Tuesday, June 29, 2010

Digital නෙතක සොඳුරු අසිරිය..A Digital Dream

2 comments
තෙවන සමාසිකයේ විභාගය අවසන් වී නිවාඩුව ලැබූ විගස කලක් හිතේ කොනක රැඳී තිබුන බලාපොරොත්තුවක් එළි දක්වන්ටයි මේ සූදානම. ඒ ඡායාරූප වියුනක් නැතිනම් photo blog එකක්.
ඡායාරූප කරණය පිළිඹඳ මගේ මුලින් එතරම් ඇල්මක් තිබුනේ නැහැ.නමුත් ඡායාරෑපකරණය ප්‍රධාන විනෝදාංය කරගත් මගේ මිතුරෙක් මා තුල නැති ඒ ඇල්ම ඇතිකරවන්නට සමත් වුනා.විවේක ඇති පරිද්දෙන් අපි කාලයක පටන් "Photo Hunting" (මිතුරාගේ විශේෂණයක්) හි යෙදෙනවා.ඒ නිසාම එක් රැස්වූ ඡායාරූප ප්‍රමාණයත් අතිවිශාලයි. ටිකෙන් ටික වියුණ ඡායාරූපයන්ගෙන් පුරවා ලන්නටයි මගේ බලාපොරොත්තුව .මේ ඡායාරූප අතර මගේ වික්‍රමයන් වගේම මිතුරාගේ අතිවිශිෂ්ඨ නිර්මාණයන්ද අඩංගු වනවා.

වියුණ ගෙතීමට තෝරාගත්තේ හුරු පුරුදු Blogger හි සරලම Template එකක්. Wordpress සමඳ අත්දැකීම් තිබුනත් වඩා අලංකාර ඡායාරූප වියුණු අච්චු තිබුණත් මට අවශ්‍ය වන්නේ එපා වීමකින් තොරව  වියුණ කරගෙන යාමට නිසා කටයුතුමේ ආකාරයට සිදුවුනා. මෙය සින්ඩිකේටර් සඳහා එක් කිරීමට බලා පොරොත්තුවක් නැහැ.ඒ නිසාවෙන් තීර්ථ යාත්‍රාවේ ඉහළ වම් අන්තයේ පොටෝ බ්ලොගය සඳහා ඉඩකඩක් වෙන්වේවි.

වියුණේ අන්තර්ගතය ග්‍රහණය කරතිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ජංගම දුරකතන කැමරා සහයෙන්.අතරින් පතර වඩා ප්‍රභල  ඩිජිටල් කැමරාවන්ගේ සලකුණුත් මතුවෙන්නට ඉඩ තිබෙනවා. ප්‍රධාන උපකරණය ලෙස යොදාගන්නේ Sony Ericsson K750 i මෙගා පික්සල් 2 කැමරාවක් සහිත ජංගම දුරකථන 2කක්. Sony Ericsson හි ඇති Macro විශේෂාංගය බොහෝ ඡායාරූප සඳහා ලබා දෙන්නේ අනගි සහයක්.

ඡායාරූපකරණය.....ඇත්තටම සොඳුරු අත්දැකීමක්. නෙත ගැටෙන අසිරිමත් දසුනක් නිසල සේයාරුවකට එලෙසින්ම නැගීම මහත්ම අභියෝගයක්.ඉතින්ඒ අභියෝගය හමුවේ දිගහැරෙන මගේ ආධුනික ප්‍රයත්නයට Digital නෙතක සොඳුරු අසිරිය..A Digital Dream  නැරඹිමට හැම දෙනාටම ආරාධනා කරනවා. බොහෝම සුහද සිතින් යුක්තව . 

2 comments:

  1. ela ela macho digatama karan yamu,mokakda link eka?mata hoya ganna bari una,ow SE phns macro walta maru,man K850 eken godak honda macro shots aran tiyenwa,e kale nm ithn K750ma thama camera phn kwa ;)

    ReplyDelete
  2. @ බුද්ධික

    ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.
    සබැඳිය පෝස්ට් එකේ නිල් පාටින් දිස්වෙනවා "Digital නෙතක සොඳුරු අසිරිය..A Digital Dream"


    http://a-digital-dream.blogspot.com

    ReplyDelete

අදහස්, උදහස්....

.