හු.... ටා..........
කවියන් සිව්දෙනෙකු දුර ගමනක් යමින් සිටියා පිටිසර බද පලාතක. වෙල්යායක් මැදින් ගමන් කරනකොට හමුවුනේ වෙල්යාය කෙලවරින් කෙතට දියවර සපයන වාරි ඇල. ඇලෙන් එගොඩ වෙන්න ඒදණ්ඩකුත් තිබුනා.හතරදෙනාම ප්‍රවේශමෙන් ඒ දණ්ඩෙන් යනකොට පළවෙනි කවියටගෙ කවි සිත අවදිවෙලා හිටිවන කවියකට පදයක් ගැලපුවා මෙහෙම
"කවියන් සිව් දෙනා...."
දෙවනි කවියා තවත් පදයක් එකතු කලා.
"ඒ දණ්ඩෙන් යන කලටා...."
තුන්වෙනි කවියා පදය ගැලපීමට පෙර කොලොප්පමක් කිරීමට සිතූ පිටිපසින්ම ගිය සිවුවෙනි කවියා මේ විදිහට තුන්වෙනි පදය ගැලපුවේ ඉදිරියෙන් ගිය කවියාට හීන් තල්ලුවකුත් දමමිනුයි.
"එකකු වැටුනි ඇලටා......."
පය පැකුලුණ තුන්වෙනි කවියා සමබරතාවය ආරක්ෂාකිරීමට අත්වනමින් දඟලන අතරේ එළිසමය මනාව රකිමින් සිව්වෙනි පදය පද බැන්දා.
"හු ටා........."
පද හතර එකට ගත්තම..
කවියන් සිව්දෙනා...
ඒ දණ්ඩෙන් යන කලටා
එකකු වැටුනි ඇලටා
හු............. ටා.........
කෙටිම කෙටි පෝස්ට් එකක්... හැමෝටම ජයවේවා...
[updated 2011/May/24 ]
කවියේ තව තව වර්ෂන් ඇතියි කියලා මම හිතාන හිටියා නිවැරදියි වගේ. ලංකාප්‍රියගේ සිතුවිලි අඩවිය කරගෙන යන ලංකාප්‍රිය මහත්මයා කවියේ තවත් වර්ෂන් එකක් එවා තිබෙනවා.එතුමාට බෙහෙවින් ස්තුතියි.එම කමෙන්ටුව පල නොකරන ලෙස ඉල්ලා ඇති නිසා කමෙන්ටුව පල නොකෙරුනත් මෙන්න එම කවිය
ඒ දණ්ඩේ කොටා..
යන කලටා
වැටුනි ඇලටා
හු ටා......
(මේ වර්ෂන් එක ලස්සනයි වගේ :D)
[/updated]
Monday, May 23, 2011
by තීර්ථ යාත්‍රිකයා
Categories:
අනං මනං,
විහිලු
|
8 comments
Comments (8)
-
හු .....ටා ..පින්තුරෙත් අගෙයි.
-
නියම කවියක් නේ. ලවියෝ හතරදෙනාම කියලා තියෙන්නේ.
-
@බිංදි
ස්තුතියි. ඔය පින්තූරෙ තියෙන්නේ චීන ජාතිකයෝ වගයක් චීනෙ තියෙන මොකක් හරි දිව උලුක්කුවෙන නමක් තියන නදියකට පනින අවස්ථාවක්
@මධුරංග
මේ කවියෙ වගේම කතාවෙත් තව තව වර්ෂන් තියනවා මට මතක විදිහට නම්.හරියටම කතාව මතක නැති හින්ද my own version එකක් තමයි දාල තියෙන්නේ... -
එල සීන් එකක්නෙ වෙලා තියෙන්නෙ ..........
-
@කල්හාර දිසානායක
ඒක නේන්නං.. මේ පැත්තේ ආවාට ස්තුතියි. -
ඒදණ්ඩේ කොටා
යනවිට ගාටගාටා
වැටුනේය ගගටා
හු...ටා.... -
ආ ඔයතියෙන්නේ තවත් වර්ෂන් එකක්.එල එල
-
හොදා හොදා හුටා




