Thursday, July 21, 2011

ඇවිදින මත්ස්‍යයාගේ කතාවස්තුව.. The Legend of Walking Fish

39 comments

වසර  බොහෝ ගණනකට පෙර ලෝකයේ එක්තරා රටක කීර්තිමත් වංශාධිපතියෙකු වාසය කලේය.ඔහුට කිරීමට තිබුනේ තමාගේ නින්දගම බලාකියා ගනිමින් ඔහේ ජීවත් වීම පමණි.ඔහුට සතුරෝ හෝ ධනයෙන් අඩුවක් ද නොවුන නමුත් ගත කලේ එපාවන සුලු ඒකාකාරී ජීවිතයකි. ස්වකීය මාලිගාවේ විවිධ උත්සව පැවැත්වීමත් තම නින්දගම තුල සංචාරය කිරීමත් ඔහුට තිබුන එකම විනෝදාංශයන් වූ අතර මේ ඒකාකාරීත්වය තුල හේ තෙමේ කලකිරීමෙන් යුතුව කාලය ගත කලේය.කාලයක් මෙසේ ගතවූ අතර වංශාධිපතියාගේ ජන්මදිනයද එළඹූනේය.යටත්වැසියෝද මිතුරු රජවරුද ,වංශාධිපතියෝද ඒ වෙනුවෙන් සංවිධානය වූ උත්සවයේදී හොඳ හැටි ගී ගයමින් නටමින්, විවිධ සංදර්ශන නරඹමින් විනෝද වූහ.හැමදෙනාම තමතමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් වංශාධිපතිවරයාට පිරිනැංවීමට ත්‍යාගද ගෙනවුත් තිබින. අසිපත්,රත්‍රන්,රිදී භාජන, ඇඳුම් ආදිය අතරේ වංශාධිපතියාගේ සිත පැහැර ගැනීමට සමත් වූයේ අන් කිසිවක් නොව දුර දුර ඈත රටක වාසය කරන ඔහුගේම සොයුරිය තිළිණ කල තරමක් විශාල මත්ස්‍යයෙකි. අමුතුම පැහැයකින් යුත් ඒ සුන්දර මත්ස්‍යයාහට ඔහු කොතරම් වශී වූයේදැයිද කිවහොත් ඔහුගේ නිදන ආගාරය තුලම මත්ස්‍ය ටැංකියක්ද සාදවා මත්ස්‍යයාටද ඔහුට සමීපව වාසය කිරීමේ අවස්ථාව ලබාදුන් අතර ආහාර  ලබාදීම ටැංකි පිරිසිදු කිරීම ආදී සියලුම කටයුතු ද ඔහුම ඉටු කලේය.
මත්ස්‍යයාද මනා පෝෂගුණයෙන් යුතු ආහාර ලබමින් දිනෙන් දින අලංකාර ලෙස වැඩෙන්නට වූයේ වංශාධිපතිවරයාගේ සිත සතුටින් පුරවමිනි. දිනපතා මත්ස්‍යයා පෙනේරයක ආධාරයෙන් පිටතට ගෙන ජලබඳුනක බහාලන වංශාධිපතිවරයා අනතුරුව මත්ස්‍යයාගේ නිල නිවස්නය වූ ටැංකිය පිරිසිදු කරයි.දිනක් මත්ස්‍යයා පෙනේරයෙන් පිටතට ගන්නවාත් සමඟම වංශාධිපතිවරයාට හදිසි වැඩ කටයුත්තකට මද මොහොතකට පිටතට යාමට සිදු වූ අතර ආපසු පැමිණී බලන විට සිදුවී ඇති දෙය දුටු ඔහු සිය ආසනය මතට ඇදගන වැටුනි.අමතකවීමකින් මත්ස්‍යයා ජල බඳුනට දැමීමට පෙර පෙනේරය මතම තබා ගොස් තිබුන අතර ජලය නොමැති කමින් මත්ස්‍යයා හුස්ම ගැනීමට නොහැකිව ඉතා අසීරුවෙන් පණ අදිමින් සිට ක්ෂණිකව නිශ්චල විය.
සිදුවූ දෙයට කල හැක්කක් නොමැති නිසා දිගු හුස්මක් හෙලූ වංශාධිපතිවරයා, වේදනාත්මක හඬක් නගමින් මත්ස්‍යයා නැවත උගේ ටැංකිය වෙතට විසිකලේය.පුදුමයකි, ඉන්ද්‍රජාලයකි ජලයට වැටුනු මත්ස්‍යයා මඳවේලාවක් නිසලව සිට අනතුරුව සෙමෙන් සෙමෙන් දිය සිසාර පිහිනීමට පටන්ගත්තේය.ප්‍රීතියෙන් ඔකඳ වූ වංශාධිපතිවරයා ප්‍රීතියෙන් සිවුරුහන් ලමින් සිදුවූ දෙය පිළිඹඳ මදක් කල්පනා කලේය.මත්ස්‍යයා ලක්ව සිටියේ තාවකාලිකව අකර්මන්‍යවීමකට බව ඔහුට තේරුම් ගිය අතර ඒ ඔස්සේ සිය පරිකල්පන ශක්තිය මෙහෙයවමින් ඔහු අගනා පරීක්ෂණයක් සැලසුම් කලේය.
