Saturday, April 24, 2010

මැන්ජොන්සන් සාමිගේ කථා(හඳට යාම සහ මායා බෝන්චි)

4 comments
කවුද මැන්ජෝසන් සාමි කියන්නේ ? සමහර අයට ප්‍රශ්නයක් වෙයි.මැන්ජෝසන් සාමිගේ කතාන්දර ඇතුලත් පොතක්ම තිබෙනවා.ඒක පිරිලා තියෙන්නේ උපහාසාත්මක ටොම් ම ටොම් පචවලින්. කොටින්ම කිව්වොත් ගල් පැලෙන බේගල් වලින්.මම කුඩා කාලයේ මේ පොත කියවා තිබෙනවා නමුත් කතුවරයා පිලිඹඳ මතකයක් නම් නෑ.නමුත් හැමෝටම කියල රසවිඳින්න පුලුවන් නිසා ඒ කථාවලින් කීපයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුවා.මේ මැන්ජෝසන් සාමි කියන්නේ අන්දරේ ට යම් සමානකමක් තිබෙන චරිතයක් කියල කියන්නත් පුලුවන්..නමුත් හැමෝටම කියල රසවිඳින්න පුලුවන් නිසා ඒ කථාවලින් කීපයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුවා.

මැන්ජෝසන් සාමිගේ තිබෙන කාර්යශූර භාවය රජවාසලට ආරංචි වුනා.ඒ නිසා රජතුමා තීරණය කලා මැන්ජෝසන් සාමිට තනතුරක් පිරිනමන්න. ඒ තමයි රජවාසල මීමැසි පාලනය බාර නිලමේ කම.රජ වාසලට එහෙම ආවට ගියාට ඇතුල් වෙන්න බෑ.එජවාසල සේවය කරන හැමෝටම රත්තරන් කිරිච්චියක් පිරිනමනවා ගේට් පාස් එක විදිහට.ඒක නැතිව මොනම හේතුවකට වත් රජවාසලට ඇතුල් වෙන්න කිසිම කෙනෙකුට බැහැ(කෝමද සිකියුරිටි එක)
මැන්ජෝසන් සාමිටත් මේ කිරිච්චිය රජතුමා සුභ මොහොතින් ප්‍රදානය කරාට පස්සේ මැන්ජෝසන් සාමිත් වැඩ භාරගත්තා.
රාජකාරිය මෙහෙමයි.
1) හැමදාම උදේට මීමැසි පට්ටිය රජවාසලින් භාරගැනීම
2) මීමැස්සන් වනාන්තරයේ මල්අසලින් තැබීම සහ පැණි එකතුකිරීමේ කටයුතු සම්භන්දීකරණය
3) මීමැස්සන්ට ආරක්ෂාව සැපයීම.
4) හවස පහට මීමැස්සන් නැවත රජවාසලට කැඳවාගෙන ඒම

