Sunday, August 22, 2010

Bluetooth ගිය දුරක් සහ වෙනත් කතා..

13 comments
මේක මම අත්විඳපු ජොලි පහේ අත්දැකීමක්. ඇත්තටම අත්විඳපු දෙයක් නිසා තාමත් මතක් වෙද්දි සිනා රැල්ලක් නැගෙන සිද්දියක්.මම ගමේ දැඩි මිත්‍රත්වයක් තියාගෙන ඉන්න යාලුවො අතලොස්සෙන් එක්කෙනෙක් තමයි සුදූ කියන්නේ. (මිනිහ තලෙලු උනාට හැ​මෝම කියන්නේ සුදූ කියල, හේතුව කොන්ඩෙ තියන සුදුපාට උපන් ලපය). සුදූ කියන්නේ ඇත්තටම බොහෝම ​ධෛර්යවන්ත කෙනෙක්. අපිට වඩා අවුරුදු 5ක් විතර වැඩමල් සුදූ ඉස්කෝලෙ ගියේ සාමාන්‍ය පෙලට විතරයි.ගෙදරත් එතරම් වත්පොහොසත්කම් ඇති පවුලක් නෙවෙයි.ඒත් බිංදුවෙන් පටන්ගත්ත ඔහු අද ප්‍රදේශයේ හැටියට සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරිකයෙක්.පොඩිකාලෙ ඉඳලා දැකල තිබුනත් යහලුවෙක් විදිහට මම ඔහුව දැන අඳුනගත්තේ මීට වසර දෙකකට පමණ කලිනුයි.
ඒත් අහම්බයකින්.....මත්ද්‍රව්‍ය භාවිතයක් නැති, උපායශීලී,දැනුම පිපාසයෙන් පෙලෙන සුදූත් මමත් අතර ඉන්පසුව ඇතිවනේ දැඩි මිත්‍රත්වයක් . අලුත් දේවල් ගැන දැනගන්න පුදුමාකාර උනන්දුවක් තියෙන කෙනෙක්.එක වරක් සුදූගේ පරිගණකයේ අවුලක් ලෙහන්න ගිය වෙලාවක ඇල්බට් අයින්ස්ටයින්ගේ ඡායාරූපයක් (මිනිහා ඇල්බට් අයින්ස්ටයින් කියන්නෙ කවුද කියලා දැනගෙන හිටියේ නෑ)  ගැන කතාව අන්තිමට නතරවුනේ E=mc2 ගැනත් කිව්ව​ට පස්සෙයි. විස්තර ටිකක් කිවුවේ බැක්ග්‍රවුන්ඩ් තොරතුරු වශයෙන්.

සුදූට තියෙනව සීඩී,ජංගම දුරකතන අලුත්වැඩියාව,ජංගම දුරකතන විකිණීම වගේ මල්ටි පර්පස් ශොප් එකක්. විවේකයක් ලැබුන වෙලාවකදි ඉඳහිටලා මමත් ඔතන්ට ගිහිල්ලා කයියක් ගහන් ඉන්නවා.කඩේ අත්උදව්වට තවත් මල්ලි කෙනෙක් හිටියා ධම්මික කියලා ,කෝඩ් නේම්  එක 'මැට්ටා'.

මැට්ටා කියන්න හේතුව.......................
                  'ෂිහ් ඉඳලා ඉඳලා කොළඹ ආවෙත් කොළඹ පොළ දවසේමනේ'......................................
මොඩ්ල් එකේ කතාවක් ධම්මිකත් එක පාරක් කියලා තිබුන නිසා.
බැක් ටූද ට්‍රැක්............

දවසක් මමයි තව යාලුවෙකුයි,සුදූ ගේ ශොප් එකට ගිහිල්ලා සුදුත් එක්ක කයියක් ගහං හිටියා.කවුන්ටරේ හිටියේ කලින් කියපු ධම්මික කියන මල්ලි.එක පාරටම ධම්මිකට කෝල් එකක් ආවා.දැං ඉතිං කතාව යනවා....අපිත් අවදානයක් යොමුකලේ නැහැ එච්චර.ඔහොම කතාව යන අතරතුරේ අපිට මෙහෙම එකක් ඇහුනා....

"පිස්සුද පිස්සුද, එම් එම් එස් එකක් දාන්න, බ්ලූටූත් වලින් එවන්න එපා......බ්ලූටූත් වලින් එවන්න දුර වැඩියි"

ඊට පස්සේ කෝල් එක කට් කරලා මූ අපි දි​හා බලාගෙන හිනා වෙනවා.අපිත් ඇහුවා ඉතින් "මොකෝ බන් හිනා වෙන්නේ? කවුද කතාකොලේ කියලා?"
බැලින්නම් කතාකරල තියෙන්නේ ධම්මිකගේ ළඟම නෑයෙක්.
එතකො​ට මූ කියනවා....
"කතා කලේ පොටෝ එකක් එවන්න බ්ලූටූත් වලින් ,.....බ්ලූටූත් ඔන් කරගන්න කියන්න කියලා......."
අපි ඉතින් ඇහුවා කොහේ ඉඳන්ද බන් එවන්න ගියේ කියලා....
                 මූ හිමීට කියනවා....."සෞදි අරාබියේ ඉඳන්" කියලා​.

