Tuesday, December 21, 2010

තවත් එක් ක්ලැසික් පොලිස් කතාවක් , ගම පෙරළන හැටි

7 comments
අපේ රටේ පොලීසිය වටා ගෙතිච්චි බොහෝම රසවත් කතා තොගයක්ම තියනවානේ.සමහරක් එව්වා ඇත්ත.තව සමහරක් එව්වා නම් ඉතින් ගල් පැලෙන බේගල්. ඔය අතර කොටසක් ඇත්ත සහ තාරබර එකතු වෙලා රසවත් වෙච්චි එව්වත් තියනවා. මං හිතන හැටියට නං වැඩිපුරම තියෙන්නේ එහෙම කලවං වෙච්චි කතා. ඔය මොන කතාවෙත් යම් පමණකට ඇත්තක් ඇති. අර කතාවකුත් තියෙන්නේ ගින්නක් නැතිව දුමක් නඟින්නෙ නෑ කියලා. ගොඩක් වෙලාවට වෙන්නේ නම් එක් කෙනෙක් කතාව ඇහුවට පස්සේ ඒක වෙන කෙනෙකුට කියන කොට අසන්නා රසගන්වන අදහසින් කෑලි කීපයක් අතින් දාල කතාව කියන එක.එහෙම රවුම් කීපයක් ගියාම කතාව ලස්සනට හැදිලා සමහර කෑලි සංස්කරණය වෙලා වෙනස්ම කතාවක් හැදෙනවා නෙව. වැස්සෙම මතක් වුනා ක්ලැසික් පොලිස් කතාවක්....... 
Read More...

Sunday, November 21, 2010

අද ඉල් පුර පසලොස්වක පොහොය දිනයයි.....

2 comments
වස්සාන සෘතුවේ අවසන් පුන් පොහොය දින වන අද දිනය වැදගත් සිදුවීම් රාශියකට හිමිකම් කියයි.

.
Read More...

Saturday, November 6, 2010

මගේ ජංගම දුරකතන ඉතිහාසයේ සිට මෙතෙක් කතාව.......

14 comments
දැන් අපේ රටේ හැමෝම අතේ තියන මෙවලමක් බවට ජංගම දුරකතනය පත්වෙලා තිබුනත් මීට අවුරුදු කීපයකට කලින් නම් එහෙම වුනේ නෑ.අපි ඉස්කෝලෙ යන දවස්වල කට්ටිය 3310 වගේ ෆෝන් අරන් යනකොට එව්වා දිහා මැජික් වගේ බැලුව අපිට ඊට පස්සේ ආපු 1100 වගේ ෆෝන්වල රින්ග් ටෝන් කොම්පෝස් කරන එක මාරම මාර මැජික් එකක් වුනා.ඒ දවස්වල වීඩියෝ බලන්න පුලුවන් වර්ණ තිර, කැමරා  තියන ඒ වගේම එම්ප්‍රී තී පහසුකම තියන ජංගම දුරකතන ගැන පත්තර වල පල වෙච්ච විශේෂාංග ඇස් ලොකු කරගෙන කියවලා ගෙදර අයටත් රසකර කර කියපු හැටි තීර්ථ යාත්‍රිකයාට නම් තවත් හොඳට මතකයි.
Read More...

Saturday, October 2, 2010

ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය බලන්න කට්ටිය එනවද.........අපිත් ඉන්නවා ප්‍රදර්ශන කුටියක......

9 comments
ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය බලන්න කට්ටිය එනවද.........අපිත් ඉන්නවා ප්‍රදර්ශන කුටියක......

sorry guys i write this in English, because the computer that I am writing this post has not sinhala tamil kit.I'm not familiar with UCSC real time unicode converter as well. :-)
Read More...