සැලසුම් කලපරිද්දෙන්ම වංශාධිපතිවරයා සිය පරීක්ෂණය දියත් කලේය.දිනපතා මත්ස්‍යයා ටැංකියෙන් පිටතට ගන්නා ඔහු මද වේලාවක් මත්ස්‍යයාට ජලය රහිත පරිසරයේ සිටීමට ඉඩහරියි.මත්ස්‍යයා අකර්මන්‍යවන විටදීම නැවත ජලයට මුදාහරියි.කාලය දිනෙන් දින ගතවන අතරේ වංශාධිපති තෙමේ මත්ස්‍යයා සමඟ වැඩි වැඩියෙන් කාලය ගතකරමින් සිය පරීක්ෂණය ඉදිරියටම ගෙන ගියේය.මාස කීපයක් ගතවුනි.දැන් මත්ස්‍යයාට ජලය රහිතව මිනිත්තු තිහක් පමණ සිටීමට හැකිය.අනතුරුව වංශාධිපතියා මත්ස්‍යයා මේසය මත තැබූ අතර කල් ගතවද්දී ඌ මේසය මත සෙමෙන් සෙමින් ලිස්සා යාමට පුරුදු විය.
හිරු උදාවී හිරු බැස ගිය අතර, සෘතු උදාවී සෘතු නිමාවිය.උණුසුම් සුළං හමා අලස ස්වභාවයක් නංවන ගිම්හානය නිමා වී සරත් සෘතුවද උදාවිය.වංශාධිපතියා සිය පරීක්ෂණය ඉදිරියටම කරගන යන අතරේ දැන් මත්ස්‍යයා වැඩි වශයෙන් ගොඩබිම සිටී.ඌ මද වේගයකින් ලිස්සා යන අතර ශරීරයේ පහත කොටසේ කොරපොතු ඝණවී අමුතුම හැඩයක් ගෙන වෙනස් ආරයක ජීවියෙකු බවට පත්වූයේය.
වසරක් ගෙවී වසරක් උදාවිය දැන් මත්ස්‍යයාට ජලය අවශ්‍ය නැත.වංශාධිපතියාත් සමඟ දැන් ඌ මන්දිරයේ හැම අස්සක් මුල්ලක් නෑරම සැරිසරයි.තම මත්ස්‍ය සුරතලාගේ දියුණුව පිළිඹඳ වංශාධිපතියා අධිකව සතුටු වූ අතර සේවක මන්ඩලය තුල වූ ගෞරවය මත්ස්‍යයාටත් එක ලෙසව ලැබින.නගරයේ උත්සව සමය උදාවිය වංශාධිපතියා සිය මත්ස්‍ය සුරතලා සමඟ සමාජගත විය.යන යන තැන මිනිසුන් විමතියෙන් බැලූ අතර දන දන තුඩ තුඩ වංශාධිපති තුමාගේ මත්ස්‍ය සුරතලාගේ හපන්කම් පැතිරී ගියේය.ජලය රහිතව ජීවත්වන මත්ස්‍යයාගේ ආරංචිය තටු ලැබී වේගයෙන් පියාඹා ගිය අතර වංශාධිපතියාට කීර්තිය,පැසසුම් ගලා ආවේය.මත්ස්‍ය සුරතලා දකිනු පිණිස රජකුමාරවරු,කුමාරියන්,වංශාධිපතිවරුන්ගෙන් මන්දිරය පිරී ගියේය. මාර්ගවලදී හමුවන සුනඛයින් මුලින් මුලින් ගොර බිරම් හඬ නැගුවද මත්ස්‍යයාද සිය තියුණු දන්තයන් පෙන්වා ඉදිරියට ගිය කල උහු මුලු ගැන්වී ගියෝය.
කාලයක් ගතවිය.වංශාධිපති තුමාගේ දුර පිහිටි නින්දගම් වලින් අස්වනු නෙලන කාලය ළඟාවූ හෙයින් එතුමාට එහි යෑමට සිදුවිය.තම මත්ස්‍ය සුරතලාගෙන් වෙන්වී සිටීමට අවශ්‍ය නොවූ හෙයින් විශේෂිත පැසක දමා ඌව ද රැගෙන යනු ලැබින.දීර්ඝ ගමනේ කඳු මිටියාවත්,වනනාන්තර පසු කරමින් පිරිස යන අතර මත්ස්‍යයාටද ඇතැම් විට බිමින් යෑමට දෙනු ලැබීය.එක්දිනක උදෑසන පිරිසට දොලපහරක් තරණය කිරීමට සිදුවිය.දොර පාර හරහා වැටී ඇති ඒ දන්ඩෙන් එක පේලියට එකා පසු පස එකා ප්‍රවේසමෙන් ගමන් කලහ.මතස්‍යයාද ඒ දණ්ඩේ ගමන් කිරීමට රැචිකත්වයක් දැක්වූයෙන් එයට ඉඩ දෙනු ලැබින.ඒ දණඩ දිගේ ප්‍රවේසමෙන් මත්ස්‍යයා ගමන් කරන අතරේ ඌ ජල තලයේ තමන්ගේම ප්‍රථිභිම්භය දුටු අතර ඉන්බියපත් වී දැඟලීමේදී ලිස්සා ජලයට වැටුනි. වංශාධිපතියාද සේවකයොද හනි හනිකට ජලයට බැස ඌ ගොඩට ගත්හ.එහෙත්...අහෝ ඛේදයකි.....මත්ස්‍යයා ජලයේ ගිලී මියගොස් තිබුනි............


