Monday, January 24, 2011

ඩයිනමික් ජීවිතේ සහ මැනස් පැකට්

2 comments
දෙසැම්බර් මාසේ ගෙවිලා ජනවාරිය ලබලා දවස් ගාණක් ගෙවුනට පස්සෙයි හාපුරා කියලා නව වසරේ පෝස්ට් එකක් ලියන්න සැරසෙන්නේ.කාලය හෙමින් හෙමින් ගලාගන යන අතරතුරේ අපේ ජීවිතත් ඩයිනමික් විදිහට ගලාගන යනවා.හෑයියා... ජීවිතේ ඩයිනමික්ද ?  ජීවිතේ නම් ඩයිනමික් තමා , ඒකකාරී විදිහට ගෙවිල යන කලබලකාරී නැති ජීවිතයක් තියේනම් කොච්චර සෝයිද? ඒත් සමහර විට ඒ ඒකාකාරීත්වයම හැමදේම එපා කරාවි. හොදයි එහෙනම් සාම්ප්‍රදායික විදිහටම නව වසරේ කුලුඳුල් පෝස්ට් එක පටං ගන්නං.



වසක් ගෙවි තවක් වසකට
පා නඟන මොහොතේ
සිහි වුනා අපේ ගෙවුන ඒ අතීතය
පසුතැවිලි  නැතෙත් නෑ
දුක් සුසුම් හිඟත් නෑ
ඒත් ඒ අතීතයෙ විසීමෙන් පලක් නෑ
දිරිය ගන්වා සිතට
සිනහ නංවා මුවට
ඉතින් පියවර තබමු
අනාගත මං පෙතට

ඕක ඇවිල්ලා  හෝම් මේඩ්  නිසඳැසක් වගේ එකක්.ඒ කියන්නේ නිසඳැසක් වගේ ලියන්න හදපු එකක්.(බම්බුව තමා, තීර්ථ යාත්‍රිකයා ලියන නිසඳැස්..ඕකා දන්නේ ටක ටක ගාල කෝඩ් කොටන්න විතරයි.) වාක්‍ය රචනා ලුක් එකක් තිබුනට පොඩි සාහිත්‍යමය ගතියක් නැත්තෙමත් නෑ නේද (අනේ හරිම කලාත්මකයි..බල්ලො උඩුබුරනවා ඔයිට වඩා කලාත්මක විදිහට).ඔය නිසඳැස වගේ එකේ තේරුම් දෙකක් තියනවා ඒ කියන්නේ  සාම්ප්‍රදායික සුබ පැතුමක් අස්සට ඔබ්බවපු වහලා ගැහිල්ලක්.අනික ඕක තීර්ථ යාත්‍රිකයා යාලුවෙකුට (යෙහෙලියකට) යවපු එකක්ය කියලත් කියනවානේ...

ඉතිං ඩයිනමික් විදිහට ගෙවිලා යන ජීවිතේ තීර්ථ යාත්‍රිකයා තවත් එක් මං සංදියකට එළඹුනා පහුගිය දවසක. ජූනියර්ස්ලා විදිහට (තේරෙන භාෂාවෙන් කිව්වොත් කුණු ෆෙෂාලා විදිහට) තෘතීක අධ්‍යාපන ආරම්භ කරපු තීර්ථ යාත්‍රිකයලාගේ බැජ් එක ගලාගන යන කාලෙත් එක්කම ගිහිල්ලා සීනියර්ස්ලා  ඊටත් පස්සේ පට්ට සීනියර්ස්ලත් වුනාට පස්සේ හුටා රටවැසියනි කියලා තිබ්බා ෆයිනල් ඉයර් එක්සෑම් එක කියලා එකක්. ඒකත් ඉවර උනාය කියමුකෝ. ඊට පස්සේ මොකෝ වෙන්නේ.ඇකඩමික්ස් ඉවරා.....යි දැන් ඉතින් තියරි වලට ඉගන ගත්ත දේවල් ප්‍රායෝගිකව භවිතා කරන්න හුරු කරවන කාලෙ ඇවිල්ලා. ඒකියන්නේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රෙනින් පටන් ගන්න කාලෙ හරි.බලාපොරොත්තු උන විදිහටම තීර්ථ යාත්‍රිකයාට පරිගණක ක්‍රමලේඛ ශිල්පියෙක් (මොකෙක්...කිව්වා... ප්‍රෝග්‍රැමර් කෙනෙක් ආයුබොවන්ඩ..) විදිහට කටයුතු කරන්න හම්බවුනා. ඕන්න ඉතිං දැන් තීර්ථ යාත්‍රිකයත් අර මහලු වෙන්නැති තොට පැත්තේ තියන සමාගමක ඉන්ඩස්ට්‍රියල් ට්‍රෙනින් පටන් ගත්තා. දෙයියනේ කියල මුලින්ම එසයින් වෙච්චි ‍ප්‍රොජෙක්ට් එක php වලින් කරන එකක් (හප්පේ තියන සන්තෝසෙ... මයි ෆේවරිට් නෙවැ). ඒත් වැඩේ කියන්නේ දැන් ඉතිං වහලා ගැහිලි බොරු. කස්ටා කියන එව්වා එහෙමම තියෙන්න එපායැ.හැබැයි බොස් නම් ගොඩක් හොඳයි. මොන වැඩේ තිබුනත් නොදන්න දෙයක් අහපුවාම ටක් ගාල කියලා දෙනවා. ඕක තමයි ඉතිං පහුගිය දවස්වල සාරාංශය.

