Saturday, April 24, 2010

මේකත් නිසඳසක්ද

4 comments
නෙක මලින් බරවුනු බඹර ගුම් නද පැතිරුන
එක මල් ගසක් යට නැවතී බැලුවෙමි
පිපුණ මල් පොකුරු මැද සුදිලෙන මේ තනිමල
මගේ සිත පැහැරගෙන දෙනෙත් ඉවතට යා නොදේ
ඒ මලද මට ලැදිව සිනාසෙනවා දුටිමි
නමුත් රුදු සුළඟ විත් එමල නටුවෙන් සිඳ
මගෙන් ඉවතට රැගෙන යයිදෝ බයයි
සුළං සැර නොවදින සේ මල මුවා කරනෙමි මා
එනමුදු
නටුව ගලවනු නොදෙනු හැක්කේ එමලටම පමණයි

4 comments:

  1. වාක්‍ය රචනාවක් දරුවො... කමක් නැහැ ලස්සනයි

    ReplyDelete
  2. හි හි
    මට මෙව්ව ලියන්න බෑ මම දන්නවනේ මං ගැන

    ReplyDelete
  3. මොකක් වුනත් ලස්සනයි...........

    ReplyDelete

අදහස්, උදහස්....

.