Sunday, March 7, 2010

Leave a Comment
සති අන්තේ නිවාඩුවට ගෙදර ආවා.ගෙදර ආවට ඒච්චර විවේකයක් නම් නෑ. අලුතින් බ්ලොග් එක පටන් ගත්තට මොකද දෙවනි ලිපිය දාන්න නං සෑහෙන්න කල් ගතවුනා.දාන්නං දාන්නං කියල හිටියට අද තමයි ලියන්න ගත්තේ.මොකද ඉස්සර වගේ නෙවෙයි මට ඒ තරම් තාම හුරු නැති වගකීම් තොගයක් දරන්න සිද්දවෙලා තියන හින්දා.
බ්ලොග් ලියන්න අලුත් වුනාට මම සින්ඩිය නං කියවන්නේ සෑහෙන කාලයක ඉඳලා. පස්සෙ තමයි හිතුනෙ මමත් මේ වැඩේට දායක උනොත් හොඳයි කියලා.මම මීට කලින් දින සටහන් ලිව්වා.ඒකෙයි මේකෙයි පොඩි වෙනසක් තියනවා.මොකද දින සටහන් ලිව්වෙත් මම කියෙව්වෙත් මම. ඒ නිසා සමහර විට මම ලියන බ්ලොග් සටහන් සමහර විට පිස්සු විකාරයක් වගෙත් පේන්ඩ ඉඩතියනවා.එහෙම වුනොත් පොඩ්ඩක් තියන අඩුපාඩු පෙන්නලා දෙන්න.


හිතේ තියන සමහර දේවල් කාට හරි හිතවත් කෙනෙකුට කිව්වහම හරි දින සටහනක් විදියට ලිව්වහම හරි මානසික සහනයක් දැනෙනවා. හිතේ තියන පීඩනයන් හිර කරගෙන තියාගන ඉන්න එකත් හොඳ දෙයක් නෙවෙයිනේ.ඒකත් මම බ්ලොග් ලියන්න එක හේතුවක්.
මම ගැනත් පොඩ්ඩක් කියන්නම්.මම තාම අධ්‍යාපනය ලබනවා.ඒ තොරතුරු තාක්ෂණ අංශයෙන්.ඒ ඇරුණාම අන්තර්ජාලයේ රවුම් ගහන එකත් චිත්‍රපටි බලන එකත් මං කැමති අනික් දේවල්. පොත් කියවන එකත් කරනවා.හැබැයි පරිවර්තන තමයි වැඩිහරියක් කියවන්නේ මොකද දැන් තියන ගොඩක් සිංහල නවකතා මට අල්ලල යන ජාතියේ එව්වා නෙවෙයි.
මේක නිකං පලාමල්ලක් වගේ උනා ලියල ඉවර වෙනකොට.අතනින් ටිකයි මෙතනින් ටිකයි.අනේ මන්දා.ලියල පුරුදු වෙනකොට හරියයිනේ.එහෙනං අදට නවතිනවා.හැමෝටම තෙරුවන් සරණයි.

0 ප්‍රතිචාර:

Post a Comment

අදහස්, උදහස්....

.