Sunday, September 26, 2010

Talentsoft ජයග්‍රහණය

9 comments
Talentsoft මෘදුකාංග තරඟාවලිය ඊයේ හවස් වරුවේ නිමාවට පත්වුනා.සෑහෙන තරමක පිරිසක් මේ දින දෙකේදි මේ තරඟයට ඉදිරිපත් කර තිබුනු නිර්මාණ දැක බලා ගත්තා.අද පෝස්ටය ලියන්නේ හිතේ සියුම් සතුටක් ඇතිවයි  හේතුව තීර්ථ යාත්‍රිකයා සහ තීර්ථ යාත්‍රිකයාගේ පන්ති සගයා එකතුවෙලා නිර්මාණය කරල තරඟයට ඉදිරිපත් කරපු Safe House Home Security System තරඟයේ ප්‍රථම ස්ථානය දිනාගැනීම නිසායි. පහතින් පේන්නේ ප්‍රථම ස්ථානය වෙනුවෙන් තීර්ථ යාත්‍රිකයා සහ පන්ති සගයා දිනාගත් සම්මානයයි.


Read More...

Wednesday, September 1, 2010

හිතට චමත්කාරයක් දනවන හිත බැඳුන ගීත AKA එළකිරි සිංදු

12 comments

තීර්ථ යාත්‍රිකයත් සින්දු අහන්න සෑහෙන්න කැමැත්තක් දක්වනවා.(හොඳ සිංදු පංකාවක්(FAN)). ඒත් වැරදිලාවත් තීර්ථ යාත්‍රිකයාගේ පංති සගයෙකුගෙන් තීර්ථ යාත්‍රිකයා අහන සිංදු ගැන ඇහුවොත් සියයට අනන්තයක් ෂුවර් ලැබෙන්නේ මෙන්න මේ වගේ පිළිතුරක්.
"අනේ ඕක අහන සිංදු, හැම තිස්සෙම චක බක චක බක නැත්තං සල බල සල බල ගාන එහෙමත් නැත්තං මිනිහෙක් මරන්ඩ බෙල්ල මිරිකද්දි කෑගහනවා වගේ ඇහෙන එව්වනේ අහන්නේ.ආපෝ ළඟක ඉන්න හොඳ නෑ ඕක සිංදු අහන වෙලාවට" .

"මචන් අපේ වී මෝල ස්ටාර්ට් කලාමත් ඔය වගේමයි බන් සද්දේ. හරි ලේසියෙන් ඔය සිංදුවට මියුසික් දෙන්න පුලුවන් නේද ?"  දවසක් තීර්ථ යාත්‍රිකයා හෙවි මෙටල් සිංදුවක් අහද්දි කඩාපාත් වෙද්දි පංති සගයෙක් නෝන්ඩියක් දැම්මේ එහෙමයි.

Read More...

Sunday, August 29, 2010

PHP සහ E mail Attachments

8 comments

පහුගිය දවසක පොඩි වැඩක් කරගන යද්දි php වලින් ලෝකල් හොස්ට් තුල ඉඳලම ඇටෑච්මන්ට් එකක් සමඟ ඊ මේල් යැවීමේ අවශ්‍යතාවයක් ඇතිවුනා. අන්තර්ජාලයේ මේ සම්බන්ධයෙන් තොරතුරු හොයාගන යද්දි ආධුනිකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට පුලුවන් වෙන විදිහට නිරවද්‍යම ලිපියක් හොයාගන්න ටිකක් අමාරු වුන නිසත් ,මට අවශ්‍ය වෙච්චි දේ ඒ විදිහටම කරගන්න ටිකක් දඟලන්න වුන නිසාත් කාට හරි ප්‍රයෝජනවත් වේවි කියල හිතුන නිසාත් තමයි මේ සටහන ලියවෙන්නේ.

Read More...

Sunday, August 22, 2010

Bluetooth ගිය දුරක් සහ වෙනත් කතා..