මේ කතාවේ හරය තීර්ථ යාත්‍රිකයා කාලෙකට කලින් කොහෙන් හරි ඇහුවා.පස්සේ ලුණු ඇඹුල් දාල මේ විදිහට ගොඩනැඟුවා.

39 comments:

  1. නියම කතාවක් බං. අර්ථය ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරහං මචං. මාත් මේ කතාව හලා තියෙනවා ජෝක් කතාවක් විදියට... ඒ වුනාට උඹ ලියල තියෙන විදියට මාර ගති බං....

    ReplyDelete
  2. අපේ ගොඩක් අයට වෙන වැඩක්.. නියමෙටම් ලියල තියෙනව...

    ReplyDelete
  3. fatta kathaawak

    ReplyDelete
  4. කාලෙකින් අහන්න ලැබුන හොඳම කතාවක්...

    ReplyDelete
  5. සිතන්න බොහෝ දේවල් ඉතිරිකළ කතාවක්.අපේ රටටත් හොදට ආදේශ කරන්න පුළුවන්.

    ReplyDelete
  6. What a nice story....
    Please keep your writing up.
    -From Tokyo

    ReplyDelete
  7. මේ කතාව කලිනුත් අහල තියෙනවා. හැබැයි මෙච්චර ලස්සනට නෙවෙයි. අපූරුයි!

    ReplyDelete
  8. සෝක් කතාන්දරයක්...

    ReplyDelete
  9. මරු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
  10. හිතන්න දෙයක් ඉතුරු කරපු කතාවක්

    ReplyDelete
  11. මේකත් අර කැටකිරිල්ලිගෙ කතාව වගේ තමා

    ReplyDelete
  12. මේ කතාවෙන් කියන්න හදන්න එක දෙයක් තමයි මුල අමතක කරන අයගැන.

    @ ගෝල්ඩ් ෆිෂ්
    ස්තුතියි මචන් කමෙන්ටුවට.මේක මාත් ජෝක් කතාවක් විදිහට තමයි ඇහුවේ මුලින්ම, පස්සේ හිතුනා මේක සීරියස් විදිහට ලිව්වොත් ගොඩක් අය කැමති වෙයි කියලා.

    @ මාතලන්
    ඔව් ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි මුල අමතක කරන එක.නමුත් ඒක හරහා තමන්ට හානියක් වෙන්න පුලුවන් කියලා ඒ අයට තේරෙන්නේ නැහැ.ස්තුතියි කමෙන්ටුවට.

    @ ඇනෝ..
    ස්තුතියි කමෙන්ටුවට.

    ReplyDelete
  13. @ මාරයියා
    ස්තුතියි මාරයියේ. පොඩ්ඩක් ගතියක් ගන්නත් එක්ක තමයි කතාවක් විදිහට ලියලා දැම්මේ..

