Sunday, August 8, 2010

එදා මෙදා තුර කැමතිම පරිගණක ක්‍රීඩා

11 comments
කම්පියුටරයක් ගෙනාව දවසේ ඉඳලා හැම කෙනෙකුම වගේ ඈදී යන එක්තරා අංගයක් තියනවා... (මොකද්ද අප්පේ ඒ)....ඒ තමයි කම්පියුටර් ගේම්ස්..මං හිතන්නේ ගේම් එකක් ගහල නැති ,කම්පියුටරයක් සහිත කෙනෙක් හොයාගන්නවා කියන්නේ හරියට නිකං ඉන්ටර්නෙට් තියාගන ෆේස්බුක් එකේ නැති කෙනෙක් හොයනවාටත් වඩා අමාරු වැඩක් වේවි. තීර්ථ යාත්‍රිකයාට මුලින්ම කම්පියුටරයක් ලැබුනේ 2004 අවුරුද්දේ. ඒ සාමාන්‍ය පෙළ හොඳට ගොඩදාගත්තට ලැබ්ච්ච තෑග්ගක් විදිහට. ඒ කාලෙ ඉඳන්ම "මමතුමාත්" හොඳ පරිගණක ක්‍රීඩා පංකාවක් (ෆෑන් කෙනෙක්). අදටත් කාලය වේලාව තියන හැටියට ඉඳලා හියලා ගේම් එකක් ගහන එක ගහනවා කොහොමහරි. මම එදා මෙදා තුර ගහපු පරිගණක ක්‍රීඩා අතරේ කවදාවත් අමතක නොවෙන ,අදටත් කැමති පරිගණක ක්‍රීඩා කීපයක් ගැනයි අද පෝස්ට් එක වෙන් වෙන්නේ....කොටින්ම කියනවනම් තීර්ථයාත්‍රිකයා'ස් කොම්පියුටර් ගේමස් ටොප් ලිස්ට්"



1)   Age of Empires 2


අදටත් මගේ ගේම් ලිස්ට් එකේ උඩින්ම ඉන්න ස්ට්‍රැටජි ගේම් එක.ඇත්තම කතාව කිව්වොත් කැම්පේන් එකක් ගිය සිකුරාදා රෑත් ගැහුවා. මේකෙ තියන හොඳම දේ තමයි ඉතිහාසයේ සිදුවූ (බොහෝවිට යුරෝපා ඉතිහාසය) සිද්දීන් පිළඹඳ හොඳ අවබෝධයක් වගේම විවිධ ශිෂ්ධාචාර ගැන අවබෝධයකුත් ලබාගැනීමට හැකිවීම.

2) HIT MAN 2 



අති විශිෂ්ධ ගේම් එකක්. අනික් පරිගණක ක්‍රීඩා වල වගේ දකින දකින හතුරාට වෙඩි තියම්න් ගමන් කරනවාට වඩා උපක්‍රමශීලීව අඩුම පුද්ගල හානියක් කරමින් ඉලක්කය මුදුන් පමුණුවා ගැනීමයි වැදගත්. හිට් මෑන් හි අනික් සුවිශේෂීම අංගය තමයි එහි සංගීතය. මට මතක හැටියට හංගේරියානු ඔපෙරා කණ්ඩායමක් තමයි සංගීත නිර්මාණය කර තිබෙන්නේ. (කවුරුහරි කෙනෙක් ගාව මියුසික් ට්‍රැක් තියනවා නම් හෝ ඩවුන්ලෝඩ් කිරීමට තැනක් දන්නවානම් පොඩි දැනුම් දීමක් කරන්න.) අති විශිෂ්ඨ ඒ සංගීතය ක්‍රීඩාවේ ඇති ආකර්ෂණීය ස්වභාවය තවත් වැඩිකරනවා.අනික් දේ තමයි එහි ඈති සංස්කෘතික විවිධත්වය.ගහල නැත්නම් අනිවාරියෙන්ම හොයාගන ගහල බලන්න.

3) Grand Theft Auto Vice City

   

 මේක නම් නොගහපු කෙනෙක් නැතිව ඇති. ඒ කාලෙ මගේ සිහින ගේම් එක. සමහර යාලුවෝ හීනෙනුත් මේක සෙල්ලම් කරලා තියනවා. වයිස් සිටි වල මම කැමතිම අංගය තමයි හැම වාහනයකම රේඩියෝ එකක් තිබීම සහ අපේම මියුසික් ට්‍රැක් ධාවනය කිරීමට තිබූ හැකියාව. (බෝට්ටුවක ගියත් රේඩියෝ එකක් තියනවා නොවැ). ඒ කාලෙ කරපු​ ජොලිම වැඩක් තමයි සිංහල ට්‍රැක් ටිකක් දාගන වාහනේක එහෙ මෙහෙ යන එක සහ අපේ ට්‍රැක් අඩ් කරගැනීමට නොදන්න කට්ටියව හොල්මන් කිරීම.


