Wednesday, September 1, 2010

හිතට චමත්කාරයක් දනවන හිත බැඳුන ගීත AKA එළකිරි සිංදු

12 comments

තීර්ථ යාත්‍රිකයත් සින්දු අහන්න සෑහෙන්න කැමැත්තක් දක්වනවා.(හොඳ සිංදු පංකාවක්(FAN)). ඒත් වැරදිලාවත් තීර්ථ යාත්‍රිකයාගේ පංති සගයෙකුගෙන් තීර්ථ යාත්‍රිකයා අහන සිංදු ගැන ඇහුවොත් සියයට අනන්තයක් ෂුවර් ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.
"අනේ ඕක අහන සිංදු, හැම තිස්සෙම චක බක චක බක නැත්තං සල බල සල බල ගාන එහෙමත් නැත්තං මිනිහෙක් මරන්ඩ බෙල්ල මිරිකද්දි කෑගහනවා වගේ ඇහෙන එව්වනේ අහන්නේ.ආපෝ ළඟක ඉන්න හොඳ නෑ ඕක සිංදු අහන වෙලාවට" .

"මචන් අපේ වී මෝල ස්ටාර්ට් කලාමත් ඔය වගේමයි බන් සද්දේ. හරි ලේසියෙන් ඔය සිංදුවට මියුසික් දෙන්න පුලුවන් නේද ?"  දවසක් තීර්ථ යාත්‍රිකයා හෙවි මෙටල් සිංදුවක් අහද්දි කඩාපාත් වෙද්දි පංති සගයෙක් නෝන්ඩියක් දැම්මේ එහෙමයි.



ඇත්තම කතාව කිව්වොත්  එදා ඉඳලම තීර්ථ යාත්‍රිකයා කැමතිම ගායකයෝ කියල ජාතියක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ කැමතිම සින්දු.සින්දුව අහද්දි ඒක මගේ ක්‍රමයට විඳින්න පුලුවන් නම් ඒ සින්දුවට මම කැමතියි.  ඒ වගේම තීර්ථ යාත්‍රිකයා අහන සින්දු එකිනෙකට වෙනස් සංගීත ශෛලි විශාල පරාසයක විහිදෙනවා.ඒ පරාසයට සාම්ප්‍රදායික ගීත වල ඉඳල
රැප්, රොක් , හාඩ් රොක්,මෙටල්, හෙවි මෙටල්, රෙගේ වගේම ????? සංගීත ශෛලියේ ගීතත් අයත්වෙනවා.ප්‍රශ්නාර්ථ දාල තියෙන්නේ සංගීත ශෛලිය හරියටම මොකද්ද කියල දන්නෙ නැති එව්වට :-D .ඒත් කරුමෙකට වගේ අපේ කට්ටියට ඔය විවිධත්වෙ හොයන්න බැරි, උන් කඩා පාත් වෙන්නෙම එක්කෝ මම මෙටල්, හාඩ් රොක් එහෙමත් නැත්තන්  රැප් සින්දු අහන වෙලාවටමනේ. ඉතින් උන්ගේ හිතේ මම අහන්නේ ඒව විතරයි කියලා.

මොන භාෂාවෙන් සින්දු ඇහුවත් මව් භාෂාවෙන් අහද්දි ඒක ඇඟට දැනෙනවා වැඩියි.ඒ වගේම ඒ සින්දුවට සංවේදී ගතිය වැඩියි.ඒකනේ We Are the champians අහද්දි නැතිවුනාට "රණ බිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ ලේ සලකුණ ඇත්තේ" ගීතය අහද්දි ඇඟේ රෝම කූප කෙලින් වෙන ගතියක් දැනෙන්නේ. අනික් අයට කොහොමද දන්නෑ  මට නම් එහෙමයි ඕන්.ඉතින් තීර්ථ යාත්‍රිකයා කැමතිම, ඒ වගේම අහද්දි ඇඟට දැනෙන සින්දු ගැන කතා කලොත්  මෙහෙමයි කියන්න වෙන්නේ......................

මගේ ලිස්ට් එකේ බූට් සින්දු අතරින් අග්‍රස්ථානය ලැබෙන්නේ මේකට තමයි.නිකන් ඉන්න ගමන් තනියම කියල බලන්න. ඇඟට දැනෙනවා මාර විදිහට.හැබැයි අත්දැකීම් එහෙමත් තියනවා නං ඩබල් ත්‍රිබල් වෙලා දැනෙන්නේ.
"මේ නගරය, මා ඔබ මුණ ගැසුන නගරයයි........
මේ නගරය , මා ඔබ වෙන් කෙරුන  නගරයයි"


තවත් එ වගේ ඒවා ගැන කියනවානම්
"ඇගෙ සිනහව තහනම් ගෙදරින් මට තහනම්
සැලවෙයි ගෙදරට ඇය හමුවුනොතින්........"