ඕක තමයි ඩේලි රූටින් එක.
මුල්ම දවස් කීපය හොඳින් ගෙවිලා ගියා කිසිම කරදරයක් නැතිව..
ඔන්න එක දවසක් මැන්ජෝසන් සාමි මී මැසි පට්ටියත් අරගෙන කැලැවට ගිහිල්ලා මිමැස්සන්ට වැඩ අරඹන්න නියෝගය දීලා තණ නිල්ලකට වෙලා පයිප්පය උර උරා ඉන්න අතරෙ එක පාරටම මහ සද්දයක් ඇහෙන්න ගත්තා.
දනි පනි ගාල නැගිට්ට මැන්ජොන්සන් සාමි දුටුවේ ත්‍රාසජනක දර්ශනයක්.
මී මැස්සෙක් එකතු කරපු පැණි පැහැරගන්න වලහෙක් ඇවිල්ලා.වලහා මී මැස්සගෙන් පැණි උදුරගන්න හදනවා.
මීමැස්සන්ට ආරක්ෂාව සැපයීම රාජකාරියේ කොටසක්ම නිසා දෙපාරක් හිතන්නෙ නැතිව අතට අහුවෙච්ච පළමු ආයුදේ ,රජ වාසල කිරිච්චියෙන් මැන්ජෝසන් සාමි වලහට දමලා ගැහැව්වා. පාරෙ දරුණු කමටම වලහ දඩස් ගාල මැරිලා වැටුනා.
මීමැස්සටත් කරදරයක් නෑ. වෙච්චි ඇබැද්දිය නිසා චුට්ටක් රූත් වෙලා තිබුනෙ.ඉක්මණට මී මැස්සන්ව එකතු කරගත්ත මැන්ජොන්සන් සාමිට කිරිච්චිය මතක් වුනේ අන්තිම මොහොතේ. කිරිච්චිය නැතිව රජ වාසලට යන්න විදිහක් නැහැ නොවැ.
වලහගෙ මලකුන ගාවට ගිහිල්ල බැලුවට කිරිච්චිය ඒකෙ නෑ.වලහගෙ ඇඟේ ලොකු හිලක් නං තිබුනා....
සෑහෙන ප්‍රශ්නයක් කිරිච්චිය මොන ලෝකෙ ගියාද?
රෑ උන නිසා හඳත් පායලා.හඳේ හෙවනැල්ල පොලොවට වැටෙද්දි මැන්ජොන්සන් සාමි දැක්කෙ අමුත්තක්.හෙවනැල්ලේ මැද්දේ අඳුරුපාට මොකද්ද එකක් තියනවා.හත් දෙයියනේ මැන්ජොන්සන් සාමි ගහපු පාරෙ සැරකමට වලහ පසා කරගෙන ගිය කිරිච්චිය හඳේ ඇමිනිලා........
දැන් මොකද කරන්නේ ......කල්පනා කරපු මැන්ජොන්සන් සාමිගෙ හිතට එකවරම ආවෙ ජැක්ව(ටයිටැනික් ජැක් නෙමෙයි)
අර මායා බෝන්චි කථාවෙ හිටියෙ....දෙන්නම ගජ යාලුවෝ...යාලුකමට ජැක් දීපු මායා බෝන්චි මැන්ජොන්සන් සාමි හැමතැනම අරන් යනවා යාලුකම සිහිවෙන්න......
ආව හොඳ අදහසක්
හඳ කෙලින්ම පහලින් වලක් හාරලා මායා බෝන්චි ඇට පැලකලා...
වූෂ් .............................
පොලවේ ඉඳලා හඳට තඩි මායා බෝන්චි වැලක් හැදිලා.
වැඩේ ගොඩ....
දනි පනි ගාල වැල දිගේ හඳට නැගපු මැන්ජෝසන් සාමි කිරිච්චිය ගලවගෙන වැල දිගේ ම පහලට එද්දි ජර ජර සද්දයක් ඇහෙන්න ගත්තා.බැලින්ලාලානං වැලේ පහග කොටස දිරලා කඩන් වැටිලා (ජැක් දීල තියෙන්නේ පරණ බෝන්චි ඇටද කොහෙද)
කරන්න දෙයක් නෑ පුලුවන් තරම් වැල දිගේ පහලට ආපු මැන්ජෝසන් සාමි ඇස් පියාගන බිමට පැන්නා
දඩාන්..................
පොලවට ඉහලින් දූවිලි වලාව් පාවෙලා ගියා......
මැන්ජෝසන් සාමිට මොකද උනේ.......ඒක තව කථාවක්.....ඉස්සරහට බලාපොරොත්තු වෙන්න

4 comments:

  1. එහෙනම් මේකද මැච්චෝසන් ගේ චාරිකා එල වගේ .. මේ නියම එකද නැත්තම් තීර්ථ යාත්‍රිකයා ලීව එකද්ද ? මේක නම් එල

    ReplyDelete
  2. @ කතන්දර
    අයියගෙ පෝස්ට් එක දැක්කට පස්සේ මම කාලෙකට කලින් ලියපු මේ ලිපිය මතක් වුනා.ඒකයි ලින්ක් එකක් දැම්මේ...

    @ හිස් අහස
    මචන් මැංචෝසන් චාරිකා පොත හරිම ලස්සනයි.හොයාගන කියවන්න.මම පොත කියෙව්වේ කාලෙකට කලින්.මතක හැටියට තමයි මේ ලියලා තියෙන්නේ.

    ReplyDelete
  3. ඔය පොත නම් සුපිරිම පොතක්. මම ඕක පොත සාප්පු වලත් හොයල තිබෙනව හම්බුනේ නෑ. :( සොෆ්ට්කොපියක්වත් තිබෙනව නම් පට්ට. :)

    ReplyDelete

අදහස්, උදහස්....

.