13 comments
මේක මම අත්විඳපු ජොලි පහේ අත්දැකීමක්. ඇත්තටම අත්විඳපු දෙයක් නිසා තාමත් මතක් වෙද්දි සිනා රැල්ලක් නැගෙන සිද්දියක්.මම ගමේ දැඩි මිත්‍රත්වයක් තියාගෙන ඉන්න යාලුවො අතලොස්සෙන් එක්කෙනෙක් තමයි සුදූ කියන්නේ. (මිනිහ තලෙලු උනාට හැ​මෝම කියන්නේ සුදූ කියල, හේතුව කොන්ඩෙ තියන සුදුපාට උපන් ලපය). සුදූ කියන්නේ ඇත්තටම බොහෝම ​ධෛර්යවන්ත කෙනෙක්. අපිට වඩා අවුරුදු 5ක් විතර වැඩමල් සුදූ ඉස්කෝලෙ ගියේ සාමාන්‍ය පෙලට විතරයි.ගෙදරත් එතරම් වත්පොහොසත්කම් ඇති පවුලක් නෙවෙයි.ඒත් බිංදුවෙන් පටන්ගත්ත ඔහු අද ප්‍රදේශයේ හැටියට සාමාන්‍ය මට්ටමේ ව්‍යාපාරිකයෙක්.පොඩිකාලෙ ඉඳලා දැකල තිබුනත් යහලුවෙක් විදිහට මම ඔහුව දැන අඳුනගත්තේ මීට වසර දෙකකට පමණ කලිනුයි.
Read More...

Monday, August 9, 2010

ඇයි අපි ඔටුවොද? පොලිස් කතාවක්.

5 comments
අද උසස් පෙළ විභාගෙත් පටන් ගත්තානේ. කාලෙකට කලින් තීර්ථ යාත්‍රිකයත් උසස් පෙළ ලියපු හැටි මතක් වුනා.අම්මෝ බයෝ,කෙමෙස්ට්‍රි, ෆිසික්ස්, ළමයි 1000ට වැඩි හෝල් ක්ලාස්.....මතක් වෙද්දිත් ඇඟ හිරි වැටිල යනවා.

උසස් පෙළ කාලෙ විඳපු මිහිරි අත්දැකීම් නැතුවමත් නෙවෙයි. ඇත්තටම ඒක අමුතුම යුගයක්. බ්ලොග් අවකාශයේ සහෘදයෝ කීප දෙනෙකුත් උසස් පෙළ ලියනවා ආරංචි හැටියට. හැම දෙනාටම සුභ පතනවා එහෙනං. උසස් පෙළ සමයෙ විඳපු ජොලි පහේ අත්දැකීමක් හැමෝම එක්ක බෙදා ගන්න හිතුනා. කතන්දරය කියන්න නං අවුරුදු කීපයක් ආපස්ස​ට යන්න වෙනවා.
Read More...

Sunday, August 8, 2010

එදා මෙදා තුර කැමතිම පරිගණක ක්‍රීඩා

11 comments
කම්පියුටරයක් ගෙනාව දවසේ ඉඳලා හැම කෙනෙකුම වගේ ඈදී යන එක්තරා අංගයක් තියනවා... (මොකද්ද අප්පේ ඒ)....ඒ තමයි කම්පියුටර් ගේම්ස්..මං හිතන්නේ ගේම් එකක් ගහල නැති ,කම්පියුටරයක් සහිත කෙනෙක් හොයාගන්නවා කියන්නේ හරියට නිකං ඉන්ටර්නෙට් තියාගන ෆේස්බුක් එකේ නැති කෙනෙක් හොයනවාටත් වඩා අමාරු වැඩක් වේවි. තීර්ථ යාත්‍රිකයාට මුලින්ම කම්පියුටරයක් ලැබුනේ 2004 අවුරුද්දේ. ඒ සාමාන්‍ය පෙළ හොඳට ගොඩදාගත්තට ලැබ්ච්ච තෑග්ගක් විදිහට. ඒ කාලෙ ඉඳන්ම "මමතුමාත්" හොඳ පරිගණක ක්‍රීඩා පංකාවක් (ෆෑන් කෙනෙක්). අදටත් කාලය වේලාව තියන හැටියට ඉඳලා හියලා ගේම් එකක් ගහන එක ගහනවා කොහොමහරි. මම එදා මෙදා තුර ගහපු පරිගණක ක්‍රීඩා අතරේ කවදාවත් අමතක නොවෙන ,අදටත් කැමති පරිගණක ක්‍රීඩා කීපයක් ගැනයි අද පෝස්ට් එක වෙන් වෙන්නේ....කොටින්ම කියනවනම් තීර්ථයාත්‍රිකයා'ස් කොම්පියුටර් ගේමස් ටොප් ලිස්ට්"

Read More...

