Friday, June 17, 2011

The South Asian Mobile Conference 2011

9 comments
දකුණු ආසියානු ජංගම දුරකතන පිළිඹඳ සම්මන්ත්‍රනය පහුගිය දවසක ‍කොළඹ ගලධාරී හෝටලයේදී පැවත්වූවා.තීර්ථ යාත්‍රිකයා ජංගම දුරකතන මෘදුකාංග සංවර්ධකයෙක් නොවුනත් ඒ පිළිඹඳ උනන්දුවක් දක්වන්නෙක් නිසා එයට සහභාගී වුනා.වැඩසටහන සංවිධානය කරලා තිබුනේ ICTA ආයතනයෙන් නොමිලයේ මයි.සහභාගී වූවන්ට උදේ වරුවේ සහ හවස් වරුවේ තේ පැන් වගේම දිවා ආහාරයත් නොමිලයේ ලබාදුන්නා.හෙල සිරිතට  අනුව මගුල් බෙර ගසා සක් පිඹ පොල්තෙල් පහන්දල්වා ආරම්භකල ඒ අවස්ථාව සහභාගී වූ විදෙස් ජාතිකයන්ට ආනන්ද ජනක හැඟීමක් දැනවූ බව ඔවුන්ගේ ඉරියව් පෙන්නුම් කලා. අවස්ථාවට අනුග්‍රාහය ලබාදීලා තිබුනේ Etisalat ආයතනයෙන්.

 දේශකයන් වශයෙන් Etisalat ආයතනයේ CEO, Dialog ආයතනයේ CEO මෙන්ම විදෙස් ජාතිකයින් 
කිහිප දෙනෙකුද සහභාගී වී සිටියා. උදේ වරුවේ පැවති දේශන හා සාකච්චා අතරවාරයේ ඩයලොග් ආයතනයේ CEO සහ Etisalat ආයතයේ CEO එකිනෙකාට සියුම් උපහාස එල්ල කරමින් සභාවම සිනාගස්සමින් ඔවුන්ගේ අංගයන් ඉදිරිපත් කලා. නමුත් ලංකාවේ අනෙකුත් ජංගම දුරකතන සමාගම් වන Mobitel,Airtel හෝ Huch මේ සඳහා සහභාගී නොවූයේ මන්ද යන්න නම් ගැටලුවක්. උදේ වරුවේ සම්මන්ත්‍රණය අතරවාරයේ දෙවරක් විදුලිය විසන්ධිවීමත්, දෙවනි වර විදුලිය ප්‍රකෘති තත්වයට පත්කිරීමට මිනිත්තු විස්සක් පමණ ගතවීමත් නම් සිදුවූ කලු පැල්ලමක් සේ සැලකිය හැකියි. මක් නිසාද යත් අන්තර්ජාතික සම්මන්ත්‍රණයක් අප රටේ තරු පන්තියේ හෝටලයක පවත්වද්දී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට අපොහොසත් වීම අප රට ගැන විදෙස් ජාතිකයන්ගේ සිත්තුල වැරදි චිත්‍රයක් මවා පෑමට සමත්වන නිසා.
තරු පහේ හෝටල්වලත් මෙසේනම් රටේ අනෙකුත් තැන් ගැන කවර කතාද යනුවෙන් ඔවුන් සිතන්නට ඇති.

විවිධ මාතෘකා ඔස්සේ ඇදීගිය සම්මන්ත්‍රණයේ තීර්ථ යාත්‍රිකයාගේ සිත් ගත්තේ හවස් වරුවේ පැවති දේශන තුනකුයි.

