Sunday, April 25, 2010

ප්‍රථම ප්‍රේමය

5 comments



මහබඹා මගෙ නලලෙ කෙටු හැටි
කියන එක හරි මදිද මන්දා
රටේ හැමතැන කරක් ගහලා
ඇයට හිතගියෙ මොකද මන්දා
උපන් වසරට වසක් කලියෙන්
නොඉපදුනේ කරුමයද මන්දා
ඒ වැරැද්දට අහිංසක මට
ලැබුණ පිළිතුර "අනේ මන්දා"




5 comments:

  1. අවුරුද්දක්නෙ ගානක් නෑ. දිගටම උත්සාහ කලොත් අනේමන්දාව වෙනස් කරගත හැකි වෙයි.

    ReplyDelete
  2. හක් හක් හා...
    අවුරුද්ද ගැන දුක් වෙන්න එපා කියන්න.
    මට හිතෙන්නේ කැමති වෙයි. හිත හදන් බලන් ඉන්නකෝ...

    ReplyDelete
  3. අවුරුද්ද මොකක්ද බන්..ඕක ගානක් නෑ..තව ටිකක් ට්‍රයි කරහන්... :) ඔන්න මගෙන් සුභ පැතුම්.. :) ගුඩ් ලක්..

    ReplyDelete

අදහස්, උදහස්....

.