Monday, July 18, 2011

ගූග්ල් ප්ලස්.. ඉතින් ඊට පස්සේ.... Whats Up With Google Plus

16 comments
 


ගූග්ල් මඟින් හඳුන්වා දුන් නවතම සේවාව ගූග්ල් ප්ලස් තව දුරටත් අලුත් ආරංචියක් නොවෙයි.බොහෝ දෙනා දැනටමත් මේ ගැන සහ ප්ලස් හි ක්‍රියාකාරීත්වය හොඳින් දන්නවා ඇති. සිංහල බ්ලොග් අවකාශයේත් විවිධ අඩවිවල අඩු වැඩි වශයෙන් මේ ගැන සටහන් වෙලා තියෙනවා තීර්ථ යාත්‍රිකයා දුටුවා.බ්ලොග් අවකාශයේම සහෘදයෙකුට පින් සිද්ධවෙන්න තීර්ථ යාත්‍රිකයාටත් ගුග්ල් ප්ලස් ඇරයුමක් වේලාසනින්ම ලබාගෙන ගිණුමක් විවර කරගන්න පුලුවන් වුනා. බොහෝම ස්තුතියි පූසා... පෝස්ටය වෙන්වෙන්නේ තීර්ථ යාත්‍රිකයාට දැනෙන අයුරින් ගූග්ල් ප්ලස් ගැන විවරණයක් කිරීමටයි.published @www.tirthayathrava.blogspot.com


ආරම්භවී ටික කලකින්ම ගූග්ල් විශිෂ්ඨ සහ ලෝකයේ දැවැන්තම සමාගමක් බවට පත්වුනා. සෙවුම් යන්ත්‍ර යුද්ධයේදී කාලයත් සමගම තම ප්‍රතිවාදීන් පරදා ඇලෙක්සා රෑන්ක් හි අංක 1 බවට පත්වුනේත් ගූග්ල්. පසුව සෙවුම් යන්ත්‍රයට අමතරව විවිධ සේවා  - You tube,ඊමේල්,සිතියම්, පිකාසා ඡායාරූප ගැලරි,බ්ලොගර්, Productivity tools + තව විශාල ප්‍රමාණයක් ගූග්ල් සමාගම විසින් හඳුන්වාදුන්නා.මේ සේවාවන්ගෙන් විශාල ප්‍රමාණයක් ආරම්භ කලේ විවිධ වෙනත් සමාගම්වලින්.ඒවායේ වටිනාකම දුටු පසු ගූග්ල් මඟින් එම කුඩා සමාගම් සේවකයන්ද සමඟින් මිලදී ගැනීමට කටයුතු කලා.තීර්ථ යාත්‍රිකයා ගැන කියනවා නම් අවිවාදයෙන්ම අන්තර්ජාලය තුල විවිධ සේවා සපයන්නන්ගෙන් තීර්ථ යාත්‍රිකයාගේ අංක 1 වන්නේත් ගූග්ල් මයි. 
 published @www.tirthayathrava.blogspot.com
අවශ්‍යතාවය....... published @www.tirthayathrava.blogspot.com
මතකද Orkut ?published @www.tirthayathrava.blogspot.com
2004 ජනවාරි මස ආරම්භකල ඕර්කුට් සමාජීය වෙබ් අඩවිය පසුව ගූග්ල් සමාගම විසින් මිලට ගෙන වැඩිදියුණු කලා.එය එකල ජනප්‍රියව තිබූ myspace වැනි අඩවිවලට තරඟයක් දෙමින් අබිබවා ගියත් පසුව එම වසරේම මූළික අඩිතාලම දමා ආරම්භවුන Facebook මඟින් Orkut හි ග්‍රාහකයන් තමන් වෙතට අද්දවා ගත්තා.එක්සත් ජනපදයේ අතිවිශාල පරිශීලක ප්‍රමාණයක් සිටි ඕර්කුට්හි පරිශීලක ප්‍රමාණය Facebook ජනප්‍රිය වද්දී යලි නොනැගිටින ලෙස ඇද වැටුනා. නමුත් අදටත් ඉන්දියාවේ සහ බ්‍රසීලයේ Facebook පරදා අති විශාල පරිශීලකයන් ප්‍රමාණයක් සිටින්නේ Orkut අඩවියටයි.නමුත් එම තත්වය වෙනස්වන ලකුණු කෙමෙන් කෙමෙන් පෙනීමටද පටන්ගත්තා මෑත අතීතය තුල. G+ මඟින් පසුගිය වාඩුව ගැනීමට ගූග්ල් අදහස් කරනවා ඇති.published @www.tirthayathrava.blogspot.com
published @www.tirthayathrava.blogspot.com
Google Traffic VS Facebook Trafficpublished @www.tirthayathrava.blogspot.com
පරිශීලක ප්‍රමාණය අතින් Google හට අභියෝගයක් වීමට Facebook නැවත නැවතත් සමත්වී තිබෙනවා.මෑත ඉතිහාසයේ  Google අභිබවා traffic ලබා ගැනීමට Facebook කීපවරක්ම සමත්වුනා.එම නිසා Facebook තමන්ට නියත තර්ජනයක් ලෙස Google පාලන අධිකාරිය සිතනවා ඇති.