Wednesday, August 4, 2010

කාලය,මම මූනුපොත සහ තවත් වල්පල්

Leave a Comment
කාලය ගලාගන යන්නේ හරිම වේගයෙන්, වෙලාවකට එහෙමත් හිතෙනවා.පහුගිය සති තුනක කාලය යනවා දැනුනේවත් නැති නිසයි එහෙම හිතුනේ. පේන විදිහට නම් වැඩ කටයුතු වැඩි වෙද්දි කාලය වේගයෙන් ගලා යනවා වගේ දැනෙනවා ඇති.පස්සේ අන්තිමට දන්නෙම නැතිව අපි වයසට ගිහිල්ලා බලනකොට කලේ මොනවද ,ලබාගත්තේ මොනවද කියල ආපහු හැරිලා බලනකොට සතුටු වෙන්න පුලුවන් කීයෙන් කීදෙනාටද?
 බ්ලොග් අවකාශයත් වෙනස් වෙලා ගිහිල්ලා.ඉස්සර නම් සිංහල බ්ලොග් අවකාශය සතුට,සහජීවනය සහ සහෝදරත්වය වැජඹුන තැනක්.ඒත් දැන් බ්ලොග්කරුවන්ගේ වේශයෙන් පෙනීසිටින ඇතැමුන් නිසා ඒ යහගුණ නැතිවෙලාදෝ කියලත් වෙලාවකට හිතෙනවා.මම ටික දවසකට කලින් ලියපු "සින්ඩිකේටරයක් සෑදීම" කියන ලිපියට එකතුවුන සමහර ප්‍රතිචාර මම පලකලේ නැහැ.
Read More...

Monday, July 26, 2010

කුමුදු පින්තු මහතාට නිවන් සැප ලැබේවා!

3 comments
                                                                 
සිංහල බ්ලොග් අවකාශයේ සහෘදයෙක් වන තම තම නැන පමණින් , බ්ලොගය පවත්වාගන ගිය කුමුදු පින්තු මහතා අභාවප්‍රාප්ත වූ බව ලහිරු චානක මූණු පොතේ දී දැනුම් දුන්නා. ඒ පිළිඹඳ තීර්ථ යාත්‍රිකයාගේ සාතිශ්‍ය සංවේගය පලකරන අතර එතුමාට නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරනවා!
Read More...

Thursday, July 15, 2010

කුබුන්ටු කියන්නේ ගේම් එකක්ද ? මචන්

11 comments
මුණුපොතේ ඉද්දි දැකපු දෙයක්. කියන්න දෙයක් නෑ ස්ක්‍රීන් ෂොට්ස් බලල ඉන්නකෝ.
දැක්කට පස්සේ අනේ අනිච්චං කියල හිතුනා

Read More...

Sunday, July 4, 2010

සින්ඩිකේටරයක් සෑදීම

20 comments
තීර්ථ යාත්‍රාවේ ලියවෙන පළමු තාක්ෂණික ලිපිය හින්දා පොඩි පෙරවදනක් ලියන්න හිතුනා. ඒ තමයි මම තීර්ථ යාත්‍රාවේ තාක්ෂණික ලිපි ලියන්න හේතුව.
ප්‍රධානම හේතු දෙකයි.

