Saturday, March 20, 2010

හාවයි වලහයි

5 comments
සති අන්තෙත් උදාවුණා.සෙමෙස්ටර් මැද නිවාඩුවත් ඒ එක්කම ලැබුණා.කාර්ය බහුල ලෝකෙන් මිදිලා ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්න පුලුවන්.
මේ දවස්වල "ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ" කියන කාරණය තීර්ථ යාත්‍රිකයා සම්බන්ධයෙනුත් සත්‍ය වෙලා තියන නිසා හිතේ කණස්සල්ලකුත් තියනවා.පොඩි නෙවෙයි සෑහෙන ලොකු කණස්සල්ලක්.මේ දේ මේ විදිහට හිතට වදී කියල මමනං කවදාවත් හිතුවේ නෑ. නමුත් ලැබුණ කෙටි නිවාඩුව හිතේ තියන කණස්සල්ල හොඳ කරාවි කියලා විශ්වාසයක් තියනවා.
ලියන්න හිතුවේ යාලුවෙක් මට කිව්ව කථාවක්.
කාලෙකට කලින් ලෝක නායකයො එකතුවෙලා තීරණය කලාලු ලෝකයටම බලපාන පරිදි අතිවිශිෂ්ඨයන්ගෙන් සැදුම් ලත් විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටවන්න.මොකද ඉන්ටර්පෝල් එක ගැන එච්චර පැහැදීමක් නැති නිසා.හැම අංශයන්ගෙන්ම විශිෂ්ඨයන්ව තොරන්න තියන නිසා විවධාකාර පරීක්ෂණ රාශියක්ම තියල තමයි කට්ටිය තෝරගන තියෙන්නෙ.අන්තිමටම තිබ්ල තියෙන්නෙ අසීරු තත්වයන් යටතේ අඩු හෝඩුවාවන් තියෙද්දි ගිහිල්ලා තොරතුරු සොයාගන්න කණ්ඩායමට කට්ටිය තෝරාගන්න එක.