Facebook විද්‍යුත් තැපැල් ලිපිනයන් හඳුන්වාදෙයි.published @www.tirthayathrava.blogspot.com
මාස කීපයක සිටම facebook ඔබ@facebook.com විද්‍යුත් තැපැල් ලිපිනයන් ලබාදුන්නා.සමහරුන්ට ලැබී ඇති.සමහරුන්ට තවමත් ලැබී නැතිව ඇති.Gmailkiller ලෙස නම් කෙරී තිබුනත් තීර්ථ යාත්‍රිකයා දැනගත් ආකාරයට නම් එය අභ්‍යන්තර පණිවිඩ පද්ධතියක් පමණයි. සමහර දෙනා එය අඳුන්වන්නේ Google Wave Facebook Version ලෙසයි.තවම අත්හදා නොබැලූ නිසා තීර්ථ යාත්‍රිකයා ඒ පිළිඹඳ අදහස් ප්‍රකාශකිරීමට යන්නේ නැහැ. නමුත් නුදුරු අනාගතයේදීම Facebook විද්‍යුත් තැපැල් ,බාහිරටද විවෘත වනු ඇති.අන්න එවිට Gmail වෙතට දරුණු අභියෝගයක් එල්ලවීම අනිවාර්යයි.එයට පිළියමක් G+ තුලින් Google බලාපොරොත්තු වෙනවා ඇති.
Facebook ,Skype දීගය.published @www.tirthayathrava.blogspot.com
Facebook ,Skype සමඟ එක්වී පසුගිය දිනකදී වීඩියෝ චැටින් පහසුව ලබාදුන්නා Facebook අඩවිය තුලදී.මෙය සිදුවුනේ G+ ව්‍යාපෘතිය ආරම්භයට පසුව වුවත් මෙවැනි කරුණු සැඟවීම ක්ෂේත්‍රය තුලදී ඉතා අපහසු වැඩක්. Microsoft සමාගම විසින් Skype මාර්තු මාසයේ මිලදී ගැනීමෙන් පසුව සිදුවන මෙම Skype+facebook එකමුතුවට  Microsoft ද හොරෙන්ම සහභාගීවන බව සැඟවීමට දෙයක් නොවෙයි.Google ට පැහැදිලි අභියෝග කරුවකු වන  Microsoft , Google හි තවත් තරඟකරුවකු වන Yahoo මිලදී ගැනීමට නොනවතින උත්සාහයක් දරමින් පවතින වටපිටාවක් තුල මේ තත්වය වටකර පහරදීමක පිඹුරුපත් සැකසීමක් ලෙස Google සමාගම දකිනවා ඇති.