පොස්ට් එක ඉවර කරන්න කියලයි කල්පනාව.ඒත් පොඩි කාලෙ සිද්ධ වෙච්චි පුංචිම පුංචි සිද්ධියක් මතක් වුන නිසා ඒකත් ලියලම දානවා ඔන්න ඔහෙ.
තීර්ථ යාත්‍රිකයා පොඩි කාලෙ (පොඩියි කිව්වට 6 වසරේ ඉතින්) ඉස්කෝලෙ හොස්ටල් එකේ හිටියා. අවුරුද්දක් විතර තමයි හිටියේ. අර ටිකක් හිනා වෙන අභීත අයියත් හිටියෙ ඔය ඉස්කෝලෙම තමා. හොස්ටල් එකට ගිය අලුතම ඩෝම් එකේ අයියලා ඉතිං දෙය්යංව වගේ තමයි අදහගෙන උන්නේ. (ඇයි අප්පා 8 වසරේ අයියලා අනේ අම්මියෝ...). ඉතිං ගියපුම දවස්වල ඒ කට්ටිය අපිට උපදෙස් දෙනවා. තොපි මෙහෙම ඉඳපල්ලා. මෙහෙම ඉඳපල්ලා කිය කියා.ඒ අතරේ දවසක් එකෙක් කිවුවා අඩෝ මල්ලිලා උඹලා හොස්ටල් එකේ මැනස් දන්නේ නෑ හරියට..ඒ හින්දා “දැනුමේ“ (හොස්ටල් එක ඉස්සරහා පොත් කඩේ) මැනස් පැකට් තියනවා.ඒව්වා අරන් මැනස් ඉගන ගනිල්ලා කියලා. අනේ ඉතින් මාත් සුවච කීකරු පොරනේ. ගියා දැනුමට ගිහිල්ලා අහනවා කවුනටරේ අක්කගෙන්..
මම: “අක්කේ මැනස් පැකට් එකක් දෙන්න“
අක්කා : “මොකක් “
මම : “මැනස් පැකට්, මැනස් පැකට් අපේ හොස්ටල් එකේ මැනස් ගැන තියෙන්නේ, අන්න එව්වායින් එකක් දෙන්න“
අක්කා :“ම්ම්..  මල්ලි එහෙම ජාතියක් නම් නෑනෙ“
දැන් මොකෝ කරන්නේ. කට වහන් ඉන්නැතිව තීර්ථ යාත්‍රිකයාත් මෝඩයා වගේ ගිහිල්ලා කිව්වා අයියා කෙනෙකුටම “ අනේ අයියේ දැනුමෙ මැනස් පැකට් නෑනේ කියලා“
අහෝ ඛේදයකි ඉරකි තිතකි. සතියේ බයිට සම්මානය තීර්ථ යාත්‍රිකයාට හම්බ වුනේ නිතරඟයෙන්මයි.

2 comments:

  1. අනේ මන්දා බං උඹඨ පිස්සුද අපිට පිස්සුද කියලා.
    මොනාහරි කොටලා දාපං බං ඉක්මනට.

    ReplyDelete
  2. ගෝල්ඩ් ෆිෂ් මේ පැත්තේ ඇවිල්ලා.....
    එල එල

    ReplyDelete

අදහස්, උදහස්....

.