"මම බින්ලාඩන් නෙවෙයි" කියමින්  ඉන්දියාවේ දරිද්‍ර ප්‍රදේශවල ජංගම දුරකතන භාවිතය 
සම්බන්ධයෙන් ඉතා කෙටි දේශනයක් කල Ozama Manzar මහතාගේ දේශනය
SMS ගුරු වශයෙන් ඉන්දියාවේ ප්‍රචලිත Chirag Jain මහතාගේ දේශනය..මේ දේශනය හිතන්නට තවත් පැත්තක් ලබාදුන්‍ දෙශනයක්.නවීන ජංගම දුරකතන සම්බන්ධ නවීන තාක්ෂනය සම්බන්ධයෙන් උදේ වරුවේ පැවති දේශන එතුමාගේ දේශනයෙන් අභියෝගයට ලක්වුනා. එතුමා කතාකලේ වැඩි දෙනාට ජංගම දුරකතන භාවිතයෙන් අඩු මුදලකට සේවයක් සැපයීම ගැනයි.එතුමා කතා කලේ අඩු පහසුකම් සහිත ජංගම දුරකතන ‍භාවිතාකරන බහුතරයට සේවය සැපයීම ගැනයි.ඒ වගේම දරිද්‍ර ප්‍රදේශවලට ජංගම දුරකතන හා සමගින් සේවයක් සැපයීම ගැනයි.එය නම් ඉතාමත්ම අගය කල යුතු දේශනයක්.

අවසානය පැවති Ralph Simon මහතාගේ දේශනය සභාවේ වැඩිම අවදානයට මෙන්ම ආකර්ෂණයට ලක්වුණ දේශනයයි. එතුමා සභාවේ අවදානය තමා වෙතට යොමුකරගන්නා ආකාරය මැනවින් දැනගෙන සිටියා.
"කොහොමද මච්චාන්" යනුවෙන් කැඩිච්චි සිංහලෙන් දේශනය ආරම්භ කල ඔහු ඉංග්‍රීසි භාෂාවෙන් දේශනය පවත්වාගන යන අතරතුරේදී අප ‍රටේ ගායකයන්, චිත්‍රපටි,ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන මෙන්ම රේඩියෝ වැඩ සටහන් ගැනද සභාවට විස්තර පැවසුවා.සභාවේ අදහස් විමසුවා.නව නිර්මාණයන් සමගින් වෙළඳ පොලට පිවිසෙන ආකාරය මෙන්ම විවිධ සමීක්ෂණ පත්‍රිකාද ගෙන හැර පාමින් ඔහු ඉතාමත් රසවත් ආකාරයට සිය දේශනය නිමා කලා.
සම්මන්ත්‍රණය අතරවාරයේදී තීර්ථ යාත්‍රිකයාට අහඹුලෙස දන්නා හඳුනන කිහිපදෙනෙකුම හමුවුනා, ඒ අතරට තීර්ථ යාත්‍රිකයාගේ පාසල් සගයින් වගේම මීට පෙර එක් වතාවක් පමණක් මුහුණට මුහුණ හමුවී තිබුණත් දුටු සැනින් ක්ෂණිකව අඳුනාගන සැබෑම සහෝදරත්වයෙන් තීර්ථ යාත්‍රිකයා සමඟ කතාබහ කල සිංහල බ්ලොග් අවකාශයේ ඔබ හැම අඳුනන පිටස්තරයා හෙවත් චමිල සොයුරායාත් අයත් වුනා. පස්වරු 5.45 ට පමණ සියලු කටයුතු අවසන් කර පිරිස විසිරී ගියේ නව දැනුමින් මෙන්ම ආකල්ප වලිනුත් මනස් පුරවාගෙන යැයි 
තීර්ථ යාත්‍රිකයා විශ්වාස කරනවා , තීර්ථ යාත්‍රිකයාටත් ඉන්නා අංශයෙන් මඳ පමණක අපගමනය වී ජංගම දුරකතන හා සම්බන්ධ මෘදුකාංග සංවර්ධනයට තිබූ අශාවත් යම් පමණකට වර්ධනය කිරීමට මේ සම්මන්ත්‍රණය සමත් වුනා....

9 comments:

  1. මේකට සහභාගි වෙලා අපිටත් තොරතුරු කිව්වාට ස්තුතියි

    ReplyDelete
  2. හොඳ අත්දැකීමක් ඉස්තුතියි අපි එක්ක බෙදා ගත්තට...

    ReplyDelete
  3. http://srilankanblogs.appspot.com එන්න

    ReplyDelete
  4. කොහෙ රිංගනවද මන්දා... අපිට කිව්වම නරකයිනේ...

