Tuesday, December 21, 2010

තවත් එක් ක්ලැසික් පොලිස් කතාවක් , ගම පෙරළන හැටි

7 comments
අපේ රටේ පොලීසිය වටා ගෙතිච්චි බොහෝම රසවත් කතා තොගයක්ම තියනවානේ.සමහරක් එව්වා ඇත්ත.තව සමහරක් එව්වා නම් ඉතින් ගල් පැලෙන බේගල්. ඔය අතර කොටසක් ඇත්ත සහ තාරබර එකතු වෙලා රසවත් වෙච්චි එව්වත් තියනවා. මං හිතන හැටියට නං වැඩිපුරම තියෙන්නේ එහෙම කලවං වෙච්චි කතා. ඔය මොන කතාවෙත් යම් පමණකට ඇත්තක් ඇති. අර කතාවකුත් තියෙන්නේ ගින්නක් නැතිව දුමක් නඟින්නෙ නෑ කියලා. ගොඩක් වෙලාවට වෙන්නේ නම් එක් කෙනෙක් කතාව ඇහුවට පස්සේ ඒක වෙන කෙනෙකුට කියන කොට අසන්නා රසගන්වන අදහසින් කෑලි කීපයක් අතින් දාල කතාව කියන එක.එහෙම රවුම් කීපයක් ගියාම කතාව ලස්සනට හැදිලා සමහර කෑලි සංස්කරණය වෙලා වෙනස්ම කතාවක් හැදෙනවා නෙව. වැස්සෙම මතක් වුනා ක්ලැසික් පොලිස් කතාවක්....... 


අද හවස සීතල අස්සෙ වැස්සකුත් වහින්න ගත්තා.අල්ලපු ගෙදර හත් දවසේ බණක්. ඒකට උදව්වෙන්න කියලා ඒ පැත්තේ රවුමක් ගහලා ගොක් රෑන් අදින වැඩ ආරුක්කු නමන වැඩ වලටත් වැස්සේම උදව්වෙලා ඔලුව වැස්සට පෙඟුනට පස්සේ හිතුනා බ්ලොග් එක පැත්තෙ රවුමක් දාල එන්න ඕන කියලා. එක්සෑම් එකත් ඉවර වෙච්චි එකේ විවේකයත් තියනවා ඒත් කම්මැලි කම හින්දාමද කොහෙද ලියන්න හිතුනෙත් නැහැ මොනවත්ම.එක්සෑම් එක ඉවර වෙච්චි ගමන් වෙබ් ප්‍රොජෙක්ට් එකක් සෙට් වෙච්චි නිසා අලුතින් ලියන්න ටෙක්නිකල් හෑල්ලක් වත් නෑ. ඔන්න කට්ටිය කැමති නම් මෙන්න මේ පැත්තේ ගිහිල්ලා (http://code.google.com/apis/themes/docs/dev_guide.html) මොනවා හරි කලානම්. තාම ලංකාව ගැන හදපු ලස්සන එකක්වත් නැහැ.

බයිලා පැත්තකින් තියලා ලියන්න ආපු එක ලියලා දාන්නම් ඔන්න එහෙනම්. මතකනේ 71 ලංකාවේ කැරැල්ලක් කියල එකක් ඇතිවුනා. (කොහෙ මතක තියෙන්නද තීර්ථ යාත්‍රිකයා ඉපදුනේ ඊට අවුරුදු ගාණකට පස්සේ නෙ). දේශප්‍රේමී තරුණ ව්‍යාපාරයක් කියුබාවේ ඇතිකල හා සමාන ආකාරයේ දෙයක් ලංකාවේත් සිදුවෙන්නයි ගියේ. ඒ දවස්වල හිටියෙ නැති නිසාත් ඒ කාලෙ තිබිච්ච සාමාජීය හා දේශපාලන තත්වය දන්නේ නැති නිසාත් තීර්ථ යාත්‍රිකයා ඔය කැරැල්ලේ හරි වැරදි ගැන නම් කියන්න  යන්නේ නෑ. කොහොමටත් ඡන්දෙ දාට ගිහිල්ලා ඡන්ද පත්‍රිකාව කටුගාල එන තීර්ථ යාත්‍රිකයාට ලංකාවේ දේශපාලනය නම් දිරවන මාතෘකාවක් නෙවෙයි. (කොහෙද ඉතින් ආයෙ බයිලා කියන්න ගත්තානේ...)