1 දැනුම බෙදාගැනීම (දැනුම වැඩි වෙන්නේ බෙදාගත්තහම මිසක් බදාගත්තහම නෙමෙයිනේ)
2 දන්නා දේ නිවැරදි දැයි දැනගැනීමට (මම සාවද්‍ය යමක් පළකල හොත් බොහෝදුරට සයිබර් අවකාශයේ කවුරුන් හෝ එය නිවැරදි කරාවි ඒ වගේම එයට අලුත් දේවලුත් එකතු කරාවි)

Read More...

Tuesday, June 29, 2010

Digital නෙතක සොඳුරු අසිරිය..A Digital Dream

2 comments
තෙවන සමාසිකයේ විභාගය අවසන් වී නිවාඩුව ලැබූ විගස කලක් හිතේ කොනක රැඳී තිබුන බලාපොරොත්තුවක් එළි දක්වන්ටයි මේ සූදානම. ඒ ඡායාරූප වියුනක් නැතිනම් photo blog එකක්.
ඡායාරූප කරණය පිළිඹඳ මගේ මුලින් එතරම් ඇල්මක් තිබුනේ නැහැ.නමුත් ඡායාරෑපකරණය ප්‍රධාන විනෝදාංය කරගත් මගේ මිතුරෙක් මා තුල නැති ඒ ඇල්ම ඇතිකරවන්නට සමත් වුනා.විවේක ඇති පරිද්දෙන් අපි කාලයක පටන් "Photo Hunting" (මිතුරාගේ විශේෂණයක්) හි යෙදෙනවා.ඒ නිසාම එක් රැස්වූ ඡායාරූප ප්‍රමාණයත් අතිවිශාලයි. ටිකෙන් ටික වියුණ ඡායාරූපයන්ගෙන් පුරවා ලන්නටයි මගේ බලාපොරොත්තුව .මේ ඡායාරූප අතර මගේ වික්‍රමයන් වගේම මිතුරාගේ අතිවිශිෂ්ඨ නිර්මාණයන්ද අඩංගු වනවා.
Read More...

Saturday, June 12, 2010

300, සිනමාවට නැගුන සත්‍ය කතාන්දරය

11 comments
බයස්කෝප් අඩවියේ 300 චිත්‍රපටිය ගැන ලියවුන පෝස්ට් එක දැක්කට පස්සේ අතීත මතකයක් අවදිවුනා වගේ දෙයක් වුනා.හේතුව පොඩි කාලෙ ඉඳලම ලෝක ඉතිහාසය කියන එක මට රසවත් මාතෘකාවක් වෙලයි තිබුනේ.
300 චිත්‍රපටියට පාදක වුන කතාව සත්‍ය කථවක්. සමහර විට කට්ටිය දන්නවත් ඇති,නොදන්නවත් ඇති. මගේ ඉතිහාස පොත් කලෙක්ෂන් එක අවුස්සල මගේ මතකයේ නැතිව තිබුන දින වකවානු එහෙම හොයාගන 300 චිත්‍රපටියේ සත්‍ය කථාව හැමෝම එක්ක බෙදාගන්න හිතුවා.


Read More...

Wednesday, June 9, 2010

පාපන්දු ලෝක කුසලානය සහ ගුග්ල්

2 comments
අන්තර්ජාලයේ රවුමක් ගහද්දි හම්බවුන දෙයක් මේක. පාපන්දු ලෝක කුසලානය වෙනුවෙන් ගුගුල් සෙවුම් යන්ත්‍රයේ වි‍ශේෂ වෙනසක් සිදුකර තිබෙනවා "world cup" කියන සෙවුම් ප්‍රතිපලය වෙනුවෙන්. ගුගුල් වෙත ගොස් world cup හෝ football world cup යන්නට සෙවුමක් දමා බැලූ විට පහත ප්‍රතිථලය ලැබේවි.




පහලම කෙළවරේ සාමාන්‍යයෙන් දැක්වෙන Goooooooooogle වෙනුවට "Gooooooooooal යන්නත් දකින්නට ලැබේවි

Read More...