තාක්ෂණයpublished @www.tirthayathrava.blogspot.com
HTML5 සහ CSS3 නවතම අංගයන්ගේ උපකාරය G+ අතුරුමුහුණත වෙත හොඳින් ලබාගෙන තිබෙනවා. තීර්ථ යාත්‍රිකයා හොඳින් අධ්‍යනය කල දෙයක් තමයි ඉතාමත් සුමට ආකාරයට අතුරු මුහුණතේ components හැසිරෙන ආකාරය.ඡායාරූප සඳහා Lightbox ආකාරයේ අතුරු මුහුණතක් ලබාදී තිබීමත් විශිෂ්ඨයි. බොහෝ වෙබ් අඩවි වල G+ හඳුන්වාදීමේදී මුලින්ම ආරම්භකර තිබුනේ මේ ආකාරයට...published @www.tirthayathrava.blogspot.com
“අසාර්ථක වූ Google Wave හා Buzz වැනි සේවවාගෙන් පසුව Google වෙතින් Social network සේවයක් ලබාදී තිබෙනවා “...
අසාර්ථක වූ Google Wave? Google Buzz ??????published @www.tirthayathrava.blogspot.com
තීර්ථ යාත්‍රිකයා  දකින ආකාරයට නම් Google Buzz හෝ Google wave අසාර්ථක සේවාවන් නොවෙයි.ඒවා මහ පෙරහරක ආරම්භය සනිටුහන් කරන කසකාරයන් වැනියි.අතිවිශාල සමාගම් කිසිදිනෙක ආවාට ගියාට තීරණ ගැනීමක් සිදුකරන්නේ නැහැ.තීර්ථ යාත්‍රිකයා සිතන්නේ නම් Google හි දැවැන්ත අධිරාජ්‍යය ගොඩනැංවීමේ යාන්ත්‍රණයේදී G wave සහ Buzz ඉතා කුඩා පියවරයන් පමණයි. හොඳන් බලන විට G+ හි Buzz සහ Google Wave යන යාන්ත්‍රණ දෙකම අන්තර්ගතව තිබෙනවා. ඒවා පරිශීලකයන්ට හුරුවීමට සහ අත්හදාබැලීමේ අභිප්‍රායෙන් යුතුව වේලාසනම ලබාදෙන්නට ඇති.

බලපෑම හා අනාගත ගමන් මගpublished @www.tirthayathrava.blogspot.com
 කෙසේනමුත්  Google Plus හඳුන්වා දීමෙන් හතර වටේටම වෙඩි තබන්නට Google සමාගම සමත් වී තිබෙනවා.G+ මඟින් දැවැන්ත සමාගම් රාශියකටම මාරාන්තික ප්‍රහාරයක් එල්ල වෙනවා.published @www.tirthayathrava.blogspot.com
published @www.tirthayathrava.blogspot.com
Facebook
 ප්‍රධානම ඉලක්කයක් ඒකේ සැකයක් නැහැ.නමුත් Orkut බිම දැමුවාක් මෙන් G+ පැරදවීම පහසුනොවනු ඇති.ඒ Facebook හි පවතින අර්බුදකාරී තත්වයන් රාශියකටම G+ මඟින් සිම්පල් ප්ලෑන් ලබාදී තිබීම නිසායි.
Circles, Hangouts,Sparks,Buzz ඒ අතරින් ප්‍රධානයි.මීට අමතරව සුමට භාවිතයත් සැලකිය යුතු වටිනාකමක් එකතු කරනවා.

Flicker
G+ සමඟින් Picasa ඒකාබද්ධ කොට ඇති අතර පරිශීලකයන්ට ලැබෙන්නේ නිමානොවන ඉඩක්.අනික් අතට Flicker හි ඇති Performance ගැටලු වලටද G+  විසඳුමක් ලබාදී ඇති නිසා Flicker ට එල්ලවන්නේ මාරාන්තික පහරක්.published @www.tirthayathrava.blogspot.com

Twitterpublished @www.tirthayathrava.blogspot.com
G+ සමඟින් Google ගොඩනගා ඇත්තේ Twitter හා Facebook යන අඩවි ද්විත්වයේම ලක්ෂන ග්‍රහණය කරගත් ඊට තවත් විශේෂාංග රාශියක් එකතු කල යෙදවුමක්. පහුගිය කාලයේදී Twitter හි මතුවුන Server Overload ගැටලු සහ විශාල ග්‍රාහකයන් හැසිරවීමේදී මතුවන අරබුදකාරී තත්වයන් දැන් මදක් සමනය වී තිබුනත් G+ වෙතට ග්‍රාහකයන් ගැලවී යාමෙන් වැලැක්වීමට Twitter ට විශේෂ උපක්‍රම යෙදීමට සිදුවනු ඇති.