"මං මුලාවී පාර සොයාගන ______ අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ..." (හිස් තැන-එතෙන්ට එන්නෙ මොකද්ද කියල මතක නෑ)

"දිනක ඔබ මා හිරි පොද වැස්සේ මල් කුඩේ යටින් පියමැන්නා
මොනවද හිමිහිට මිමිණුවා ,අද හීතල වැහිබිඳු නහවයි මා
මල් කුඩේ යටින් මම තනියෙන්, මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ"

ඇයි කසුන්ගේ
"මල් මිටක් තියන්න ඔබ අතේ මට කියාකොයින්ද මල් වනේ
ජීවිතේ විසල් නදී තෙරේ තුරුහිසත් මලයි ඔබයි....මගේ"
හැබැයි පොඩි අවුලකට තියෙන්නේ සින්දුවේ සංගීතය කොපි පාරක් දාල තියන එක.

අමරසිරි පීරිස් මහතාගේ
"හන්තානට පායන හඳ ලස්සනයිද බලන්න
මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න"
අමුතුම සීමාවකට හදවත අරන් යන ගීතයක්. තවත් පරිත්‍යගශීලී ආදරවන්තයෙකුගේ කතාවක්.



ඒ බූට් සින්දුනේ ,මේ හිතට චමත්කාරයක් දනවන ගීත.

ගංගා සහ නිශ්ශංක නාට්‍යයේ තේමා ගීතය.අහද්දි හිතට එන්නේ පුදුමාකාර හැඟීමක්.
"සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙනආවේ....සිනාසේ..ඔබයි ගෙනආවේ
වසන්තය මලක් සේ.........."

ටී එම්ගේ මේ සින්දුව නං දැන් වැඩිය ඇහෙන්නෙ නෑ
"ජීවිතේ අමධාරා උල්පතේ රස උතුරා"
ඉතිරි වචන ටික මතක නැහැ.උවමනාවෙන් ඇහුවොත් තේරුං ගත්තැහැකි මොකද්ද කියන්නේ කියලා.....

අපේ පන්ති සගයන්ගේ තීම් සෝන්ග් එක, නැත්තං ජාතික ගීය වගේ එක තමයි මේක
"මා සනසා මා නලවා
සුරංගනාවක් සෙමින් ඇවිල්ලා හදේ ලැගුම් අයදී"

කලිනුත් කිව්ව වගේ ඇඟෙ රෝම කූප කෙලින් වෙන ගීත තමයි මේ

"රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ ලේ සලකුණ ඇත්තේ
සතුරට ලයදී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නැහැ පිට පැත්තේ"

-----------------------
ඇයි
"මුනි සිරිපා සිඹිමින්නේ සමනොල ගිර පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නැලවෙන්නේ"

ඒ සින්දුවේ මම කැමතිම කොටස තමයි
"කැප්පෙටිපොල සෙනවිසිරු කර රුපු සෙන් මන් දැදුරූ"
කියන කොටස.

ඒ වගේ තවත් හරිම අලංකාර ගීතයක්  තමයි
"උඩඟු ලියන් ගොතා බඳින නීල වරල සරසන්නට
මා පිපුනේ නැත......මේ දෙරණේ " කියන්නේ.

ජාතිය ගැන විරුවන් ගැන කියන්නේ ඉතාම පරෙස්සමට වචන ගලපලා.මේවත් එක්ක බලද්දි දැං ඇහෙන සමහර සින්දු නිකං පල් හෑලි වගේනේ.

"සෙන්කඩ ගල පුර දළදා බුදුරැස් විහිදෙන තුරු නෑ වරදින්නේ....
සිංහලයන් හට සිංහල දේශෙට සරණයි දලදා සමිදුන්නේ"


මම චන්දන ලියනාරච්චිගේ සිංදු එකකටවත් කැමතිනෑ හැබැයි මේකට නම් කැමතියි.
"පොල් රුප්පාවේ දඟකල සෙල්ලම් සුළඟේ පාවී සිතට දැනේ
පිට ගම් යනදා ඔබ සිහිවෙනවා......" 
චන්දනගේ කටහඬක් එක්ක පාලු දුක්මුසු ගතියක් හිතට ඇතුල්වෙනවා.


මම කැමතිම සිංදුව නැත්නම් මගේ තීම් සෝනග් එක කියන්නත් පුලුවන් මේකට.ඒක තියාගත්තා අන්තිමටම
"අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවයක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ"

බැලූ බැල්මට පෙනෙන දේට වඩා ඉතාමත් වැදගත් අර්ථයක් තියනවා මේ ගීතයේ.තීර්ථ යාත්‍රිකයා ලබල තියෙන ජීවිත අත්දැකීම් එක්ක බලද්දි හිත හදාගන්න (බූට් එහෙම නොවේ ඕං)උදව්වෙච්චි ගැඹුරු අර්ථයක් තියනවා මේ ගීතයේ.ඒක මට විතරක් නෙවෙයි හැම කෙනෙකුටම එක වගේ වැදගත්.
"එදා සෙනෙහෙන් නොබඳුනා නම් මෙදා වියොවක් නෑ"
හොඳට බලන්න කියන්නේ ඇල්ම නැති කරගැනීමක් ගැන නේද?
ඇලීම නැත්නම් ගැටීමක් නෑ.ගැටීමක් නැත්නම් මුලුවීමක් නෑ.සියල්ල යථා පරිදි අවබෝධ කරගත්තානම් දුකක් නැහැ..........................................
................................................

