Tuesday, April 13, 2010

ඇමරිකාවෙන් අපිට අලුත් අවුරුදු සුභ පැතුම්.......

7 comments

මම දැං අන්තර්ජාලයේ සැරිසරද්දි අහම්බෙන් මේක දැක්කේ.....
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලබන්නාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරලා තිබෙනවා......
http://www.state.gov/secretary/rm/2010/04/139987.htm

හෙටින් අලුත් අවුරුද්දක් ලබනවා....ඒ ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම!


මේ පාර සිංහල බ්ලොග් මැරතන් එක දුවන්නයි තීර්ථ යාත්‍රිකයත් ලෑස්ති වෙන්නේ.දුවන්නේ මේ තීර්ථ යාත්‍රාවේම තමයි.පැය 12හක්ම දුවන්න තියනවනේ....එදාට හාස්‍යජනක,ත්‍රාසජනක,විස්මයජනක කථා එහෙමත් අහන්න ලැබේවි....මං හිතන්නේ වතුර ගහන්න කට්ටිය ඉඳීවි.....ඒ වගේම මේකෙන් සිංහල බ්ලොග්කරුවන් අතර තියන සුහදතාවය තව තවත් වර්ධනය වේවි.....එහෙනං සිංහල බ්ලොග්කරුවන්ට ජයවේවා...!
ඊළඟ පෝස්ට් එකෙන් හමුවෙමු..........

7 comments:

  1. හි හි මේනන මුන් අපිත් එකක් යාලු වෙන්ට හදනවා ... බුරුලක් දෙන්න නරකයි ...


    මැරතන් තරඟයට ඔබට සුබ පැතුම්

    ReplyDelete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා!
    මැරතන් දිවිල්ලට වතුර ගහන්න එන්නම්. ජයවේවා!

    ReplyDelete
  3. අනේ සුද්දගේ සුබ පැතුම්...!
    ඔබටත් එසේම වේවා කියලා යවන්නයි තියෙන්නේ :)


    ඒ කෙසේ වෙතත් මේ බ්ලොගය කරන සහෝදරයාට මගෙන් සුබ පැතුම්

    " සුබ අලුත් අවුරැද්දක් වේවා...! "

    ReplyDelete
  4. එසේම වේවා !!!!!!!!

    ReplyDelete
  5. යැංකි සුභ පැතුමක් විතරයි අපිට අඩුවකට තිබ්බේ, දැං ඒකත් හරි! :P

    තීර්ථ යාත්‍රිකයා ට සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  6. @ වැප්
    "හි හි මේනන මුන් අපිත් එකක් යාලු වෙන්ට හදනවා ... බුරුලක් දෙන්න නරකයි ..."

    සිරා කථාව

    @ Raven
    එහෙනං හොඳට වතුර ගහමු...නිදිමත යන්නත් එක්කම...

    @ හෙළයා
    ස්තුතියි සහෝදරයා! ආයෙත් තීර්ථයාත්‍රාවට ගොඩවදින්නකෝ.....

    @ හසිත
    සුභ අලුත් අවුරුද්දක් වේවා


    @බුධාජීව
    :)
    සුභ නව වසරක් වේවා.....

    @ හැමෝටම
    ලබන්නාවූ අලුත් අවුරුද්ද හැම හොඳ පැතුමක්ම ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා

    ReplyDelete

අදහස්, උදහස්....

.