Thursday, July 21, 2011

ඇවිදින මත්ස්‍යයාගේ කතාවස්තුව.. The Legend of Walking Fish

39 comments

වසර  බොහෝ ගණනකට පෙර ලෝකයේ එක්තරා රටක කීර්තිමත් වංශාධිපතියෙකු වාසය කලේය.ඔහුට කිරීමට තිබුනේ තමාගේ නින්දගම බලාකියා ගනිමින් ඔහේ ජීවත් වීම පමණි.ඔහුට සතුරෝ හෝ ධනයෙන් අඩුවක් ද නොවුන නමුත් ගත කලේ එපාවන සුලු ඒකාකාරී ජීවිතයකි. ස්වකීය මාලිගාවේ විවිධ උත්සව පැවැත්වීමත් තම නින්දගම තුල සංචාරය කිරීමත් ඔහුට තිබුන එකම විනෝදාංශයන් වූ අතර මේ ඒකාකාරීත්වය තුල හේ තෙමේ කලකිරීමෙන් යුතුව කාලය ගත කලේය.කාලයක් මෙසේ ගතවූ අතර වංශාධිපතියාගේ ජන්මදිනයද එළඹූනේය.යටත්වැසියෝද මිතුරු රජවරුද ,වංශාධිපතියෝද ඒ වෙනුවෙන් සංවිධානය වූ උත්සවයේදී හොඳ හැටි ගී ගයමින් නටමින්, විවිධ සංදර්ශන නරඹමින් විනෝද වූහ.හැමදෙනාම තමතමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් වංශාධිපතිවරයාට පිරිනැංවීමට ත්‍යාගද ගෙනවුත් තිබින. අසිපත්,රත්‍රන්,රිදී භාජන, ඇඳුම් ආදිය අතරේ වංශාධිපතියාගේ සිත පැහැර ගැනීමට සමත් වූයේ අන් කිසිවක් නොව දුර දුර ඈත රටක වාසය කරන ඔහුගේම සොයුරිය තිළිණ කල තරමක් විශාල මත්ස්‍යයෙකි. අමුතුම පැහැයකින් යුත් ඒ සුන්දර මත්ස්‍යයාහට ඔහු කොතරම් වශී වූයේදැයිද කිවහොත් ඔහුගේ නිදන ආගාරය තුලම මත්ස්‍ය ටැංකියක්ද සාදවා මත්ස්‍යයාටද ඔහුට සමීපව වාසය කිරීමේ අවස්ථාව ලබාදුන් අතර ආහාර  ලබාදීම ටැංකි පිරිසිදු කිරීම ආදී සියලුම කටයුතු ද ඔහුම ඉටු කලේය.
Read More...

Monday, July 18, 2011

ගූග්ල් ප්ලස්.. ඉතින් ඊට පස්සේ.... Whats Up With Google Plus

16 comments
 


ගූග්ල් මඟින් හඳුන්වා දුන් නවතම සේවාව ගූග්ල් ප්ලස් තව දුරටත් අලුත් ආරංචියක් නොවෙයි.බොහෝ දෙනා දැනටමත් මේ ගැන සහ ප්ලස් හි ක්‍රියාකාරීත්වය හොඳින් දන්නවා ඇති. සිංහල බ්ලොග් අවකාශයේත් විවිධ අඩවිවල අඩු වැඩි වශයෙන් මේ ගැන සටහන් වෙලා තියෙනවා තීර්ථ යාත්‍රිකයා දුටුවා.බ්ලොග් අවකාශයේම සහෘදයෙකුට පින් සිද්ධවෙන්න තීර්ථ යාත්‍රිකයාටත් ගුග්ල් ප්ලස් ඇරයුමක් වේලාසනින්ම ලබාගෙන ගිණුමක් විවර කරගන්න පුලුවන් වුනා. බොහෝම ස්තුතියි පූසා... පෝස්ටය වෙන්වෙන්නේ තීර්ථ යාත්‍රිකයාට දැනෙන අයුරින් ගූග්ල් ප්ලස් ගැන විවරණයක් කිරීමටයි.published @www.tirthayathrava.blogspot.com

Read More...
.