Wednesday, May 26, 2010

මේ පින්බර වෙසක් සමයයි

2 comments

මගේ පරිගණකයේ තිබෙන  සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිරෑපනය වන ඉමේජ කට්ටලයක්
අන්තර්ගත ගොනුවක් අන්තර්ජාලයට‍ මුදාහැරියා. ඒ ගොනුවේ භගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලාගේ සැබෑ ඡායාරූපද අඩංගු වෙනවා.ඊට අමතරව ටිබෙට් සම්ප්‍රදායේ (ටි‍‍බෙට් ජාතික භික්ෂූන් වහන්සේ නමකගෙන් ලබාගත්) ඉමේජද ඇතුලත්.
එම ගොනුව මේ සබැදියෙන් භාගත හැකියි
රහස් පදය : maytriplegemblessyou

(වැඩි පරිස්සම සදහා ගොනුව වෛරස් පරීක්ෂාවකට ලක්කරගන්න.)
Read More...

Sunday, April 25, 2010

දිගටම දුවන හැමෝටම සුභ පැතුම්

2 comments
සෑහෙන කට්ටියක් තාම දුවනවා. මම නං ඊයෙ රූ ටික වෙලාවකින් රිසයින් වුනා. රෑ 1 විතර වෙද්දි. දුවන හැමෝටම මගේ සුභ පැතුම්.
Read More...

ප්‍රථම ප්‍රේමය

5 comments



මහබඹා මගෙ නලලෙ කෙටු හැටි
කියන එක හරි මදිද මන්දා
රටේ හැමතැන කරක් ගහලා
ඇයට හිතගියෙ මොකද මන්දා
උපන් වසරට වසක් කලියෙන්
නොඉපදුනේ කරුමයද මන්දා
ඒ වැරැද්දට අහිංසක මට
ලැබුණ පිළිතුර "අනේ මන්දා"




Read More...

Saturday, April 24, 2010

දැන් නං නිදිමතයි

2 comments
නිදිත් මතයි.ඒත් නිදාගන බෑනෙ ඔන්න ඔහෙ ලියලදානවා මොනවහරි....
කලින්ම කිව්වනේ මේ පෝස්ට් ලියන්නේ ලිනක්ස් මත ඉඳගන කියල.හරියටම කිව්වොත් උබුන්ටු කාර්මික් කෝල තමයි දාල තියෙන්නේ.ලිනක්ස් වලට නවකයෙක් උනත් භාවිතා කිරීමේදී හොඳටම තේරෙනවා ලිනක්ස් ගැන තියන මත ගොඩක් තේ කෝප්පේ දකින කුණාටු කියලා.මට තේරෙන හැටියට නං ලිනක්ස් අපිට පුදුමාකාර විදිහට පර්සනලයිස් කරගන්න පුලුවන් වෙනවා.විශේෂයෙන් ස්තුති වෙනවා බුධාජීව මලයට. ඇතිවෙච්ච ගැටලු නිරාකරණය කරගන්න සෑහෙනන උදව් කලා. දැන් කුබුන්ටු ඩෙස්ක්ටොප් එන්වයරමන්ට් එක බාන ගමන්(ගෙනොම් වගේම KDE ත් )අත්හදා බලන්න හිතුනා. හැමොම හැඩවැඩ වලට ආසයිනේ.....
Read More...

මෙන්න ටෝක්

4 comments
අපිත් එක්ක එකම බැජ් එකේ හැබැයි වෙන ඩිපාට්මන්ට් එකක ඉන්න මරු චරිතයක් ඉන්නවා. පුදුමාකාර වදන් තියෙන්නේ....
මේ එයාගෙ කතාවක්

ඌ :උඹ දන්නවද මගෙ ළමා කාලය ගෙවුනේ කොළඹ මැද්දේ
මම :ඒ කොහොමද බන්?
ඌ :මාව හම්බවෙන්න ගිහින් අමාරුවෙලා අපේ අම්මා රිජ්වේ ආර්යා එකට අරන් ගියා. මම සති 2කක් නොමේරු ළදරු ඒකකේ හිටියා.

Read More...

