Sunday, April 25, 2010

දිගටම දුවන හැමෝටම සුභ පැතුම්

2 comments
සෑහෙන කට්ටියක් තාම දුවනවා. මම නං ඊයෙ රූ ටික වෙලාවකින් රිසයින් වුනා. රෑ 1 විතර වෙද්දි. දුවන හැමෝටම මගේ සුභ පැතුම්.
Read More...

ප්‍රථම ප්‍රේමය

5 comments



මහබඹා මගෙ නලලෙ කෙටු හැටි
කියන එක හරි මදිද මන්දා
රටේ හැමතැන කරක් ගහලා
ඇයට හිතගියෙ මොකද මන්දා
උපන් වසරට වසක් කලියෙන්
නොඉපදුනේ කරුමයද මන්දා
ඒ වැරැද්දට අහිංසක මට
ලැබුණ පිළිතුර "අනේ මන්දා"




Read More...

Saturday, April 24, 2010

දැන් නං නිදිමතයි

2 comments
නිදිත් මතයි.ඒත් නිදාගන බෑනෙ ඔන්න ඔහෙ ලියලදානවා මොනවහරි....
කලින්ම කිව්වනේ මේ පෝස්ට් ලියන්නේ ලිනක්ස් මත ඉඳගන කියල.හරියටම කිව්වොත් උබුන්ටු කාර්මික් කෝල තමයි දාල තියෙන්නේ.ලිනක්ස් වලට නවකයෙක් උනත් භාවිතා කිරීමේදී හොඳටම තේරෙනවා ලිනක්ස් ගැන තියන මත ගොඩක් තේ කෝප්පේ දකින කුණාටු කියලා.මට තේරෙන හැටියට නං ලිනක්ස් අපිට පුදුමාකාර විදිහට පර්සනලයිස් කරගන්න පුලුවන් වෙනවා.විශේෂයෙන් ස්තුති වෙනවා බුධාජීව මලයට. ඇතිවෙච්ච ගැටලු නිරාකරණය කරගන්න සෑහෙනන උදව් කලා. දැන් කුබුන්ටු ඩෙස්ක්ටොප් එන්වයරමන්ට් එක බාන ගමන්(ගෙනොම් වගේම KDE ත් )අත්හදා බලන්න හිතුනා. හැමොම හැඩවැඩ වලට ආසයිනේ.....
Read More...

මෙන්න ටෝක්

4 comments
අපිත් එක්ක එකම බැජ් එකේ හැබැයි වෙන ඩිපාට්මන්ට් එකක ඉන්න මරු චරිතයක් ඉන්නවා. පුදුමාකාර වදන් තියෙන්නේ....
මේ එයාගෙ කතාවක්

ඌ :උඹ දන්නවද මගෙ ළමා කාලය ගෙවුනේ කොළඹ මැද්දේ
මම :ඒ කොහොමද බන්?
ඌ :මාව හම්බවෙන්න ගිහින් අමාරුවෙලා අපේ අම්මා රිජ්වේ ආර්යා එකට අරන් ගියා. මම සති 2කක් නොමේරු ළදරු ඒකකේ හිටියා.

Read More...

මේකත් නිසඳසක්ද

4 comments
නෙක මලින් බරවුනු බඹර ගුම් නද පැතිරුන
එක මල් ගසක් යට නැවතී බැලුවෙමි
පිපුණ මල් පොකුරු මැද සුදිලෙන මේ තනිමල
මගේ සිත පැහැරගෙන දෙනෙත් ඉවතට යා නොදේ
ඒ මලද මට ලැදිව සිනාසෙනවා දුටිමි
නමුත් රුදු සුළඟ විත් එමල නටුවෙන් සිඳ
මගෙන් ඉවතට රැගෙන යයිදෝ බයයි
සුළං සැර නොවදින සේ මල මුවා කරනෙමි මා
එනමුදු
නටුව ගලවනු නොදෙනු හැක්කේ එමලටම පමණයි
Read More...