G+ සහ Page Rank
G+ බටනය මඟින් Google සෙවුම් යන්ත්‍රයේ Page Rank සඳහා බලපෑමක් ඇති කලොත් එය විශාල වශයෙන් ග්‍රාහකයන් G+ වෙත අද්දවාගැනීමට හොඳ හේතුවක් වේවි.ඒ SEO ක්ෂේත්‍රෙය්  ඉහළ Google Page Rank එකක් ලබාගැනීම අන්තර්ජාලය තුල සිටින සමාගම් වලට මූල්‍ය ස්ථාවරත්වයට තීරණාත්මක සාධකයක් වන නිසා.  published @www.tirthayathrava.blogspot.com

Skype
Google Talk මඟින් යම්ප්‍රමාණයකින් Skype වෙත තර්ජනයක් ඇති කල බව රහසක් නොවෙයි.G+ සමඟින් G Talk හි පහසුකම් තවදුරටත් වැඩි කලහොත් එය skype සේවාවට මරු පහරක් වනු ඇති.

අනිකුත් දැවැන්තයන් G+ අත්හදාබැලීමේ
Michael Dell සහ  Mark Zuckerberg සතුවද G+ ගිණූම් තිබෙනවා.එයින් හැඟෙන්නේ කුමක්ද? G+ දැනටමත් ඇති කර ඇති බලපෑම නොවේද...

Google Plus Gold Rush
Gmail සේවාව ආරම්භ වූ කාලය මතකද? අද මෙන් කැමති කෙනෙකුට ගොස් ගිණුම් සාදාගැනීමේ හැකියාවක් එදා තිබුනේ නැහැ.ඒ වෙනුවට Gmail ගිණුම් හිමියෙකුගෙන් ආරාධනාවක් අවශ්‍ය වුනා.එකල Ebay හිදී Gmail ආරාධනා අඩුමුදලට විකිණීමද දක්නට ලැබුනා.තිබුනේ පුදුමාකාර ඉල්ලුමක්.Yahoo ගිණුමක් සහිතව සිටි තීර්ථ යාත්‍රිකයාත් මිතුරෙකුට වැඳලා වගේ Gmail ආරාධනාවක් ඉල්ලාගත් හැටි මතක් වුනා.Googel Wave හඳුන්වාදීමේදී යම් පමණකට එවැනි තත්වයක් ඇතිවුණත් G+ හඳුන්වාදීමත් සමඟම සුලු සුලු තෑගිවලට පවා G+ ආරාධනා විකිණෙනු Twitter හරහා දක්නට ලැබුනා.

ශ්‍රී ලංකාවට තුන්වන තැන
මෙම ලිපිය ලියන අද දිනය 13/July/2011 වන විට G+ භාවිතයේදී ශ්‍රී ලංකාවට තෙවන ස්ථානය ලැබී තිබුනා.පළමු ස්ථානයේ සහ දෙවනි ස්ථානයේ පසුවන්නේ පිළිවෙලින් එක්සත් ජනපදය සහ ඉන්දියාවයි. කාටද ආඩම්බර :D  සබැඳිය

පෙනෙන ආකාරයට නම් G+ සමඟ Google හි සියලුම සේවා බොහෝදුරට නුදුරු අනාගතයේදීම ඒකාබද්ධ වනු ඇති.ඒත් සමඟින් Cloud Computing සමඟින් Chrome OS එහි සැබෑ මුහුණ පෙන්වමින් එහි සැබෑ ගමන ආරම්භ කරනු ඇති. එමෙන්ම බලාපොරොත්තු වන ආකාරයට G+ සාර්ථක වීම වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට ග්‍රාහකයන් අහිමිවීමට බලපායි.ඒ අතරට අනිකුත් සෙවුම් යන්ත්‍ර,ඊමේල් සේවාදායකයන් සහ සමාජජාල වෙබ් අඩවි ප්‍රධානයි .ෂොපින් මෝල් එකකින් පහසුවෙන් බඩු එකම තැනින් ලබාගැනීමට හැකියාව තිබෙද්දී තැන තැන පිහිටි හුදකලා වෙළඳ සැල් වෙතට පාරිභෝගිකයන් යාමට දක්වන කම්මැලිකම එයට හේතුවනු ඇති .එමෙන්ම G+ තුලින් අන්තර්ජාලය තවදුරටත් ගූගලීකරණය වීමත් සිදුවනු ඇති.
published @www.tirthayathrava.blogspot.com
මෙය G+ පිළඹඳ පූර්ණ විවරණයක් නොවේ........