මේකත් නිසඳසක්ද

4 comments
නෙක මලින් බරවුනු බඹර ගුම් නද පැතිරුන
එක මල් ගසක් යට නැවතී බැලුවෙමි
පිපුණ මල් පොකුරු මැද සුදිලෙන මේ තනිමල
මගේ සිත පැහැරගෙන දෙනෙත් ඉවතට යා නොදේ
ඒ මලද මට ලැදිව සිනාසෙනවා දුටිමි
නමුත් රුදු සුළඟ විත් එමල නටුවෙන් සිඳ
මගෙන් ඉවතට රැගෙන යයිදෝ බයයි
සුළං සැර නොවදින සේ මල මුවා කරනෙමි මා
එනමුදු
නටුව ගලවනු නොදෙනු හැක්කේ එමලටම පමණයි
Read More...

වට්ස් අප් -ස්කයි

5 comments
මගෙ යාලුවෙක් කාලෙකට කලින් ඕස්ට්‍රේලියාවට ගියා. මේක එයාට වෙච්ච සිද්දියක්.
දන්නවනේ හැම භාෂාවකම තියනවනේ ඒ භාෂාවටම ආවේනික වෙච්චි තේරුමට සපුරාම වෙනස් අර්ථයක් තියෙන වචන.
ඉංග්‍රීසියේ තියෙන කොමන් කතාවක් නේ
Whats up කියන එක

මගේ යාලුවා ඕස්ට්‍රේලියා ගිය අලුත සුද්දෙක් දවසක් ඇහුවලු mr xxxxx whats up
කියලා.
අපේ පොර උත්තරේ දුන්නලු බොහොම කෙටියෙන්
SKY
Read More...

ගයාවී කෙවිලිය පෙම් ගී

1 comment
වසත් කාලය උදාවී
කොහෝ හඬ රැව් දේලු
තුරු මලින් බර වීලු
පැණි කැවුම් ඉදවීලු
මේ කිසිත් මට නොදැනෙයි
මසිත් ලොව තව අඳුරුයි
උදා වෙන තුරු ඒ වසත් කල
බලා හිඳින්නේ වෙම් බොහෝ කල්
බලා හිඳි කල් නිමා වී
මගෙ අඳුරු ලොව එලිවීය
මගේ මනදොල පුරවාලන්නට
ගයාවී කෙවිලිය පෙම් ගී
Read More...

මැන්ජෝසන් සාමිට මොකද උනේ.....

5 comments
කලින් පෝස්ට් එකේ අන්තිමට මැන්ජෝසන් සාමි හඳ ට ගිහිලලා එන කොට බිමට වැටුනා කියලා කිව්වනේ....
ඔන්න ඉතිරි ටික

ඇස් ඇරලා බලපු මැන්ජොන්සන් සාමි ඇඟපත අතපත ගාලා බැලුවා.අවුලක්නෑ යහතින් හැමදේම තියනවා.
ඒත පුංචි අවුලක් ඉන්නෙ තඩිම තඩි වලක් ඇතුලේ....
හිතාගන්න පුලුවන්ද හේතුව.අච්චර උඩ ඉඳලා වැටෙද්දි හෑරුණවල තමයි ඒක. දැන් කොහොමද වලෙන් ගොඩට යන්නේ මැන්ජෝසන් සාමි දහ අතේ කල්පනා කලා....ටිකක් කල්පනාකරලා බලන කොට ගෙදර තියෙන ඉනිමඟ ගැන මතක් උනා. ඉක්මණට ගෙදර ගිහිල්ලා ඉනිමඟ අරගෙන ඇවිල්ලා වලට බැහැලා ඉනිමඟ තියලා ගොඩ ආවලු.ඇවිල්ලා මී මැස්සොත් අරන් රජ වාසලට කරදරයක් නැතිව ගියාලු.....
(ප.ලි ,මේවා මගේ කතන්දර එහෙම නෙවෙයි හරිද ඕන්....පොත ගැන විස්තර දන්නවනං කියන්න.)
තවත් දෙයක් මම රියල් ටයිම් ලියන නිසා වල්බූත ලියවුනාට ගනන් ගන්න එපා. ඒවගේම ලියන්න එපායැ පැයකට පෝස්ට හතරක්ම. කමෙන්ට වලට ප්‍රතිචාර දාන්න පරක්කුවෙයි ගනන් ගන්න එපා.........
Read More...

