Sunday, September 26, 2010

Talentsoft ජයග්‍රහණය

9 comments
Talentsoft මෘදුකාංග තරඟාවලිය ඊයේ හවස් වරුවේ නිමාවට පත්වුනා.සෑහෙන තරමක පිරිසක් මේ දින දෙකේදි මේ තරඟයට ඉදිරිපත් කර තිබුනු නිර්මාණ දැක බලා ගත්තා.අද පෝස්ටය ලියන්නේ හිතේ සියුම් සතුටක් ඇතිවයි  හේතුව තීර්ථ යාත්‍රිකයා සහ තීර්ථ යාත්‍රිකයාගේ පන්ති සගයා එකතුවෙලා නිර්මාණය කරල තරඟයට ඉදිරිපත් කරපු Safe House Home Security System තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගැනීම නිසායි. පහතින් පේන්නේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් තීර්ථ යාත්‍රිකයා සහ පන්ති සගයා දිනාගත් සම්මානයයි.


සම්මානයට පාත්‍ර වෙච්චි නිර්මාණය ගැන කියනවානම්...ඒක ගෘහස්ත ආරක්ෂණ පද්ධතියක්. දොරවල් සඳහා මුරපද, නිරීක්ෂණ කැමරා , අනවසර ඇතුලුවන්නන් අඳුනාගැනීමට සංවේදක,අනතුරු හැඟවීමේ සීනු ආදියට අමතරව  අන්තර්ජාලය ඔස්සේ එහි වෙබ් අතුරු මුහුණත මගින් නිවසේ ඇති ආරක්ෂන පද්ධතියේ උපාංග පාලනය වගේම දොරවල් ඇරීම ,ලියිට් දැමීම වැනි කටයුතුද සිදුකරගැනීමට පුලුවන්. විශේෂ ස්තුතිය තීර්ථ යාත්‍රකයාගේ පන්ති සගයාට පිරිනමන්න ඕන හේතුව මේ නිර්මාණයේ අදහස වගේම අති විශාල කාර්යභාරයක් ඔහු අතින් සිදුවුනා. පරිපථ සැකසීම, මයික්‍රෝචිප සහ පෝර්ට් ප්‍රෝග්‍රැමින් වගේම නිවස්න සර්වරයේ වැඩකටයුතු කරන වැඩසටහනද නිමවුනේ ඔහුගේ අතින්. තීර්ථ යාත්‍රිකයා කලේ පද්ධතිය දුරස්ථව පාලනය කිරීමට හැකි වෙබ් ඇප්ලිකේෂන් එක එහි අතුරු මුහුණත සහ නිරීක්ෂණ කැමරා මඟින් ලබාගන්නා වීඩියෝ දර්ශන වෙබ් මුහුණත ඔස්සේ ස්ට්‍රීම් කිරීමේ කටයුත්තයි.
මීට අමතරව මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ෂණ සංගමයේ මිතුරන්ට විශේෂ ස්තුතිය පිරිනමන්න කැමතියි.බාධක මධ්‍යයේ ඔවුන් මෙම තරඟාවලිය සාර්ථක ලෙස සංවිධානය කර තිබුනා. ඒ සඳහා විශාල මහන්සියක් වගේම කැපවීමක් ඔවුන් සිදුකර තිබුනා. ඒ නිසා තීර්ථ යාත්‍රිකයාගේ ගෞරවනීය ස්තුතිය ඔවුන් වෙත හිමිවෙනවා.........


9 comments:

  1. සුභ පැතුම් සහෝදරයා!!!!!

    ReplyDelete
  2. උණුස්ම සුභපැතුම්...!

    ReplyDelete
  3. සුභ පැතුම් සහෝදරයා ... දිගටම කරගෙන යන්න ... ජය !!!

    ReplyDelete
  4. @පුබුදුවා , @ prasanna86k, @ Unknown_User/හිඟන්නා

    බො‍හෝම ස්තුතියි හැමෝටම...........

    ReplyDelete
  5. නියමයි...දිගු ගමනකට සුබ පැතුම්

    ReplyDelete
  6. මගේ උණුසුම් සුභ පැතුම්..

    ReplyDelete
  7. @ Hasitha ජයසූරිය ,@ පැන්da
    බොහොම ස්තුතියි....ප්‍රතිචාරවලට සහ සුභපැතුම්වලට

    ReplyDelete
  8. එල කොල්ලෙක් නේ.. මමත් මේ දවස් වල arduino එකක් අරන් පොඩ්ඩක් අත පත ගානවා.. කවදාවත් වැඩකට ඇති දෙයක් කරන්න බැරි වුණාට මම හැමදාම ආස කරන වැඩක් තමයි ඔය එක එක ගැජට් කොම්පුටර් එකෙන් කොන්ට්‍රෝල් කරන වැඩේ..

    ReplyDelete
    Replies
    1. හෙහේ හෙන කාලෙකට කලින් කරපු එකක්. දැන් ඒක ගැන මතක් කරද්දි ප්‍රායෝගික භාවිතයේදී එන්න පුලුවන් ගැටලු නං හෙණ තොගයක් මතක් වෙනවා. ඒ උනාට ඒ දවස්වල තිබ්බ දැනුමෙ හැටියට ඔය මදෑ :D

      Delete

අදහස්, උදහස්....

.