16 comments:

  1. අප්පේ මගේ නමත් තියනවා.... මට G+ ගිණුම හදාගත්තු වෙනේ මගේ ගූගල් ගිණුමේ තිබුණු සේරම ඊ මේල් ලිපින වලට මම ඇරයුම් පත් යැව්වනේ :)
    හැබැයි ඕන කෙනෙක්ට ඕන කෙනෙක්ව රවුම් වලට දාගන්න පුළුවන් එකනම් ටිකක් කරදරයි වගේ
    G+ මූණු පොතට ලොකු බලපෑමක් කරයි කියලා මටත් හිතෙනවා

    ReplyDelete
  2. අපූරු විග්‍රහයක් මචන් ...

    ReplyDelete
  3. ‍බොහෝ දුරට එකඟයි. නමුත් Google Wave හා Google Buzz යනු කස කරුවන්ය යන හැඳින්වීම වැරදියි කියලයි මට හැ‍‍‍ඟෙන්නේ. Google Wave නිසැක වශයෙන්ම අසාර්ථක ව්‍යාපෘතියක්. ඔවුන් එය හඳුන්වා දුන්නේ මාර්ගගත සාමුහිකකරණ (Online Collaboration) උපාංගයක් විදියට. නමුත් ක්‍රියාකාරීත්‍වයේ මන්‍දගාමිත්‍වය හා සංකීර්ණභාවය නිසා එය පොදු මහජනයා අතර ජනප්‍රිය කරගන්න බැරි උනා.

    Google Buzz, සම්බන්ධයෙන් නම්, එය අසාර්ථකයි කියන්නට බැහැ. එය සාර්ථකව ක්‍රියාත්මක වන ලෙසයි මම දකින්නේ. Buzz නම් අනිවාර්යයෙන්ම Google+ වෙතට අන්තර්ග්‍රහණය කෙරේවි. එය බොහෝ දුරට Facebook Wall එකට ආසන්න ක්‍රියාකාරීත්‍වයකට යොදාගන්න පුළුවන්.

    Google+ සම්බන්ධයෙන් මගේ අදහස නම් එය “දැනටම පවත්නා Google සේවාවන් මතට සමාජ ජාල ස්ථරයක් එක් කිරීම.” බවයි. මම මේ අදහස ගැන මගේ බ්ලොගයේ පහත දැක්වෙන ලිපියේ ලිවුවා.

    http://blog.budhajeewa.com/google-%E0%B7%83%E0%B7%84-facebook-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93-%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%BA%E0%B7%92/

    Facebook වෙතට Google+ අනිවාර්යයෙන් බලපෑමක් එල්ළ කරාවි. නමුත් මම ඒ බලපෑම දකින්නේ පරිශීලකයන්ගේ සුභසිද්ධිය සඳහා වන එකක් ලෙසටයි. අවසානයේදි තමන් දන්නා හඳුනන අයවලුන් පමණක් Facebook වෙත එකතු කරගන්නටත් මාර්ගගත සබඳතා සඳහා Google+ භාවිතා කරන්නටත් මිනිසුන් පුරුදු වේවි. මම "Facebook යනු මිතුරු පාදක සමාජ ජාලයකි." හා "Google+ යනු අන්තර්ගත පාදක සමාජ ජාලයකි." කියලා හඳුන්වන්නට කැමතියි. ඒ අදහස පිළිබඳවත් වැඩි විස්තර ඉහත දැක්වූ ලිපියේ සඳහන් වෙනවා.

