Wednesday, September 15, 2010

TalentSoft 2010 එන්න, නරඹන්න, හෙට දින ලොව දිනනා නිපැයුම්

2 comments

Talentsoft මෘදුකාංග තරඟාවලිය  මෙවරත් මහනුවර උසස් තාක්ෂණ ආයතනයේදී සැප්තැම්බර්    24 සහ 25 යන දින දෙකේ උදේ 9 සිට හවස 6 දක්වා පැවැත්වීමට නියමිතයි.  තරඟය සංවිධානය කරනු ලබන්නේ මහනුවර උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික තොරතුරු තාක්ෂණ ශිෂ්‍ය සංගමය විසින්.ශ්‍රී ලංකාවේ මුල් පෙළේ මෘදුකාංග සමාගම් තරඟාවලිය නිරීක්ෂණ කටයුතු සඳහා සහාභාගී වන බවයි අරංචිය නම්.තීර්ථ යාත්‍රිකයා ඒ පිළිඹඳ නම් වැඩි විස්තර දන්නේ නැහැ.ඕන කෙනෙකුට නැරඹීමට විවෘතයි. ඔන්න ප්‍රදර්ශන දින දෙකේ මහනුවර උසස් තාක්ෂණ ආයතනය පැත්තේ ආවොත් කට්ටියට තීර්ථ යාත්‍රිකයව මුණගැහෙන්න පුලුවන් වේවි. මොකද මහනුවර උසස් ජාතික තොරතුරු තාක්ෂණ සංගමයේ නිල ආරාධනාවකට අනුව පහුගිය කාලෙ මුලුල්ලේම හරියට කෑමක් බීමක් නැතිව තවත් සගයෙක් එක්ක එකතුවෙලා තීර්ථයාත්‍රිකයා  හදපු (තාම හදනවා ආයිබොවන්ඩ) මෘදුකාංග කෑල්ලකුත් ඔය තරඟයේ ප්‍රදර්ශන කුටියක තියනවාය  කියලයි ආරංචිය. මේ තරඟාවලිය මෘදුකාංග තරඟාවලියක්  වුනාට සංවිධායකයන්ගේ කොන්දේසියක් තමයි අනිවාර්යෙන්ම හාඩ්වෙයාර් ඉන්ටග්‍රේෂන් එකක් තියෙන්න ඕන කියන එක.ඒ නිසා වැදගත් නිර්මාණ දකින්නත් පුලුවන් වේවි. ඉතිං එහෙනං මොකක් හරි ප්‍රදර්ශන කුටියක් ගාවින් යනකොට වයර් පැටලිලා බිම වැටෙන්න වගේ ගියොත් එතන ඉන්න ඩබල දිහා ‍හොඳට බලන්න. රිටක් වගේ උස පං ගහක් විතර මහත එකෙකුයි.....රිටක් වගේ උස පීප්පයක් වගේ කෙට්ටු එකෙකුයි හිටියොත් බඩුම තමයි...ඔන්න තැන හරියටම හරි..එතන තමයි තීර්ථ යාත්‍රිකයා ඉන්නේ......
Talentsoft හැමකෙනෙකුටම නැරඹීම සඳහා විවෘතයි..එන්න “අපි නිපදවමු මෘදුකාංග,  ආදරය  ගෞරවය සහ සාමය දිනනා“.......

 ලිපිනය
Sri Lanka Institute of Advanced Technologocal EducationAddress:
 - 

Baladaksha Mawatha
Kandy, Sri Lanka

2 comments:

  1. මේ තැන තියෙන්නේ බෝගම්බර බස් ස්ටෑන්ඩ් එකට එහා පැත්තේ නේද?? සති අන්තේ නුවර එන්න පුලුවන් වුනොත් අනිවා ඇවිත් යනවා.

    ReplyDelete
  2. ඔන්න ඇඩ්‍රස් එකයි මැප් එකයි දෙකම දැම්මා.
    ආවොත් එහෙනං අනිවා එන්න

    ReplyDelete

අදහස්, උදහස්....

.