Wednesday, August 4, 2010

කාලය,මම මූනුපොත සහ තවත් වල්පල්

Leave a Comment
කාලය ගලාගන යන්නේ හරිම වේගයෙන්, වෙලාවකට එහෙමත් හිතෙනවා.පහුගිය සති තුනක කාලය යනවා දැනුනේවත් නැති නිසයි එහෙම හිතුනේ. පේන විදිහට නම් වැඩ කටයුතු වැඩි වෙද්දි කාලය වේගයෙන් ගලා යනවා වගේ දැනෙනවා ඇති.පස්සේ අන්තිමට දන්නෙම නැතිව අපි වයසට ගිහිල්ලා බලනකොට කලේ මොනවද ,ලබාගත්තේ මොනවද කියල ආපහු හැරිලා බලනකොට සතුටු වෙන්න පුලුවන් කීයෙන් කීදෙනාටද?
 බ්ලොග් අවකාශයත් වෙනස් වෙලා ගිහිල්ලා.ඉස්සර නම් සිංහල බ්ලොග් අවකාශය සතුට,සහජීවනය සහ සහෝදරත්වය වැජඹුන තැනක්.ඒත් දැන් බ්ලොග්කරුවන්ගේ වේශයෙන් පෙනීසිටින ඇතැමුන් නිසා ඒ යහගුණ නැතිවෙලාදෝ කියලත් වෙලාවකට හිතෙනවා.මම ටික දවසකට කලින් ලියපු "සින්ඩිකේටරයක් සෑදීම" කියන ලිපියට එකතුවුන සමහර ප්‍රතිචාර මම පලකලේ නැහැ.
නමුත් එම ප්‍රතිචාර කීපය කියවද්දි මෙහෙමත් තාක්ෂනික කුහකයෝ බ්ලොග් අවකාශයේ ඉන්නවා කියල දැනගන්න පුලුවන් වුනා.අනිත් අතට කාලයත් එක්ක හැම දේම වෙනස් වෙද්දි බ්ලොග් අවකාශය විතරක් වෙනස් නොවී තියෙයි කියල හිතනවනම් මට පිස්සු වෙන්න ඕන. "හොඳ කරන්නාට හොඳ ප්‍රතිඵල සහ නරක කරන්නාට නරක විපාක" ,ඒ මම සෑහෙන කාලයකට කලින් කියවපු පැරණි පොතක තිබිච්චි පාඨයක්.තාම අබුද්දස්ස කාලය නොවන හින්දා “ගොම රිටි ගිලිලා මැණික් උඩ පාවෙන එකක් නැහැ “.ඒ මට හිතෙන හැටි........

අපි අපේ අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයන් ලෙස ගෙවන අවසාන වසරේ අවසාන සමාසිකයත් පටන් අරන් සති කිහිපයක්ම ගෙවිලා ගිහිල්ලා.දැනෙන හැටියට නම් ඊයේ ජුන්නන් විදිහට ආපු අපි දැන් පට්ට...එහෙමත් නැත්නම් සුපර් සීනියර්ස්ලා වෙලා. කාලය ඇඟට පතට නොදැනී ගෙවිල යද්දි මොන තරම් දේවල් නම් සිද්දවුනාද.ඒ හැම දේයක්ම දැනෙන්නේ අද ඊයෙ වුනා වගේ.....අධ්‍යයන කාලය අවසන්වෙලා අපි තව ටික දවසකින් පුහුණුකාලය සඳහා එළියට බහිනකොට, සෙල්ලමට වගේ කරපු එසයින්මන්ට්,ප්‍රොරොජෙක්ට් ක්ෂේත්‍රයේ ප්‍රවීණයොත් එක්ක ඇත්තටම කරන්න වෙද්දි අභියෝග තියේවි ඇතිතරම් ජයගන්න.දැනෙන හැටියට නම් හිතේදුකක් තියනවා ,මොකද අපිට දැනුම ලබාදීල අපිව මට්ටමෙන් උසස් කරපු තැනනේ.. ඒත් ඒක සොබාවිකයි නෙව.දුක්වෙන්න නෙවෙයි සතුටු වෙන්නයි ඕන.
අදනං සටහනේ වල්පල් ගොඩක් ලියවෙන්න වගෙයි යන්නේ.

මම පහුගිය දවස්වල විනෝදයට වගේ කරපු පුංචි පහේ ව්‍යාපෘතියක් අපේ අධ්‍යාපන ආයතනයේ අභ්‍යන්තර පරිගණක ජාලය (‍තේරෙන විදිහට කිව්වොත් Intranet) ඇතුලේ සැබෑවටම වැඩිදියුණුකර ප්‍රායෝගිකව භාවිතයට ගැනීමට ටිකදවසකට කලින් එකඟතාවයක් ඇතිවුනා.ඒකනම් සතුටට කාරනයක්.මොකද එහෙම උනොත් ඒක අපිට අතිවිශාල දෙයක් ලබාදුන්න තැනට කරපු පුංචි තෑග්ගක් වේවිනේ.