පරීක්ෂණය මෙහෙමයි බෙල්ලේ රෝසපාට රිබන් පටියක් ගැටගහපු හාවෙක් ඇමේසන් වනාන්තරයට මුදා හරිනවා. පරීක්ෂන කණ්ඩායම ගිහිල්ලා හාවව හොයාගන අරන් එන්න ඕනි.
මුලින්ම ප්‍රමුඛතාවය හම්බවුනේ ඇමරිකාවට , ලෝක පොලිස්කාරයනේ. ඇෆ් බී අයි කණ්ඩායමක් මුලින්ම ගිහිල්ලා දවස් ගානකට පස්සේ කන්න බොන්නත් නැති තරමට හාමත් වෙලා, ඇඳුං එහෙම ඔක්කොමත් ඉරිලා හොඳටම හෙම්බත් වෙලා හාවත් නැතිව ආවලු.ඇවිල්ලා මේක ඉරාන කුමන්ත්‍රණයක් කියලා ඉරානෙට තවත් සම්භාදක දාන්න ඕනි කියල තමයි ගිහිල්ලා තියෙන්නේ.රුසියානු කේ ජී බී කට්ටිය ඊළඟට ගිහිල්ලා දවස් තුනක් හතරක් රවුං ගහලා බෑ බෑ හොයන්න බෑ පරීක්ෂණය අමාරු වැඩි කියල ආපහු ගියාලු.ඔය විදිහට එක එක රටවලින් ආපු කණ්ඩායම් ඔක්කොම වැඩේ අතැරල යන අතරෙ අපේ පොලිස් රාලහාමිලා කීපදෙනෙක් ඔතන්ට කඩාපාත් උනාලු.
අපිටත් අවස්ථාවක් දෙන්න කියල ඉල්ලපුවාම සංවිධායක මණ්ඩලේ සාමාජිකයෙක් කිව්වලු බැ තේරුමක් නැති වැඩක් අච්චර ඇෆ්බී අයි එකට කේජීබී එකට මොසාඩ් එකට රෝ එකට බැරිවෙච්චි එක ඔයල කොහොමද කරන්නේ, අනික මේ පොලු කැලි දෙක තුනක් තියාගන මේක කොහොමටවත් කරන්න බෑ කියලා.
නමුත් මේ කතාවට රාලහාමිලා බොහොම තදින් විරෝධය ප්‍රකාශ කලාලු ."ඔයා කොහොමද එහෙම කියන්නෙ අපිට අනිවාර්යෙන්ම අවස්ථාවක් ඕනැ" කියලා.කරන්නම දෙයක් නැති තැන හොඳයි එහෙනං ගිහින් බලන්නකො කියල අවසරේ දුන්නලු.කට්ටියම පොලු කැලි කරේ තියාගන කැලේට ගිහිල්ලා නොපෙනී යන අතරේ කට්ටිය සංවිධායක මන්ඩලේට තදින්ම දොස් පැවරුවලු "මොකද්ද ‍ මේ කරපු වැ‍ඩේ අර මිනිස්සුන් ට මොනවහරි උනොත්" කියලා.
විනාඩි විස්සක් විතර යද්දි කැලේ පැත්තෙන් මහා ගාල ගෝට්ටියක් ඇහෙන්න ගත්තු හින්දා කට්ටියම ඒ පැත්තට ඇස් යොමුකරලා තියෙන්නෙ ෂුවර් එකටම ගිය කට්ටියට මොකක් හරි කරදරයක් කියලා හිතාගන.ඔය අතරෙ ලහි ලහියෙම ගිලන් රථ ප්‍රථමාධාර ඒකක එහෙමත් සීරුවෙන් තිබ්බලු.
මෙන්න බලනකොට තඩි කලු වලහෙක් බෙල්ලෙ රෝසපාට රිබන් පටියකුත් ගැට ගගහ කැලේ කඩාගන දුවගන එනවලු "අනේ අම්මො ගහන්ඩ එපෝ මම තමයි ඒ මම තමයි ඒ" කිය කියා. ඊට පිටිපස්සෙන් පොලිස් රාළහාමිලා හතිද දා වලහට පොලු කෑලිවලින් ගහහ එලවනවලු " ඇත්ත කියාපිය තෝ නේද ඒ , තෝම තමයි නේද ඒ " කිය කියා.
අන්තිමට වලහ ඇවිල්ලා සංවිධායක් මණ්ඩලය ඉස්සරහා වැඳ වැටුනලු " සර් මම තමයි අර කැලේට යවපු හාවා , මේ රාලහාමිලා තමයි මාව හොයාගත්තෙ කියලා".අන්තිමට වලහා තදින්ම ඌ තමයි හාවා කියල කියාපු හින්දා පොලිස් රාළහාමිලා ටික තෝරගන්න සිද්ධ වුණාලු.

කතාවනං ඉවරයි.මොකද හිතන්නේ
හැමෝටම තෙරුවන් සරණයි.

5 comments:

  1. ආතල්, පරණ කතාවක්, ඒත් මෙච්චර කාලෙකට expire වෙලා නෑ

    ReplyDelete
  2. අපි දැන් බ්ලොග් කියවන්නේ ලාංකීය සිතුවිලි වලින්නේ ඔයාගේ මේ ලිපිය එකේ නෑ නේද
    http://blog.inetlanka.com/

    ReplyDelete
  3. ඇමසන් වනයේ වලස්සු ඉන්නවද? :D

    ReplyDelete
  4. @rock3r
    මේක පරණ කතාවක්ද? මම නං ඇහැව්වේ ළඟසී.
    ඒ වුනාට මරු කතාව නේද

    ReplyDelete
  5. @ Local Taboo
    ස්තුතියි මම තාම ඇඩ් කරේ නෑ.ඉක්මණටම ඇඩ් කරන්නම්.

    @ nadeesthoughts
    සිරාවටම වලස්සු නැද්ද දන්නෑ.එහෙම නං ඇනකොන්‍‍ඩෙක් හරි ජගුවරයෙක් හරි කියල හිතාගන්න තමයි වෙන්නේ
    ලොලේ ලොල්

    ReplyDelete

අදහස්, උදහස්....

.