වට්ස් අප් -ස්කයි

5 comments
මගෙ යාලුවෙක් කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවට ගියා. මේක එයාට වෙච්ච සිද්දියක්.
දන්නවනේ හැම භාෂාවකම තියනවනේ ඒ භාෂාවටම ආවේනික වෙච්චි තේරුමට සපුරාම වෙනස් අර්ථයක් තියෙන වචන.
ඉංග්‍රීසියේ තියෙන කොමන් කතාවක් නේ
Whats up කියන එක

මගේ යාලුවා ඕස්ට්‍රේලියා ගිය අලුත සුද්දෙක් දවසක් ඇහුවලු mr xxxxx whats up
කියලා.
අපේ පොර උත්තරේ දුන්නලු බොහොම කෙටියෙන්
SKY
Read More...

ගයාවී කෙවිලිය පෙම් ගී

1 comment
වසත් කාලය උදාවී
කොහෝ හඬ රැව් දේලු
තුරු මලින් බර වීලු
පැණි කැවුම් ඉදවීලු
මේ කිසිත් මට නොදැනෙයි
මසිත් ලොව තව අඳුරුයි
උදා වෙන තුරු ඒ වසත් කල
බලා හිඳින්නේ වෙම් බොහෝ කල්
බලා හිඳි කල් නිමා වී
මගෙ අඳුරු ලොව එලිවීය
මගේ මනදොල පුරවාලන්නට
ගයාවී කෙවිලිය පෙම් ගී
Read More...

මැන්ජෝසන් සාමිට මොකද උනේ.....

5 comments
කලින් පෝස්ට් එකේ අන්තිමට මැන්ජෝසන් සාමි හඳ ට ගිහිලලා එන කොට බිමට වැටුනා කියලා කිව්වනේ....
ඔන්න ඉතිරි ටික

ඇස් ඇරලා බලපු මැන්ජොන්සන් සාමි ඇඟපත අතපත ගාලා බැලුවා.අවුලක්නෑ යහතින් හැමදේම තියනවා.
ඒත පුංචි අවුලක් ඉන්නෙ තඩිම තඩි වලක් ඇතුලේ....
හිතාගන්න පුලුවන්ද හේතුව.අච්චර උඩ ඉඳලා වැටෙද්දි හෑරුණවල තමයි ඒක. දැන් කොහොමද වලෙන් ගොඩට යන්නේ මැන්ජෝසන් සාමි දහ අතේ කල්පනා කලා....ටිකක් කල්පනාකරලා බලන කොට ගෙදර තියෙන ඉනිමඟ ගැන මතක් උනා. ඉක්මණට ගෙදර ගිහිල්ලා ඉනිමඟ අරගෙන ඇවිල්ලා වලට බැහැලා ඉනිමඟ තියලා ගොඩ ආවලු.ඇවිල්ලා මී මැස්සොත් අරන් රජ වාසලට කරදරයක් නැතිව ගියාලු.....
(ප.ලි ,මේවා මගේ කතන්දර එහෙම නෙවෙයි හරිද ඕන්....පොත ගැන විස්තර දන්නවනං කියන්න.)
තවත් දෙයක් මම රියල් ටයිම් ලියන නිසා වල්බූත ලියවුනාට ගනන් ගන්න එපා. ඒවගේම ලියන්න එපායැ පැයකට පෝස්ට හතරක්ම. කමෙන්ට වලට ප්‍රතිචාර දාන්න පරක්කුවෙයි ගනන් ගන්න එපා.........
Read More...