    හොද විශ්ලේෂණයක්. ජය!

    ReplyDelete
  4. ඉතාම අපූරු විග්‍රහයක්..!!

    මාතෘකාවට අදාල නොවුනත්,මට මතක හැටියට ගූගල් සමාගම ඉතාම පහත් අඩියකට වැටී තිබුනු සමයකයි, ජීමේල් සේවාව ආරම්භ කළේ. ඒ 2GB තරම් අතිවිශාල ඉඩක් Gmail ගිණුම් සඳහා ලබාදෙමින්. (එකල yahoo හි එය 15MB පමණයි!) එය අතිශයින් අවදානම් සහගත හඳුන්වාදීමක් වුවත්, ඔවුන් ගොඩගියේ ඒකෙන්. (මමත්, Google සමාගමෙන් කෙලින්ම ලැබුනු invitation එකක් මගින් ජීමේල් ගිණුම් විවෘත කරගත් මුල් කණ්ඩායමේ කෙනෙක් :D )

    ReplyDelete
  5. @ පූසා
    ස්තුතියි මචන් ආයෙත්.ඕන කෙනෙකුට අපිව රවුම් වලට ඇඩ් කරගන්න පුලුවන් තමයි.අපි එයාලව ඇඩ් කර නොගත්තොත් ඒ අයට බලන්න පුලුවන් වෙන්නේ අපි පබ්ලික් විදිහට ෂෙයා කරන දත්ත පමණයි.හරියටම ට්විටර් වගේ.නමුත් වත පුස්තකයට වඩා ප්ලස් හි ප්‍රයිවසි සැකසුම් පහසුයි භාවිතයට.ඒ වගේම තේරුම් ගැනීමත් ඉතාම පහසුයි.

    @ වැප්
    ස්තුතියි මචන්.

    @ මහසෝනා.
    එළ. ආයෙත් ඇවිත් යන්න එන්න.

    ReplyDelete
  6. @ බුධාජීව
    ස්තුතියි බුධා දීර්ඝ කමෙන්ටුවට.මම හිතන්නේ තීර්ථ යාත්‍රා ඉතිහාසයේ දිගම කමෙන්ටුව හිමි ඔබටයි. :D
    මට වේව් හොඳන් පාවිච්චි කර බලන් බැරි වුනා.ඒ නිසා එතරම් අවබෝධයක් නැහැ ඒ ගැන.මම මෙතනදී හිතුවේ ගූග්ල් වේව් හි වගේම බස් හි තාක්ෂණික අංශය ප්ලස් වෙත ලැබී ඇති නිසා ඒ යාන්ත්‍රණයන් හොඳට පැහැදිලි කරගැනීමේ අරමුණින් යුතුව කලින්ම මුදාහරින්න ඇති බවයි. ගුග්ල් ප්ලස් කියන්නේ ගූග්ල් සමාගමේ කඩඉමක් නිසා වැරදීම් වලට ඉඩක් නැති බවයි මගේ හැඟීම.
    ඔබ කියන්න වගේම ප්ලස් ෆේස්බුක් වලට වඩා පැහැදිලිවම වැඩි යමක්.අවශ්‍ය ඕනෑම කෙනෙකුට අපිව ඇඩ් කරගන්න පුලුවන්.නමුත් එවිට ඔවුන්ට දකින්නට පුලුවන් වෙන්නේ අපි පබ්ලික් විදිහට ෂෙයාකරන ඒවා පමණයි.අනික් අතට ඔබ කියන්නා වගේම විශාල පරාසයකට අමතන්නත් පුලුවන් වීම අමතර වාසියක්.දන්නා හඳුනන අය පමණක් ෆෙරෙන්ඩ්ස්,ෆැමිලි වැනි සර්කලයන් තුල රඳවා ගන අති විශාල පරාසයකට අමතන්න පුලුවන්.නමුත් මට දැනෙන හැටියට නම් ගූග්ල් අපේ ප්‍රයිවසි හොඳින් රැකගැනීමට යාන්ත්‍රණයක් සකස් කර ඇති බවයි.සමාජ ජාල අඩවි වලදී ප්‍රයිවසි කියන කාරණය අතිශය වැදගත්.ඕර්කුට් බිඳ වැටුනේ මේ ප්‍රශ්නය නිසා..
    ඔබේ ලිපිය මා කියෙව්වා.ඒ වගේම ඒ ලිපිය මා නවතම මානයකට ගෙන යෑමට සමත්වුනා.ඔබට ජය.