මම මීට සෑහෙන කාලෙකට කලින් මගේ නියම අනන්‍යතාවයෙන් මේ සිංහල බ්ලොග් අවකාශයේ සිංහල බ්ලොග් අඩවියක් පවත්වාගෙන ගියා.කාලයක් තිස්සේ එම බ්ලොගය පවත්වාගෙන යන අතරතුරේදී මට මම ජීවිතයේ මෙතෙක් අත්විඳපු වේදනාත්මකම ඒ වගේම මාව අධිකව කම්පනයකට ලක්වුන සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවුනා.යථාතත්වයට පත්වීමට යම් කාලයක් ගතවන අතරේ බ්ලොගය සම්පූර්ණයෙන්ම නැවතී ගියා.මේ වනවිට ඒ අඩවිය මුලුමනින්ම ඉවත්කරගෙන අවසානයි.නැවත වරක් බ්ලොග් අවකාශයට පැමිනීමේදී නව ආරම්භයක් රැගෙන පැමිණියේ සෑහෙන්න කල්පනාකිරීමේන අනතුරුවයි.උඩින් තියන පෝස්ටය ඒ අඩවියේ මීට වසර එකහමාරකට පමණ පමණ උඩදී පලවූවක් පළවූවක්.බ්ලොග් අවකාශයේ පැරණිම සාමාජිකයන්ට සමහර විට මේ කතාව මතකත් ඇති.

දැං ආයෙත් සුදූටම වෙච්චි තවත් වැඩක් මතක් වුනා.දවසක් කොල්ලෙක් සීඩී ශොප් එකට ඇවිල්ලා මෙහෙම ඇහුවලු
                     "සුදු අයියා නැද්ද හොර ෆිල්ම් එහෙම"
සුදූට සෑහෙන්න අප්සට් ලු, ඇයි බොහෝම නීත්‍යානුකූලව මෘදුකාංග හොර කොපි වත් විකුණන්නැතිව කරගන යන ශොප් එකනේ...ඉතිං රිප්ලයි එක දුන්නලු මෙහෙම
"පිස්සුද මල්ලි අපි ගාව තියෙන්නේ හොඳ කොපි, අපි හොර කොපි විකුණන් නැහැ. වෙන තැනක බලන්න" කියලා.
කොල්ලත් අතඅරින පාටක් නැහැල්ලු.....
"එව්වා නෙමෙයි අයියා මම කියන්නේ අර හොර , හොර, හොර ​ෆිල්ම්ස් එව්වා නැද්ද",
දැං සුදූට සැකයිලු... සමහර විට පොලිස් ඔත්තුකාරයෙක්ද කියලා.ඉතිං ආයෙත් කිව්වාලු "පිස්සුද මල්ලි අපි ගාව නෑ ඕවා" කියලා.

අන්තිමට බැලින්නම් කොල්ලා අහලා  තියෙන්නේ Horror Films ගැන.

අහලා තියනවාද සින්දුවක් "වසන්තය මලක් සේ" කියලා.දැන් රූපවාහිනියේ, රේඩියෝවල ඉතාමත් කලාතුරකින් තමයි විකාශනය වෙන්නේ...මම හිතන්නේ රූපවාහිනය ලංකාවට හඳුන්වාදුන් මුල්කාලේ විකාශය වෙච්චි පැරණි ටෙලි නාට්‍ය ගීතයක් වෙන්න ඕන මේක.ලාවට පොඩිමතකයක් තියනවා "ගංගා සහ නිශ්ශංක" කියල නාට්‍යක් ගැන මතක හැටියට නම් මේ සින්දුව ඒ නාට්‍යයේ තීම් එක.නම විතරයි කතාව මුකුත්ම මතක නැහැ.මොකද අසූව දශකයේ අග ඉපදිච්චි අපි ඔය ටෙලිනාට්‍ය විකාශනය වෙද්දි පොඩි ඈයො නේ.
සිනා පිපෙනා මේ වසන්තය නෙලා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ.........
ඔබයි ගෙන ආවේ...සිනාසේ ....වසන්තය මලක් සේ.........
මතක තියන විදිහට පද ටිකකුත් දැම්මා ඔන්න.මේ සින්දුව අහද්දි මට නම් පුදුම හුරුපුරුදු ගතියක් දැනෙනවා...ඒවගේම අතීතයට ඇදිල යනවා වගේ දැනෙනවා.......

13 comments:

  1. ආහ් මගේ ආසම සිංදුවක්.......
    කියන්නේ ලක්ෂ්මන් විජේසේකර සමඟ සමිතා මුදුන්කොටුව....