    @ ඇනෝ
    ස්තුතියි කමෙන්ටුවට.අපේ රටට විතරක් නොවෙයි මුල අමතක කරන ඕනැම තැනකදී ගහන්න පුලුවන් ලස්සන හින්ට් එකක් මේක

    @ ඇනෝ
    ස්තුතියි කමෙන්ටුවට, මම රසවත් ලෙස කතා ගෙතීමේ සමතෙක් නම් නෙවෙයි.ඒත් හැකි ප්‍රමාණයෙන් යමක් කරන්න උත්සාහ කරනවා..

    ReplyDelete
  14. @ සුමින්ද
    මේක සෑහෙන්න ජනප්‍රිය කතාවක්.පොඩ්ඩක් වෙනස් කරල ලුණු ඇඹුල් දාල මොඩිෆයි කරල තමයි ලිව්වේ.

    @ රතු මුහුද
    සාදරයෙන් පිළිගන්නවා තීර්ථ යාත්‍රාවට
    එහෙම තමයි.කතාව ලස්සනකරන්න සමහර චරිත මරන්න වෙනවා.

    @ indi
    ස්තුතියි අයියේ..

    @ ජීවිතේ මල්
    සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.ස්තුතියි කමෙන්ටුවට.

    @ deeps
    පළවෙනි වතාව මං හිතන්නේ මේකට ගොඩවැදිච්ච.බොහොම ස්තුතියි කමෙන්ටුවට.කතාව මුලින්ම ගොතපු කෙනා කොච්චර ක්‍රියේටිව් ඇත්ද නේද?

    @ ටී.බී
    මොකද්ද මචන් ඒ සීන් එක, අර අලියා මරපු කතාවද?

    ReplyDelete
  15. මේක බොහොම ඉස්සර දවසක මහජන සම්පත වැඩසටහනකදි ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයගෙන් තමයි මම ඇහුවේ. ඒ මහජන සම්පත කියන දිනුම් ඇදිල්ල ටීවී එකේ පෙන්නපු මුල්ම කාලෙ. පැය භාගයක් විතර ඒක ඇදුනෙ රේණුකා බාලසූරිය ඇන්ටි එක්ක කියවපු ප්‍රේමකීර්තිගෙ ඔය කතා වලින් තමයි. ආයෙත් මතක් කලාට ස්තූතියි මචෝ...

    ReplyDelete
  16. @ ඇනෝ
    අද ඇනෝලා වැහි වැහැලා.. :D
    ස්තුතියි කමෙන්ටුවට.

    @ hare :-)
    ස්තුතියි කමෙන්ටුවට අයියා.ඒ කතාව නම් දැන් තමයි දැනගත්තේ.මොකද ඔය කාලෙ වෙනකොට අපි බොහොම පුංචි උදවියනේ...

    ReplyDelete
  17. ෂා......... මරු කතාවක්!

    ReplyDelete
  18. @ පූසා
    ස්තුතියි මචන්... :)

    ReplyDelete
  19. කලින් අහලා තියන කතාවක්. ඒ උනත් මේ විදියට ලස්සනට ලියලා තියනවා දැක්ක පලවෙනි වතාව. ඕකෙන් දෙන උපදේශය මොකක්ද කියලා හොයලා බැලුවා නම්...:)

    ReplyDelete
  20. පොඩි කලේ අහලා තියනවා එත් ලියලා තියන ස්ටයිල් එකට ආසහිතුනා.

    ReplyDelete
  21. මම මේ ආගිය අතේ කල්පනා කලේ කොහොමද මට උඹේ බ්ලොග මිස් උනේ කියල . . . .??? කොහොම හරි කමක් නෑ එන්න පාර හොයාගත්තනෙ . . . . .

    මේ කතාව කලිං අහල තිබ්බත් ඒ මුල් කතාව දෙකට දාන්න පුලුවන් මට්ටමට උඹ ලියල තියනව මචෝ . . . . නියමයි . . . .

    ReplyDelete
  22. @ Podi Kumarihami
    ස්තුතියි, බලාගන ගියාම මටත් කලාත්මක විදිහට චුට්ටක් ලියන්න පුලුවන්නේ :D. මම හිතන්නෙ නම් මුල අමතක වීම ගැන තමයි කියවෙන්නේ.

    @ μ
    ස්තුතියි.පරණ කතාවක් තමයි.පොඩ්ඩක් මොඩිෆයි කලා.

    @ ඕනයා
    අවුලක් නෑ ඕනයා අයියේ අන්තිමට පාර හොයාගත්තනේ.තැන්කූ කමෙන්ටුවට. බුකියෙං ඇහුවනං පාර කියනවනේ ලෙසටම..