    ReplyDelete
  7. @තීර්ථ යාත්‍රිකයා: මගේ ලිපිය කියවීම ගැනත් එහි ප්‍රතිචාරයක් දැක්වීම ගැනත් ඔබට ස්තුතියි! :)

    පෞද්ගලිකත්ව ආරක්‍ෂණ වැඩ පිළිවෙල ඉතාම හොඳින් තිබුනාට Google+ හි අනෙකුත් පහසුකම් වල අඩුපාඩු කිහිපයක්ම තියනවා. Circle management වලට තිබෙන හැකියාව ඉතාම අවමයි. උදාහරණයක් විදියට එක් circleයක් තුලට ගියාම එහි සාමාජිකයන් සිටින අනෙක් circles මොනවාද කියලා හඳුනගන්න බැහැ.

    අපි හිතමු මහජනයා‍ට නිකුත්කිරීම දක්වා ගමන් කරන අතර තුර ඒ පහසුකම් එකතුවේවි කියලා.

    ReplyDelete
  8. @ ටී.බී. හේරත්
    ස්තූතියි මචන්...

    @ සුමින්ද
    ස්තුතියි. ගූග්ල් ජීමේල් වලට 2 ගිගා ඉඩක් ලබා දෙමින් කලේ පෙරළියක්.ඒ කාලේ හොට් මේල් වල තිබුනේ 2Mb ඒක ඒ අය ඉක්මණට 25Mb වලට වැඩිකලා. Yahoo වල දුන්නේ 4Mb, ඒක ක්ෂණිකව වැඩි කලා 100 Mb වලට.

    ReplyDelete
  9. @ බුධා
    ඔව් අඩුපාඩු නම් තිබෙනවා.සර්කලයන් මර්ජ් කිරීමේ හැකියාවත් තිබුනා නම් හොඳයි. තවම නිකුත් වෙලා තියෙන්නේ අත්හදා බැලීමේ සංස්කරණයන් නිසා අඩුපාඩු එමට ඇති.මා Mashable වල ඕපන් ත්‍රෙඩ් එකකුත් තියනවා දැක්කා භාවිතා කරන්නන් හා ගූග්ල් අතර සංවාදයක් ඇති කිරීමට.තවමත් ප්ලස් මොන මුහුණුවරක් ගනීද කියලා කියන්න හරියටම අමාරුයි. හැබැයි අපේ උන්දලා නම් කාලෙ කන්න තවත් යාන්ත්‍රණයක් හොයාගනීවි මේකෙනුත්..

    ReplyDelete
  10. නොදත් දේවල් ගොඩක් දැන ගත්තා! බොහෝම පින් තීර්ථ යාත්‍රිකයාණෙනි!

    ReplyDelete
  11. @ විසිතුරු
    ස්තුතියි කමෙන්ටුවට. දන්නා කියන දේ බෙදාහදාගැනීම මගේ සිරිත.එතකොට අනිත් අයගෙන් මට මම නොදන්නා දේත් දැනගන්න ලැබෙනවා..

    ReplyDelete
  12. @ Shamin Ayesh
    ඔයාගෙ කමෙන්ට් එක පල කලේ නැහැ.ඊමේල් ඇඩ්‍රස් එක ස්පෑම් වෙන්න ගනී කියලා.ඔයා ඉල්ලපු නිසා ප්ලස් ඉන්විටේෂන් එකක් මම එවල ඇති.

    ReplyDelete
  13. @ Osada Suraweera
    ස්තුතියි මචන්..ඉස්කෝලෙදි දැකලා පුරුදු මූණක් මේ පැත්තෙදිත් දැක්කාම සන්තෝසයි... :)

    ReplyDelete

අදහස්, උදහස්....

.