4) Robin Hood


මගේ හිත ඇද්ල ගිය අනික් ස්ට්‍රැටජි ගේම එක. වැඩි දෙනෙක් ගහල නැතිව ඇති , එච්චරම ප්‍රසිද්ධ වෙච්චි එකකුත් නෙවෙයි. ඒත් හරිම ආකර්ෂනීයයි මට නම්. සංගීත නිර්මාණයත් සෑහෙන හොඳයි.

5) GTA San Andreas


සාන්ත අන්දිරිස් නැත්නම් සැන් ඇන්ඩ්‍රියාස්,වයස් සිටි වල ම ඊළඟ පියවර. වයිස් සිටි වලට වඩා ගොඩක් දිගයි ඒ වගේ ම සෑහෙන්න පිස්සු කෙලින්නත් පුලුවන් ගේම් එකක්. ඇමරිකානු පාතාල සංස්කෘතික ලක්ෂන හොඳට පෙන්නුම් කරනවා.

 6) Man Hunt

සමහර රටවල තහනමට ලක්වූ ගේම් එකක්. මම ගහපු ගේම්ස් වලින් හරිම අමුතුම තාලේ එකක්.ගහලම බලන්න. අවවාදයයි රෑට තනියම ගෙදර ඉන්න වෙලාවට ක්‍රීඩා කිරීම තිගැස්සීමට ආධාර විය හැක

7) Return to Castle Wolfenstein



හුඟක් කාලෙකට කලින් ගහපු ගේම් එකක් වුනත් මේකට මම තාම කැමතියි. දෙවන ලෝක යුධ සමයේ කතාවක්.

8 ) James Bond Night Fire




බොන්ඩ් ගේ කුකුල් ගති ගුණ ඒ විදිහටම තියෙන්න හදාපු ත්‍රාසජනක ක්‍රීඩාවක්

[update  2010/08/09         4:19PM]
තව ඩිංගෙන් මහම මහ අසාධාරණයක් වෙන්නේ තීර්ථ යාත්‍රිකයා'ස් ගේම්ස් ටොප් ලිස්ට් එකට. අයි අප්පා කාලෙකට කලින් ගහපු තව හොඳම ගේම්ස් 2කක්ම අමතක වුණානෙ දාන්න.

9) War Chess



චෙස් ක්‍රීඩා කරන ,කරල තියන අය දන්නවනේ ඒකෙ තියන ආකර්ශණීය ස්වභාවය. මේ ගේම් එක සාමාන්‍ය චෙස් ගේම් එකකට වඩා වෙනස්. හේතුව සියලුම ඉත්තන් සජීවීකරණය කරලයි තියෙන්නේ. ඒ හින්දා යුද්ධයක් වගෙයි පේන්නේ. උදාහරණයක් කිව්වොත් අපි හිතමු අපි බිශොප්ව ඉදිරියට මෙහෙයවූවා කියලා , එවිට මේකෙ වෙන්නේ බිශොප්ට සිටින චරිතය දුවගෙන අදාල ස්තානයට යෑමයි. ඉත්තන් කපා ඉවත්වෙන්නේ කඩු පහරකින්...හෙළි පහරකින්...ඊතල පහරකින්. හරියට නිකං හැරී පොටර් චිත්‍රපටියේ චෙස් පුවරුව වගේමයි.

10) Mortal Combat


 සෑහෙන කාලෙකට කලින් ආපු මේ ගේම් එකට පාදක වුනේ චිත්‍රපටියක කතාවක්. මේකෙ චිත්‍රපටිය මම මුලින්ම බැලුවේ 2000.. ඒ කියන්නේ 8 වසරෙ ඉද්දි. දන්නවද බැලුවෙ පත   VHS ටේප් එකකින. ගේම් එක නං ගහන්න පටන්ගත්තේ 2002/03 කාලයේ. අමුතුම ආරයක ගේම් එකක්.දැන් වගේ රියලිස්ටික් නැති වුනාට ඒ කාලයේ ගහපු ගේම් හිතට එක් කරන්නේ අමුතුම චමත් කාරයක්. මොකද ඒ කාලේ කම්පියුටරයක් කියන්නේ , බොහොම ගෞරව සම්ප්‍රයුක්තව භාවිතාකරපු උපකරණයක් නෙ නේද ??..............


