Monday, July 26, 2010

කුමුදු පින්තු මහතාට නිවන් සැප ලැබේවා!

3 comments
                                                                 
සිංහල බ්ලොග් අවකාශයේ සහෘදයෙක් වන තම තම නැන පමණින් , බ්ලොගය පවත්වාගන ගිය කුමුදු පින්තු මහතා අභාවප්‍රාප්ත වූ බව ලහිරු චානක මූණු පොතේ දී දැනුම් දුන්නා. ඒ පිළිඹඳ තීර්ථ යාත්‍රිකයාගේ සාතිශ්‍ය සංවේගය පලකරන අතර එතුමාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා!

3 comments:

  1. අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

    අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

    කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!

    ReplyDelete
  2. කුමුදු පින්තුව 70 ගණන්වල මැද කාලයේ දී සිට වසර දහයක් පමණ සෑම ඉරිදාවකම පාහේ දැක තිබුණු මා නැවතත් ඔහු හමුවූයේ “තම තම නැණ පමණින්”ය. ඔහු ජීවිතය ජයගත් අසහාය පුද්ගලයෙකි. මිනිසුන් අතර සුහද හා සොඳුරු හදවතක් ඇත්තෙකු විය. ඔහුගේ නාමයෙන් ඔහු සේවය කළ අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගන්නා දරුවෙකුට මුදලින් ශිෂ්‍යත්වයක් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. කුමුදු පින්තු නාමය සදා බැබලේවා!

    ReplyDelete
  3. @පසන් තරිඳු

    කිසි දිනෙක මුණ ගැසීනොතිබුනත් සිංහල බ්ලොග් අවකාශයේ සහෘදයෙකුගේ නිකමයාම හදවතට ඇතිකරන්නේ විසල් කණගාටුවකි...මන්ද යත් බ්ලොග්කරුවෙකු යන නාමයට නව නින්දා කැඳවන ඇතැම් පුහු බ්ලොග්කරුවන් අතරේ එතුමා දිලෙන මිණක් වූ බැවිනි

    @arunishapiro
    ඔබ වාසනාවන්තයි දිගු කලක් එතුමා ඇසුරු කිරීමට......තීර්ථ යාත්‍රිකයා වන මම එතුමා අඳුනාගත්තේ මේ විසල් අන්තර්ජාලය හරහායි. එමෙන්ම ඔබගේ අදහසද ඉතා වටී....එතුමාට පින් පිනිස සහ එතුමාගේ නාමය බැබලවීමට එය අනඟි මෙහෙයක් ඉටු කරනු ඇත.

    ReplyDelete

අදහස්, උදහස්....

.