දැනට මේ ටික පස්සේ ආයෙ අප්ඩේට් කරනවා තව මතක් වුනොත්...ඩේටා බේස් එකක් ඩිසයින් කරන ගමන් වැඩේට බැස්සේ. වැඩේ පරක්කු උනොත් ටීම් එකේ අනිත්උන් අද මාව කයි.....

12 comments:

  1. හිස් තැනට එන්නෙ " හසරක්"

    ReplyDelete
  2. හෙවි මෙටල් කිව්වට උබ මේ දාපු ලිස්ට් එක නම් මගෙත් ආසම ලිස්ට් එකක්.
    හැබයි මම නම් ඔය හෙවි මෙටල් අංශෙට නැහ. රෙගේ නම් අහනවා.. ඒත් බොබ් ගෙ විතරයි.

    මේ දවස් වල නම් පරණ ගීත තමයි අහන තරමක්... කපුගේ මහත්තයා පතුරු යනකම් අහනවා මේ ටිකේම. දැන් මාසයක් විතර වෙන මොකුත් නැහ. හි හි

    ReplyDelete
  3. @ ගීතික දිල්රුක්
    බොහෝම ස්තුතියි.

    @ පිස්සා පලාමල්ල
    ඒ සින්දු කවදාවත් එපා වෙන එව්වා නෙවෙයි නේද.හොඳ හොඳා පරන එව්වා අහන එක
    ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියලා කියනවානේ

    ReplyDelete
  4. "මේ නගරය, මා ඔබ මුණ ගැසුන නගරයයි........
    මේ නගරය , මා ඔබ වෙන් කෙරුන නගරයයි"
    මගේ ආසම සින්දුවක්.සුන්දර මතකයක්

    ReplyDelete
  5. @ NUWAN's lane

    විරහ ගීතයක් වුණාට අමුතුම සුන්දරත්වයක් තියනවා. "සුන්දර මතකයක්" කියල කියන්නේ සමාන අත්දැකීම් එහෙමත් තියනවා වගේ....... :-D

    ReplyDelete
  6. මේ සෙට් එකට තව අමරදේවයන්ගෙ

    සන්නාලියනේ ගීතයයි...

    සුනිල් එදිරිසිංහයන්ගෙ

    දුවේ නුඹ මගෙ ප්‍රාණයයි හා සියුමැලිද මේ තරම් කලුගල් ගීතයි

    ඇතුලත් උනානම් බඩුම තමයි...

    (මලේ උඹ මොන අවුරුද්දෙද අවුට් උනේ කොලෙජ් එකෙන්. පොඩි විස්තරයක් එවපන් මචා මගෙ මඉල් එකට.)

    ReplyDelete
  7. අභීත අයියත් මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ.සන්තෝෂයි....සන්තෝසයි.
    ලිස්ට් එක මතක් වෙන වෙන සැරේට අප්ඩේට් කරනවා. තෑන්කූ කීව අමතක වෙලා තිබුන ගීත මතක් කරල දෙනවට
    ඔන්න මම මේල් එකකුත් දැම්මා.....

    ReplyDelete
  8. එල ටේස්ට් එක කියන්නෙ මේකට..ඔන්න මං තීර්ථ ව ලුහු බදින්න (followers) පටන් ගත්තා...

    ReplyDelete
  9. ආ පැන්ඩත් මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ...
    සන්තෝසයි සන්තෝසයි

    ReplyDelete
  10. මචං උඹ නම් එලම පොරක්, මම හිතන්නේ "තීර්ථ යාත්‍රිකයා" ට වඩා all rounder කියලා දාගත්තනම් මරේ මරු. නම කොහොම වුනත් blog එක නම් එල මචං.

    මචං අර 6th lane song එක නම් maxxa බං. මගේ ජාතික ගීය තමා ඒ. 6th lane තව එල සිංදු වගයක් තියෙන්වා නිර්වාණය album එක අහලා බලන්න. ඒකේ උඹ කැමති ඔක්කොම වර්ග වල සිංදු තියෙනවා.

    "දිනයක ඔබ මා හිරි පොද වැස්සේ මල් කුඩේ යටින් පියමැන්නා
    මොනවද හිමිහිට මිමිණුවා ,අද හීතල වැහිබිඳු නහවයි මා
    මල් කුඩේ යටින් මම තනියෙන්, මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ"

    ReplyDelete
  11. තැන්කූ කිව්වා මුලින්ම......බටර් පාරකුත් ගාලද මන්දා....
    කොහොම උනත් රන්වන් මාලුවා මෙහෙ ආපු එක ගැන නම් සන්තෝසයි.
    කමෙන්ට් දාන්න බැරිවුනාට මම මාලු ටැංකිය පැත්තෙත් ගැවසෙනවා ඕං.

    6පාරෙ කට්ටියගේ සිංදු ටික හොඳයි..එක එක ආරවල ඒව තියනව නෙව. පේන විදිහට නං සිංදුව බොක්කටම වැදිල වගෙයි

    ReplyDelete

අදහස්, උදහස්....

.