මූණුපොත සහ පෞද්ගලිකත්වය...නිතර කතාවෙන මාතෘකාවක්.මගේ යාලුවෙකුගේ මූණුපොතේ ගිනුමට මේ සතියේ දෙවරක් අනවසර ඇතුලුවීම් වෙලාතිබුනා. එක් වරක් ප්‍රොෆයිල් ඡායාරූපය පමණක් වෙනස් කර තිබුනා. වහාම ක්‍රියාත්මක වන පරිදි රහස්පදය වෙනස්කලත් පහුවදා වෙනකොට මූණුපොත පමණක් නොවෙයි ඔහුගේ ජීමේල් ගිණුමටත් අනවසර පිවිසීමක් කල අපහාරකයා ගිණුම් දෙකේම රහස්පද වෙනස්කොට ගිණුම් වල පාලනය තමන් අතට ගෙන තිබුනා.මගේ මිතුරා අපේ රෙපා විදිහටයි කටයුතු කරන්නේ ඒ වගේම කතිකාචාර්යවරුන් සමඟ ඊමේල් හුවමාරු කිරිම් සහ මූණුපොතේ මිතුරන් විදිහට එකතුවී සිටින අපේ කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. ඔහුට ඇතිවෙච්ච ප්‍රශ්නය අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ.අවසානයේ කීපදෙනෙක්ගේ උපදෙස්වලටත් ඔහුගේම මතකයටත් පිංසිද්ද වෙන්න සියල්ල යථාතත්වයට පත්කරගන්නත් අපහාරකයා පිළිඹඳ හෝඩුවාවක් ලබා ගන්නත් පුලුවන් වුනා. කණගාටුවට කාරනය ආදාල පුද්ගලයා මගේ මිතුරාගේ මිත්‍රයෙකුගේ වේශය දරා සිටින අපේම සගයෙකු වීමයි. අපේ මිත්‍රයාගේ සුලු අතපසුවීමකින් ඔහු උපරිම ප්‍රයෝජන අරන් තිබුනා. මේ දේ හිතන්න ගොඩක් දේවල් ඉතිරිකරලයි ගියේ. අ‍ෙඟේ ඉඳගන කණකෑමේ මේ වගේ ඒත් මීට වඩා බැරෑරුම් තවත් සිද්දියක් අපේ කන්ෆියුස් ප්‍රෝග්‍රැමර් සහෝදරයා තමන්ගේ බ්ලොග් එකේ ලියලා තිබුනා වගේ මතකයි.....මාත් එක්ක මූණුපොතේ සම්බන්ධවෙලා ඉන්න අය උදේ පාන්දරම මගේ වෝල් එකේ පුණ්‍යනුමෝදනාවක් දැකීමට හේතුවත් ඉහත සිද්දියම තමයි.ඒ හින්දා කියන්න තියෙන්නේ මිතුරන් සහ මිතුරු වෙසින් පෙනීසිටින්නන් අඳුනාගන්න සහ ඒ අනුව ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියලයි.

කරුණු කාරනා ඔය විදිහට සිද්ධවෙද්දී අවසාන ව්‍යාපෘති එහෙමත් නැත්නම් ෆයිනල් ප්‍රොජෙක්ට්ස් ආරම්භ වුනා. සාමාන්‍ය විදිහටම කණ්ඩායම් ව්‍යාපෘති. කණ්ඩායම් බෙදීමේදී සිදුවුනේ නම් නොපැතූ දෙයක් ඒ, ජීවිතයට නිසඳැස් නොලියපු තීර්ථ යාත්‍රිකයා අතින් නිසඳැස් ලියවෙන්නත් ,ඒ වෙනුවෙන්ම වියුණු සටහනක් වෙන්කරන්නත්, හේතු පාදක වුන “අනේ මන්දා” (“කියෙව්වෙ නැත්තන් මෙතනින් කියවන්න”) තීර්ථ යාත්‍රිකයාගේ කණ්ඩායමේම සාමාජිකයෙකු (වැරදුනා සාමාජිකාවක් ) වීමයි.මිතුරන් කියන විදිහට නම් ඒක හොඳ දෙයක්ලු...නමුත් පැරණි තුවාලය නැවත පාරාගැනිමට තීර්ථ යාත්‍රිකයා අකමැති නිසා දැන්නම් පත්ව සිටින්නේ සෑහෙන අපහසුතාවකටයි.(හොඳ වෙලාවට අපේ කට්ටිය මේක කියවන්නේ නැහැ).
මේ දවස්වල කටයුතු සිද්ධවුනේ ඔහොමයි..පොලිස් කතාවක් ලියන්න හිටියත් මේ සටහන එයට නුසුදුසු බව දැනෙන නිසා ඒක වෙන දවසක ලියන්නම්.....
අදට මං ගියා! හැමෝටම ජයවේවා කිව්වා.


0 ප්‍රතිචාර:

Post a Comment

අදහස්, උදහස්....

.