චක්නෝරිස් හොයන්න

5 comments
මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා.......දැනුම් දුන්නට ස්තුතියි මොකද මම මෙච්චර වෙලා හිටියෙ ඒක අයින් කරලා තියෙන්නේ කියලා....
අන්තර්ජාලෙ කියන්නේ අමුතුම තැනක් නේ.එක එක ජාතියේ දේවල් තියනවා.
මෙන්න පොඩි විනෝද ජනක දෙයක්
ගූග්ල් සර්ච් ඇන්ජිමට ගිහිල්ලා

find chuck norris

කියලා ටයිප් කරන්න.ඊට පස්සේ i'm feeling lucky ක්ලික් කරන්න. එක පිටුව හොඳට කියවලා බලන්න.
මොකද හිතෙන්නේ........
Read More...

නිසඳැසක් වගේ එකක්

7 comments
මල් පැලක් බන්දවා
කැවුම් කිරිබත් පුදා
පහන් දැල්වූ පමණින්
ඒද අවුරුදු කුමරුන්
අදමිටු බවින් පිරි අඳුරු
සිත් නිවහන් වෙතට........
සිත් පහන් දල්වා
ලොව එකලු කරමු.........
Read More...

මැන්ජොන්සන් සාමිගේ කථා(හඳට යාම සහ මායා බෝන්චි)

4 comments
කවුද මැන්ජෝසන් සාමි කියන්නේ ? සමහර අයට ප්‍රශ්නයක් වෙයි.මැන්ජෝසන් සාමිගේ කතාන්දර ඇතුලත් පොතක්ම තිබෙනවා.ඒක පිරිලා තියෙන්නේ උපහාසාත්මක ටොම් ම ටොම් පචවලින්. කොටින්ම කිව්වොත් ගල් පැලෙන බේගල් වලින්.මම කුඩා කාලයේ මේ පොත කියවා තිබෙනවා නමුත් කතුවරයා පිලිඹඳ මතකයක් නම් නෑ.නමුත් හැමෝටම කියල රසවිඳින්න පුලුවන් නිසා ඒ කථාවලින් කීපයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුවා.මේ මැන්ජෝසන් සාමි කියන්නේ අන්දරේ ට යම් සමානකමක් තිබෙන චරිතයක් කියල කියන්නත් පුලුවන්..නමුත් හැමෝටම කියල රසවිඳින්න පුලුවන් නිසා ඒ කථාවලින් කීපයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුවා.
Read More...

මැරතන් ඇරඹුනා මේ පළමු පියවරයි

Leave a Comment
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මිනි මැරතන් ඉසව්වට සහභාගීවන තීර්ථ යාත්‍රිකයාගේ මුල්ම මැරතන් තරඟාවලියේ මුල්ම ලිපිය මෙයයි.අද තීර්ථ යාත්‍රිකයාට විශේෂත්වයක් තියනවා. මොකද මේ ලිපිය ලියන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ඉඳලා නිසයි..
එහෙනං ඔන්න පටන් ගත්තා.....
Read More...

Tuesday, April 13, 2010

මට සමාවෙන්න මම යන්න යනවා......

10 comments
තව ඉතිරිවී ඇත්තේ සුලු වේලාවක් පමණි. සියල්ලන්ගෙන් සමුගෙන,සදාකාලයටම සමුගෙන යන්න මම තීරණය කර
හමාරයි...මම ගැන දුක් වෙන්න එපා.අපි එකතු වෙලා කරපු කියපු දේවල් අතීතයට එකතුවේවි......මම නිසා කවුරු හරි දුක් වුනා නම් වේදනාවක් වින්දනම් මම ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...ඒ...අවසාන වතාවට මේ අවසාන මොහොතේ මට ඔයාල සමාව නොදී ඉඳියි කියල මම හිතන්නෙ නෑ.ඔයාල අතරට මම ආයෙ එන්නේ මතකයන්ගෙන් විතරයි......සැබෑවටම ආයෙ කවදාවත් එන්නේ නෑ. සමහර විට මම ගැන කට්ටිය ආයෙ පෝස්ට් ලියාවි..ඒත් එතකොට මම ගිහින් හමාරයි...හැමෝම සතුටින් ඉන්න......මම සදහටම වෙන් වෙන්නයි යන්නේ.......



