Tuesday, April 13, 2010

මට සමාවෙන්න මම යන්න යනවා......

10 comments
තව ඉතිරිවී ඇත්තේ සුලු වේලාවක් පමණි. සියල්ලන්ගෙන් සමුගෙන,සදාකාලයටම සමුගෙන යන්න මම තීරණය කර
හමාරයි...මම ගැන දුක් වෙන්න එපා.අපි එකතු වෙලා කරපු කියපු දේවල් අතීතයට එකතුවේවි......මම නිසා කවුරු හරි දුක් වුනා නම් වේදනාවක් වින්දනම් මම ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...ඒ...අවසාන වතාවට මේ අවසාන මොහොතේ මට ඔයාල සමාව නොදී ඉඳියි කියල මම හිතන්නෙ නෑ.ඔයාල අතරට මම ආයෙ එන්නේ මතකයන්ගෙන් විතරයි......සැබෑවටම ආයෙ කවදාවත් එන්නේ නෑ. සමහර විට මම ගැන කට්ටිය ආයෙ පෝස්ට් ලියාවි..ඒත් එතකොට මම ගිහින් හමාරයි...හැමෝම සතුටින් ඉන්න......මම සදහටම වෙන් වෙන්නයි යන්නේ.......



මීට පරණ අවුරුද්ද.....

10 comments:

  1. හරිම විහිළුවක් නෙව!!!!! :) :)
    සුභ අලුත් අවුරුද්දක්!!!!

    ReplyDelete
  2. තීර්ථ යාත්‍රිකයා ට සුභ නව වසරක් වේවා!

    අයියෝ කියලා වැඩක් නැහැ මේ මොන ජනකද? ත්‍රාසජනක වෙන්න ඇති නේද???;P

    ReplyDelete
  3. පෙබරවාරි වල එකක් දාලා.. මාර්තු වල 5 ක් දලා අප්‍රියල් වල 4 ක් දාලා යන්නද හදන්නෙ..මෙ යක්කුන්ට දැන් මෙක විහිලූවක් වෙලා.. අන්තිමට අපි මැරෙන්න යද්දිත් අනිත් වුන් හිතයි මෙ විහිලු කරන්නෙ කියලා..මොනවා කරනවද මන්දන්නෙ නැහැ.. හරි හරි අලුත් මිනිසෙක් වෙන්න යනවා කියලනෙ කියන්නෙ.. අපිත් එහෙම තමයි අවුරුද්දෙ මුල.. මැද අග වෙද්දි තමයි පරණ ජරහන්තයාව එලියට ගන්නෙ...

    සුභ අලුත් අවුරුද්දක් වෙවා.. කියා පතනවා ඔබටත් ඔබගෙ දැසට හසුවන සියල්ලන්ටත්...

    ReplyDelete
  4. සුභ අලුත් අවුරුද්දක් වෙවා

    ReplyDelete
  5. @ ඔක්කොටම
    හිතන්න අලුත් පැතුමක්...
    ඇතිකරගන්න තිර අදිටනක්....
    පටන් ගන්න ඇරඹුමක්
    අතරමග නොමැති නැවතුමක්.....දකින තුරු සොඳුරු ඉසව්වක්
    සුභම සුභ නව වසරක් වේවා!

    @ punchisamanalee
    :) :)
    එසේම වේවා!

    @ nimanthi
    එසේම වේවා
    මං හිතන්නෙ හාස්‍ය+ත්‍රාස ජනක කියලා...:P

    @රවා
    ඒකත් ඇත්ත කතාව තමයි සහෝ...
    අන්තිමට "කොටිය ආවෝ කොටිය ආවෝ" වගේ වෙයිද දන්නෙත් නෑ නෙ!
    සුබ අලුත් අවුරුද්දක් වේවා....

    @ නිදහසේ බ්ලොග් ලිවිම
    සුභම සුභ නව වසරක් වේවා

    ReplyDelete
  6. පරණ අවුරුද්ද ද යන්නම යනව කීවෙ....

    ReplyDelete
  7. එයා අපි හැමෝවම දාල ගියාට එයා අළුත් කෙනෙක් අපිට දීලනෙවැ ගියේ..... :D
    ජය සතුට සපිරුණ සුභ අළුත් අවුරුද්දක් වේවා...!!!!

    ReplyDelete
  8. සුභ අලුත් අවුරුද්දක් ඔබට

    ReplyDelete
  9. ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  10. @ wath
    ඔව් ඔව් පරණ අවුරුද්ද තමයි යන්නම යනව කිව්වේ....
    කොහොමත් අපි කැමත් උනත් අකමැති උනත් කාලය ගලාගෙන යනව නෙව එයාට පුරුදු විදිහටම....

    @ හා පැටික්කි ,@ NUWAN"s lane, @ සුසිත රවින්ද සෙනරත්
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා....

    ReplyDelete

අදහස්, උදහස්....

.