    ReplyDelete
  23. ඔය ජාතියේ මාලුවෝ නං හැමදාම හම්බ වෙනවා :D

    හිනාවෙලා අමතකකරන ජාතියේ කතාවක් කියවලා හිතන්න පුළුවන් විදිහට ලිව්වට ස්තුතියි.

    ReplyDelete
  24. @ Charmi
    ස්තුතියි ප්‍රතිචාරයට. ඔව් ඒ වගේ මාලුවො සෑහෙන්න ඉන්නවා තමයි අද කාලේ.. :D

    ReplyDelete
  25. මම නම් අදම තමයි ඇහුවේ...
    මුල අමතක කිරීමටත් වඩා එහා ගිය අවවාද කීපයක්ම අන්තර්ගතයි කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
  26. @ නදුන් උයන

    හ්ම්.. උනන්දුවෙන් බැලුවොත් නම් කීපයක්ම තියේ තමා.ඒත් මම හිතන්නේ නිර්මාණකරුවාගේ උත්සාහය වෙන්න ඇත්තේ මූළික අවවාදයම වෙන්න ඇති.ස්තුතියි කමෙන්ටුවට.

    ReplyDelete
  27. Take home message - goda inna maaluwanwa wathurata daanna epaa.
    (machan ela kramayata kathaawa goda nagala thiyanawaa)

    ReplyDelete
  28. @ සජිත්
    තැන්කූ මචන් කමෙන්ටුවට.උඹ කතාවට දුන්න ආදර්ශෙත් නං මරු....

    ReplyDelete
  29. ඔයාගේ බස හැසිරවීම ගැන ඉතාම සතුටුයි . මම අහල නොතිබුන කතාවක් . ලියපු විදිහත් අපුරුයි. හොඳ වෙලාවට මුණු පොතින් දැක්කේ මේ බ්ලොග් එක නැත්නම් මට මග ඇරෙනවා . ස්තුතියි මල්ලි.
    ගන්න ගොඩක් දේ ඇති කතාවක්
    ..මුල අමතක කිරීම ..ස්වභාව ධර්මයට විරුද්ධව යාමේ පල විපාක ..
    රියෝ චිත්‍රපටය බැලුවද . ගෙදරක ජිවත් වෙන බ්ලු කියන මැකෝ ගිරවට පියාඹන්න බැරි හැටි

    ReplyDelete
  30. ස්තුතියි අක්කේ කමෙන්ටුවට.මම අක්කව අහම්බෙන් වගේ බුකියෙං දැක්කේ.ඊට පස්සේ තමයි රික්වෙස්ට් කලේ. :)
    ව්‍යාකරණ වැරදි නං ඇති සාමාන්‍ය පෙළින් පස්සේ සිංහල ඉගන ගත්තේ නෑ නේ :)
    රියෝ බැලුවා.ඒක නං ජාති කතාව.ෂෝක්...

    ReplyDelete
  31. මෙන්න මේ පෝස්ට් එක කියවපු කෙනෙක්ගෙ වැඩක්. ස්වර්ණවාහිණියටත් දාල

    http://www.youtube.com/watch?v=gohcubLuQH4

    ReplyDelete
  32. @ මකරා

    ඒකට නම් කියන්න වෙන්නේ අර අහිංසක මාලුවා පව් කියල තමයි මකර අයියේ...

    ReplyDelete
  33. හරිම අපුරු කතාවක්.. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න මත්ස්‍යයෝ ගොඩක් මෙහෙමයි.. උන් වතුරේ ඉඳල ඇවිත් දැන් වතුර මොකක්ද කියලවත් දන්නේ නැහැනේ..

    ReplyDelete
  34. @ ලංකාප්‍රිය
    ඒකනම් හරියටත් හරි කතාව.ඒකනේ මම හැම චන්දෙකටම ගිහිල්ලා එකෙක්වත් එපා කියලා කොලේ පිරෙන්න ලොකු කතිරයක් ගහලා එන්නේ...

    ReplyDelete
  35. අදනෙ පලවෙනි වතාවට මෙහෙට ආවෙ. කාලෙකට පස්සෙ ෆේස් බුක් මැසේජ් චෙක් කරන කොට මේ සයිට් එකේ ලීපිනය හමු වෙලා ගොඩ වදින්න හිතුනෙ, ආවට පාඩු නැහැ.

    ReplyDelete
  36. @ ඔබා මාමා

    ස්තුතියි ඔබා මාමෙ කමෙන්ටුවට.මමත් අහම්බෙන් දැකලයි රික්වෙස්ට් එකක් කලේ...

    ReplyDelete

අදහස්, උදහස්....

.