හරි හරි ඔන්න ඉතින් ඔය කැරැල්ල මැඩ පැවැත්තුවට පස්සේ මහා මෙහෙයුමක් දියත් වුනාලු සම්බන්ධ වෙච්චි අයව හොයන්න. ඉතින් දවසක් දා අර කොටකලිසං ගහගත්ත පොලිස් ඩබලක් ගමේ ගෙන් ගෙට ගිහිල්ලා පරීක්ෂා කරනවලු රාජ්‍ය විරෝධී ලිපි ,පත්‍රිකා, සඟරා එහෙම හොයන්න.ඔහොම හොය හොයා යනකොට
ගෙදරක තරුන පිරිමි ළමයෙක් එහෙම ඉන්නවානම් පරීක්ෂාව දැඩිව කරනවාලු. ඉතින් ඔහොම හොය හොයා යන කොට පොලිස් ඩබල ගොඩ වෙච්චි ගෙදර ඉන්නවාලු නසරානි පෙනුමක් තියන කොලු ගැටයෙක්. “මොකද මේ ළමය කරන්නේ කියලා“ ඇහුවාම  “ අනේ රාළහාමි කොලුව ජේස්ඨෙ කොරනවා“ කියලලු
ලැබුන උත්තරේ. රාළහාමි කෝකටත් කියලා බොහෝම පරීක්ෂාවෙන් කොලුවගේ පොත් රාක්කේ අවුස්සනකොට ...හරියටම හරි මේ තියෙන්නේ බඩු...
ඊගහක් වගේ හම්බවෙච්චි පොතත් අරගෙන වේගෙන් ගිය රාළහාමි අල්ලගත්තලු කොලුවගෙ කණින්ම අල්ලගෙන ...
“ ඈ බොල තෝ අපිව තම්බන්න හිතුව මදි.. හහ් මට දැක්ක ගමන් සැක හිතුන තෝගැන...ඈ යකෝ රට පෙරලන්න කලින් ගම පෙරලන්නයි මුංගෙ කල්පනාව..
ඒකට බලපන්කෝ අල්ලපු ගෙදර මහත්තයා.. කියවන පොත්.. , අම්මා ...අන්න පොත්“
කිය කියා කොල්ලට එකම දෝස්මුරයයිලු එතන. 
මොකද්ද දන්නවද කොල්ල ගාව තිබුන පොත .................................
මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා 1944 දී ලියා පලකරපු ගම්පෙරළිය පොත...
එතකොට අල්ලපු ගෙදර කෙනා කියවපු පොත......ඒක මැක්සිම් ගෝර්කි ලියපු අම්මා....

7 comments:

  1. අනේ අපොයි .... , අනේද පොලිස්කාරයගේ දැනිම ... , දැන් ඉන්න සමහර එවුනුත් ඔය වගේ තමා ....

    ReplyDelete
  2. ඒක තමයි හෙනේ... ඒකෙන් වෙන්නේ කොහෙවත් නැති අහිංසකයින්ට පෝරියල් සෙට් වෙන එක.
    දැං මේකෙ හැටියට ගුටිකාල දඬුවම් වින්දේ උසස් පෙළ ආටෙක්
    හොඳයි කියල පැසසුම් ලැබුවෙ ඒ කාලෙ හැටියට රාජ්‍ය ද්‍රෝහියෙක් (අමුම අමු කොමියුනිස්ට් පොරක්)

    ReplyDelete
  3. පොලිසියට අළුතෙන් එකතු වුණු කොස්තාපල් ගෙන් අමාවතුර ගැන කට උත්තරේ සාජන් මහත්තයා ගත්තු කතාව දන්නවාද ?

    ReplyDelete
  4. “කොහෙද සර්ල ඉතින් මුංව නළවනවනේ..දෙකයි දුන්නේ ඔය උත්තර දුන්නේ යස අගේට ඌ තමයි අමාවතුර ලිව්වේ කියලා“

    මේක නේද මල්ලියෝ

    ReplyDelete
  5. හරියට හරි අයියා :))

    ReplyDelete
  6. අනේ මචෝ පොලිසියේ එවුන් ගැනනම් කියලා වැඩක් නැහැ. වැඩිය ඕන නැහැ ඊයේ රෑ.... අම්මලා ගමේ ගිහින් එන්න පරක්කු නිසා, පාරට ගියා අම්මයි, තාත්තයි පරක්කු ඈයි කියලා බලන්න පුටාර් එකෙන්. අපේ ගෙවල් වලට එහා පොලිසියේ එකෙක් තමා ට්‍රැෆික් දාලා හිටියේ. ඌ මට කියනවා මල්ලී ඔයා ගෙදර යන්න අම්මලාට මං කියන්නම් ඔයා මෙතෙන් බලං ඉඳලා ගියා කියලා. කොහොමද සීන් එක, ඌට මං ඉන්න තැන ඩ්‍රයිවර්ලගෙන් ජරාව ගන්න බැහැනේ... ඒක නිසා...

    ReplyDelete
  7. මොනව කියන්න ද මචන් මේවට?

    ඒක නෙවෙයි ශ්‍රීපාදෙ ගිහිල්ලා වෙච්ච වැඩේ නම් මරු වගේ.

    ReplyDelete

අදහස්, උදහස්....

.