[/update]
  ඔන්න ඔහොමයි මගේ ගේම්ස් ටොප් ලිස්ට් එක ඉවර වෙන්නේ. මම රේසින් ගේම් වලට ඒ හැටි කැමැත්තක් නෑ. හ්ම් ඒත් ​Most Wanted නම් නරකම නැහැ.




11 comments:

  1. මම play කරලා නැති ඒවා 3කුත් තියෙනවානේ ...බලමු බලමු :D

    ReplyDelete
  2. මාත් කැමතිම ගේම් එක AOE . එකේ කොටස් කීපයක් තිබුන නේද... මගේ ප්‍රියතම උනේ Age of Mythology. රොබින් හුඩ් මම ප්ලේ කරලා නෑ. හොයාගෙන බලන්න ඕනේ. තව Warcraft සහ ටිකක් ලගදී ආපු Spore එහෙමත් හොඳයි. හැබැයි ඉතින් AOE වලට ගහන්න බෑ.

    ReplyDelete
  3. @ Confiuzd ප්‍රෝග්‍රැමර්
    හොඳා හොඳා ප්ලේ කරලම බලමුකෝ

    @ niroshinie
    AOE කොටස් කීපයක්ම තිබුනා.මම නම් මෙතලොජි එකට එච්චරම ආස නැහැ. අනික් එවා නම් නියමයි. රොබින් හුඩ් නියමයි.ප්ලේ කරද්දි අපිව නිකං ඒ යුගයට ඈදිල යනව වගේ දැනෙනවා. ඔයා කියල තියන අනික් ගේම්ස් නම් මම ගහල නැහැ. වෙලාවක් හම්බුනොත් බලන්න ඕන.

    ReplyDelete
  4. මමත් රේසින්ග් ගේම් වලට කමති නෑ.එත් මොස්ට් වෝන්ටඩ් නම් ටිකක් හොඳයි.
    මෙතන තියන එවයෙන් මොර්ටල් කොම්බැට්,AOE 3 විතරයි මං ගහල තියෙන්නේ.මේ සෙමෙස්ටෙර් එක ඉවර වෙලා හිට්මෑන් හරි GTA හරි ගහන්නයි හිතන් ඉන්නේ.... :D

    ReplyDelete
  5. @ D
    මෝස්ට් වෝන්ටඩ් වල පොඩි ගතියක් තියනවා අනික් එව්වට වඩා.ආ තව ​හොට් පර්සූට් කියල එකක් තිබ්බා.ඒකත් හොඳයි..
    බලාගෙන ග්‍රෑන්ඩ් තෙෆ් ඔටෝ ගහල මැරකමේ එහෙම යන්න හිතෙයි ඕං........

    ReplyDelete
  6. Mortal Combat නම් සුපිරි, මාත් සෙල්ලම් කලා ඉස්සර. දැන් නම් ඉතිං IGI, DELTA FORCE, NFS තමා.

    ReplyDelete
  7. මගෙ IGI වලට නං ඒ හැටි මනාපයක් නැහැ. අනික් එච්චා නං ගහල තියනවා.ඩෙල්ටා ෆෝස් කාලයක් පට්ටා ගහපු එකක්නේ...

    ReplyDelete
  8. mewwa download karaganna puluwan link dunnanam marama watinawa (Torrent hari)

    play karanna asa unata hoyaganna danne na :(

    ReplyDelete
  9. @ ඇනෝ
    මෙන්න මේ අඩවියේ බලන්න.ලේසියෙන් ම හොයාගන්න පුලුවන් වේවි.
    http://1337x.org/

    ReplyDelete
  10. මම කැමති ස්ට්‍රටෙර්ජි ගේම් වලට හින්දා age of empire ඉවර වෙනකන්ම ගැහුවා. ඇයි තව commandos 1,11,111 ඔක්කොම, red alert ,need for speed ii, දැන් නම් game ekak ගහන්න වෙලාවක් හොයා ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙවේ. නියම ලිපි ටිකක් තියෙන්නේ programing ගැන ඉගැන් ගත්තට networking gana මගේ දැනුම මදි තව ටිකක් ලියන්න බැරිද e වගේ ලිපි. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ටෙක් ලිපි ටිකක් වැඩිපුර ලියන්න අදහසක් තිබෙනවා. නමුත් ටෙක් ලිපියක් ලියද්දි අනිත් ලිපි ලියනවා වගේ උඩින් පල්ලෙන් ලියන්න බැහැනේ. හැම පුංචි කරුණක් ගැනම අවධානෙන් ලියන්න ඕනි. නැතිනම් කියවන කෙනාට අසාධාරණයක් වෙන්නේ. බලමු ඉස්සරහට....

      Delete

අදහස්, උදහස්....

.