    ReplyDelete
  2. හේ මරු පොස්ට් එක මචෝ ....නියමයි උපරිමයි..

    ජයවේවා...

    ReplyDelete
  3. ඔහොම යං ඔහොම යං....
    එක්සෑම් ඉවර වෙන්න යන කාලේ නිසා මේ පැත්තේ ආවා...

    ReplyDelete
  4. මෙන්න මගෙන් සිංදුව :) මාත් ආසම සිංදුවක් තමයි..
    http://www.sendspace.com/file/2ldvw7

    ReplyDelete
  5. 'ෂිහ් ඉඳලා ඉඳලා කොළඹ ආවෙත් කොළඹ පොළ දවසේමනේ'


    මැට්ටා මරු පොරක්නේ බන්.... හික් හික් පට්ට අහ්....



    ගංගා සහ නිශ්ශංක... ලාවට මතකයි බන්. සින්දුවත් ඒ වගේ... ඇහෙද්දි අමුති ගතියක් එනවා.

    කනිශ්ක : පින් මචො සින්දුවට.

    ReplyDelete
  6. @ හා පැටික්කි (MS)
    ගායිකාව සමිතා කියල මතක තිබුනා.....ගායකයගෙ නම අමතක වෙලයි තිබුනේ තෑන්කූ මතක් කරල දුන්නට.ඒක නෙවෙයි ඔය MS කියන්නේ Milli Seconds කියන්නද ? (දිව දොට්ට)

    @ ඉලංදාරියා
    තෑන්කු තෑන්කු ,ඇයි මට විතරක් ඉලංදාරියටත් ජයෙන් ජයම වේවා!

    @ Bhagya රාජපක්ෂ
    වෙල්කම් වේවා ! මම හිතන්නේ මේ අපේ කැස්පර්ස්කයි ගෝල්ඩ් බීටා ටෙස්ටර්ගේ මල්ලියා වෙන්න ඕනි. විභාගෙ එළටම කරල දාන්න

    ReplyDelete
  7. @ කණියා
    ඒ සින්දුව මාර ලස්සනයි බන්....ගොඩක් ස්තුතියි බාගන්න තැනක් සෙට්කලාට

    @පිස්සා පලාමල්ල

    මැට්ටා එහෙම තමයි බන්......පරණ සිංදු වල මාර ගතියක් තියෙන්නේ බන්....අර හාදයා,ඉරාජ්ට තාම ඕක ඇහැගැටිලා නෑ.එහෙනං ඒකත් ඉවරයි

    ReplyDelete
  8. ඒ ms නේ....... MS නෙමෙයි......

    දිව දොට්ට දාන්නේ බලාගෙන විකෙයි......

    ReplyDelete
  9. @ හා පැටික්කි
    ඒකත් හැබෑව ඒකත් හැබෑව
    :-D

    ReplyDelete
  10. @ Bhagya රාජපක්ෂ

    සොරි වෙන්ඩ ඔනි.....පොඩි වැරදීමක් උනා. නං දෙකතව නමක් එක්ක ටිකක් ටැපලුනා....
    කමෙන්ටුවට තෑන්කූ වේවා.. විභාගෙ එළටම කරලා දාන්න......

    ReplyDelete
  11. මාත් ආසම සින්දුවක් ගායනා කරන්නේ සමිතා සමග ලක්ෂමන් විජේසේකර මහත්තයා. ඔය සිංදුව ඇහෙද්දී මට නොතේරෙන හැගීමක් ඇතිවෙනවා. ඒක වචනවලට පෙරලන්න අමාරැ හැගීමක්. ටෙලි නාට්යන ගංගා සහ නිස්සංක. නිස්සංකගේ චරිතයට පන පොවන්නෙත් ලක්ෂමන් විජේසේකර මහත්තයා. මට මතක හැටියට සමිතා මහත්මියත් ඔකේ චරිතයක් කලාද කොහෙද.

    ReplyDelete
  12. @ ගීත්(සහෘදයා)
    ඒ සිංදුව අමුතුම හැඟීමක් අරන් එන්නේ අහද්දි...ඒකනේ මම කිව්වේ අහද්දි නිකං අපිව අතීතයට ඇදිල යනව වගේ දැනෙනවා වගේ කියලා...මට නාට්‍යයේ නම විතරයි මතක තිබුනේ...අක්කගෙන් කතාව අහගත්තා...කතාවත් බොහෝම ලස්සන කතාවක් වගේ.කොහොමත් දැං තියන විකාර හරසුන් ටෙලි නාට්‍යවලට වැඩිය ඒ නාට්‍ය බොහෝම ලස්සනයි....

    ReplyDelete
  13. සින්දුව කියන්ෙන් ලක්ෂමන් විෙජ්ෙස්කර සමග චරිතා ප්‍රියදර්ශනී..
    සමිතා දැන් කියන්ෙන් අලුත් සිංදුවක්... අලුත් ෙකෙනක් සමග...

    ReplyDelete

අදහස්, උදහස්....

.