මීට පරණ අවුරුද්ද.....
Read More...

ඇමරිකාවෙන් අපිට අලුත් අවුරුදු සුභ පැතුම්.......

7 comments

මම දැං අන්තර්ජාලයේ සැරිසරද්දි අහම්බෙන් මේක දැක්කේ.....
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලබන්නාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරලා තිබෙනවා......
Read More...

Friday, April 9, 2010

ශුද්ධ වූ කඳු මුදුන කරා 3

2 comments

හිතුවට වඩා ඉක්මණින් තුන් වෙනි කොටස ලියන්න පුලුවන් වීම සතුටට කාරණාවක්.මේ ලිපි පෙළි ලියවෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ සහ සමීප මිතුරෙකුගේ කුලුඳුල් සිරිපා වන්දනාවේ කථාවයි.මුල් ලිපි නොකියවූ අයට පළමු ලිපිය මෙතනින් සහ දෙවනි ලිපිය මෙතනින් කියවන්න පුලුවන්….

දෙවනි ලිපිය අවසන් වුනේ හවස හතට ශ්‍රීපාද තරණය ආරම්භ කල බව පවසමිනුයි.එහෙනම් මෙන්න එතැන් සිට………..

ගමනේ විස්තරයට පෙර ශ්‍රීපාද වන්දනාවේ යන්න බලාපොරොත්තුවන අය හටකරුණු කාරනා කීපයක් මතක් කරන්නට කැමතියි.

1)ශ්‍රීපාදය යනු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය පිහිටා ඇති ශුද්ධ භූමියයි.දේවානුභාවය මුලු භූමිය පුරාම පවතිනවා. ශ්‍රීපාද ගමන කිසිසේත්ම විනෝද චාරිකාවක් නෙවෙයි.සැදැහැ සිතින් ගෞරවය උපදවාගෙන යෑමෙන් පමණයි නිසිඵල ලබාගත හැක්කේ…

2)කිසිම විටෙක මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්න.ඒ වගේම ඔබගේ වචනය සංවර කරගන්න.නැතිනම් බොහෝවිට අනිටු විපාක අතිවිඳීමට සිදුවේවි.

Read More...

Thursday, April 8, 2010

ශුද්ධ වූ කඳුමුදුන කරා 2

3 comments
ශ්‍රීපාද වන්දනා ගමන ගැන දෙවනි ලිපිය ඉක්මණින්ම ලියල ඇතුලත් කරන්න හිටියත් විවිධ හේතූන් නිසා සතියක්ම ප්‍රමාද වුනා.සිදුවූ ප්‍රමාද දෝශය පිළිඹඳ මගේ බලවත් කණගාටුව.
මමත් මගේ මිතුරෙකුත් පළමු වරට ශ්‍රීපාද වන්දනාවේ යෙදුන චාරිකාව ගැන පළමු ලිපිය කියවන්න නොහැකි වුණ අය මෙතනින් ඒක කියවන්න.
කලින් ලිපිය නතර වුනේ අපේ සුන්දර මධ්‍යම කඳුකරය හරහා දුම්රිය ඇදෙන අතරෙදියි.තීර්ත යාත්‍රිකයා හිතන හැටියට නං අපේ මේ පුංචි රටේ තියන ලස්සන,චමත්කාරය හොඳින්ම දැක ගන්න පුලුවන් ගමනක් තමයි කොළඹ බදුල්ල දුම්රිය ගමන...
ගම්පොළ,නාවලපිටිය පැත්තට එනකොට පරිසරය තවතවත් ශීතල වුනා.සීතල සුළං රැල්ලක් මුලු ගතම වෙලාගන හමා යද්දි මමයි මගේ මිත්‍රයායි ඉඳගන හිටපු ආසනයෙන් මදකට බැහැර වෙලා පාපුවරුවට පල්ලම් බැස්සා.
Read More...
.