි කෙට්ටුවෙලා හිටපු තීර්ථ යාත්‍රිකයා ගෙදර ආවට පස්සේ ආයෙත් මහත් වෙන්න ගත්තා.ඒක වලක්වන්න උදේට උදේට දුවන්න ගත්තත් ඒකත් නැවතිලා ගියේ “ග්‍රීස් යක්කු “ කතන්දරේ එලියට බැස්සට පස්සේ. ඇයි දෙයියනේ එළිය වැටෙන නොවැටෙන පාන්දර කලුපාට ෂෝටකුත් ගහගන හයේ හතරේ පොරක් පාර දිගේ දුවනවා කියන්නේ “මට ගහපාං මට ගහපාං යකෝ“ කියන්නා වගේ වැඩක්නේ ඒ කාලේ....දැන් නම් ආයෙ දුවන්න පුලුවන් තත්වයත් තිබුනත් අර භයංකාර රෝගය (කම්මැලිකම) නිසා බෑ.

Read More...
.