    ReplyDelete
  5. දැන් ජංගම දුරකථන හුඟක් දුරට සමාජයට උරාගෙන තියෙන්නෙ. නගරබදවනම් ජංගම දුරකථනයක් නැති කෙනෙක් නැති තරම්. අඩු පහසුකම්ලාභී අයට/ප්‍රදේශවලට යම් සහනයක් ලැබෙන විදිහෙ දුරකථන වර්ග, පැකේජයන් ආදිය ලැබෙනවනම් හුඟක් වටිනවා.
    වෙනස් විදිහෙ මාතෘකාවක්. තීර්ථ යාත්‍රිකයා කැමති අංශයකට අපගමනය වන්නට ලැබේවායි පතනවා.

    ReplyDelete
  6. මෙන්න මචන් ෆෝන්, බලපන් කො හවුසින් එක හදන්නෙ මෙට්ල් එකක් මැෂින් කරල...

    ReplyDelete
  7. @ වැප්
    ස්තුතියි මචන්.මට උඹව කලින් මතක් වුනානම් උඹට අනිවා නිව්ස් එක දෙනවා.ඒත් එදා නිව්ස් එක දෙද්දි පාස් දීල ඉවරනේ.අපරාදේ....අනික වෙලාවක් අවේලාවක් නැතිව මම කතාකරලා නොදන්න දේවල් අහද්දී ඒ දෙවල් දැනගන්න උඹ දෙන සහයෝගේ නම් අමතක කරන්නම බෑ...

    @ indi
    ස්තුතියි කමෙන්ටුවට.ළඟදී ඔබතුමා ලියල තිබුන පෝස්ට් එකත් හරිම අගෙයි.

    @ දෙවනි වැප්..
    ම්ම් මේ නම් වැප්මද කියල සැකයි ඕං ;)

    @ ගෝල්ඩ් ෆිෂ්
    ඉතිං බං උඹ හැමතිස්සෙම කතාකරද්දි කියන්නේ නිවාඩු ගන්නෑ මචන් පට්ට බිසී කියලනේ.ඉතිං මම කරදර කරන්න ගියේ නෑ :D

    @ නලිනි චන්දිමා
    ස්තුතියි අක්කේ.අක්ක කියන කතාව ඇත්ත .ජංගම දුරකතන අපේ රටෙත් හැම අස්සක් මුල්ලක් පුරාම පැතිරිලා තියන නිසා හරියට කල්පනාකලොත් ලොකු වැඩක් කරන්න පුලුවන්.නමුත් අපේ රටේ දුරකථන ජාල හිමිකාර සමාගම් සිම් බෙදන බෙදිල්ලට සමානුපාතිකව ඔවුන්ගේ ජාලයන්ගේ යටිතල ව්‍යුහය වැඩිදියුණු කරන්නෙ නෑනේ..

    @ ටී. බී
    දන්න අඳුනන කෙනෙකුත් මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ.ඉස්කොලෙං අයිං වුනාට පස්සෙ තාම එක පාරක්වත් හම්බවුනේ නෑනෙ නේද බං.වීඩියෝ එක පස්සෙ තමා බලන්න වෙන්නේ.මේ මොබිටෙල් මාමලත් එක්ක බෑනේ බං.

    ReplyDelete
  8. ඇන්ඩ්‍රොයිඩ් :)

    ReplyDelete
  9. @ bckurera
    ඇන්ඩ්‍රොයිඩ් හොඳ මාතෘකාවක් තමයි.ඒත් තාම වැඩිය අතපත ගාන්න හම්බවුනේ නැහැ.එටිසලාට් අයනම් ටැබ්ලට් එකක් දෙනවා 35 කට විතර ඇන්ඩ්‍රොයිඩ් දුවන.හැබැයි මල්ටි ටච් නම් නැහැ. සිංගල් ටච්.අනික ෆ්ලෑෂ් එහෙම වෙනම දාන්න වෙනවා.පරණ වර්ෂන් එකක් දුවන්නේ..

    ReplyDelete

අදහස්, උදහස්....

.