Friday, May 27, 2011

Wednesday, May 25, 2011

ආවර්ජනා - දුම්රියේ මතක

18 comments
“ගල්කිස්ස බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය තව ස්වල්ප වේලාවකින් පළමුවෙනි වේදිකාවට පැමිණෙනවා ඇත.දුම්රිය නවත්වන්නේ.......................” දුම්රියපලේ ලව්ඩ්ස්පීකර් හඬින් තිගැස්සෙන මම අවට බලමි.මඟීහු ගමන් මලු අතට ගනිමින් ලැහැස්ති වෙති. වේලාව පාන්දර හයට ආසන්නය.තාමත් මැකී නැති අඳුර මැදින් දුම්රිය පොළට එපිටින් වූ කලපුවේ ජලතලය මත මාලු ඔරුවක් ගමන් කරනු පෙනේ. මා  සිටියේ දුම්රිය පොලේ පළමුවේදිකාවට ඉදිරියෙන් ‍ඇති ප්‍රයෝජනයකට නොගන්නා අබලන් වූ වේදිකාවේ කෙලිසෙල්ලම් කරන එළු එංචුව දෙස බලමිනි. එළුවන් දුසිම් භාගයක් පමණ එකිනෙකා හා පොර බදමින්,ඇන ගනිමින් කෙලිදෙලින් පසුවිය.ඔවුන් මේ සිටින්නේ වැඩී තරවූ පසු හිමිකරු විසින් මසට මැරීමට පෙර පරිවාස කාලයක් ගතකරමින් බව උන් දන්නවාදැයි මම කල්පනා කරමි.උන් ඒ බව නොදන්නවා ඇතැයි මගේ සිත මට පවසයි.දන්නවානම් උන් මෙතරම් විනෝදයෙන් කාලය ගතනොකරනු ඇත.
Read More...

Monday, May 23, 2011

හු.... ටා..........

8 comments

කවියන් සිව්දෙනෙකු දුර ගමනක් යමින් සිටියා පිටිසර බද පලාතක. වෙල්යායක්  මැදින් ගමන් කරනකොට හමුවුනේ වෙල්යාය කෙලවරින් කෙතට දියවර සපයන වාරි ඇල. ඇලෙන් එගොඩ වෙන්න ඒදණ්ඩකුත් තිබුනා.හතරදෙනාම ප්‍රවේශමෙන් ඒ දණ්ඩෙන් යනකොට පළවෙනි කවියට‍ගෙ කවි සිත අවදිවෙලා හිටිවන කවියකට පදයක් ගැලපුවා මෙහෙම
Read More...

Thursday, May 19, 2011

තවත් බ්ලොග් සහෘදයෙකුගේ නික්ම යෑම...

1 comment

වයධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේථ
                                                           ඉලංදාරියා ඔබට නිවන් සුව

Read More...

Tuesday, May 17, 2011

අද අති උතුම් වෙසක් පුන් පොහෝ දිනයයි

1 comment



Read More...

Sunday, May 15, 2011

SMTP , TELNET එක්කලා මේල් යැවීම

5 comments
කලින් මෝරුන් ලවා පාස්වර්ඩ් බාවන හැටි ගැන කතාකරද්දී SMTP සහ TELNET ගැන කියවුන හින්දා තවචුට්ටක් ඒ ගැනම මොනවා හරි ලියන්න හිතුනා. මේ දෙකම එකට සම්බන්ධ කරලා TELNET පාවිච්චියෙන් මේල් යවන හැටි වගේම ආපු ෆේක් මේල් එකක් පස්සෙන් ආරම්භයට එලවාගෙන යන හැටි නැත්තං trace කරන හැටි ගැන පුංචි පහේ විස්තරයක් ලියන්නයි කල්පනාව.මුලින්ම කියන්න තියෙන්නේ මම කියන්නේ බොහොම සරල කතන්දර ටිකක්. හැබැයි නිර්මාණශීලීව කල්පනා කලොත් සෑහෙන වැඩක් කරන්න පුලුවන්
කියලයි. ස්ක්‍රීන් කාස්ට් එකකුත් කරල දැම්මා පහලින් ඒ  නිසා බොහෝම සංක්ෂිප්තව තමයි ලියල දැම්මේ.
Read More...

Tuesday, May 10, 2011

මෝරුන් ලවා පාස්වර්ඩ් බෑවීම

14 comments
කාලෙකට පස්සේ තීර්ථ යාත්‍රිකයා පුංචි පහේ ටෙක් ලිපියක් ලියන්නයි ලෑස්ති වෙන්න.මාතෘකාව ඇලජික් වගේනම් ඔතන මෝරා කියල කිව්වේ ජාලකරණ ක්ෂේත්‍රයේ ඉන්න අයගේ ප්‍රියතම භාණ්ඩයකට.ඒ තමයි Wire Shark.
නම දැක්ක ගමන් ක්ෂේත්‍රයේ අයට නම් කියන්න යන්නේ මොකද්ද කියලා ඇස් පියාගන කියන්න පුලුවන් වේවි.

Read More...
.