චක්නෝරිස් හොයන්න

5 comments
මම වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා.......දැනුම් දුන්නට ස්තුතියි මොකද මම මෙච්චර වෙලා හිටියෙ ඒක අයින් කරලා තියෙන්නේ කියලා....
අන්තර්ජාලෙ කියන්නේ අමුතුම තැනක් නේ.එක එක ජාතියේ දේවල් තියනවා.
මෙන්න පොඩි විනෝද ජනක දෙයක්
ගූග්ල් සර්ච් ඇන්ජිමට ගිහිල්ලා

find chuck norris

කියලා ටයිප් කරන්න.ඊට පස්සේ i'm feeling lucky ක්ලික් කරන්න. එක පිටුව හොඳට කියවලා බලන්න.
මොකද හිතෙන්නේ........
Read More...

නිසඳැසක් වගේ එකක්

7 comments
මල් පැලක් බන්දවා
කැවුම් කිරිබත් පුදා
පහන් දැල්වූ පමණින්
ඒද අවුරුදු කුමරුන්
අදමිටු බවින් පිරි අඳුරු
සිත් නිවහන් වෙතට........
සිත් පහන් දල්වා
ලොව එකලු කරමු.........
Read More...

මැන්ජොන්සන් සාමිගේ කථා(හඳට යාම සහ මායා බෝන්චි)

4 comments
කවුද මැන්ජෝසන් සාමි කියන්නේ ? සමහර අයට ප්‍රශ්නයක් වෙයි.මැන්ජෝසන් සාමිගේ කතාන්දර ඇතුලත් පොතක්ම තිබෙනවා.ඒක පිරිලා තියෙන්නේ උපහාසාත්මක ටොම් ම ටොම් පචවලින්. කොටින්ම කිව්වොත් ගල් පැලෙන බේගල් වලින්.මම කුඩා කාලයේ මේ පොත කියවා තිබෙනවා නමුත් කතුවරයා පිලිඹඳ මතකයක් නම් නෑ.නමුත් හැමෝටම කියල රසවිඳින්න පුලුවන් නිසා ඒ කථාවලින් කීපයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුවා.මේ මැන්ජෝසන් සාමි කියන්නේ අන්දරේ ට යම් සමානකමක් තිබෙන චරිතයක් කියල කියන්නත් පුලුවන්..නමුත් හැමෝටම කියල රසවිඳින්න පුලුවන් නිසා ඒ කථාවලින් කීපයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුවා.
Read More...

මැරතන් ඇරඹුනා මේ පළමු පියවරයි

Leave a Comment
සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ මිනි මැරතන් ඉසව්වට සහභාගීවන තීර්ථ යාත්‍රිකයාගේ මුල්ම මැරතන් තරඟාවලියේ මුල්ම ලිපිය මෙයයි.අද තීර්ථ යාත්‍රිකයාට විශේෂත්වයක් තියනවා. මොකද මේ ලිපිය ලියන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක ඉඳලා නිසයි..
එහෙනං ඔන්න පටන් ගත්තා.....
Read More...

Tuesday, April 13, 2010

මට සමාවෙන්න මම යන්න යනවා......

10 comments
තව ඉතිරිවී ඇත්තේ සුලු වේලාවක් පමණි. සියල්ලන්ගෙන් සමුගෙන,සදාකාලයටම සමුගෙන යන්න මම තීරණය කර
හමාරයි...මම ගැන දුක් වෙන්න එපා.අපි එකතු වෙලා කරපු කියපු දේවල් අතීතයට එකතුවේවි......මම නිසා කවුරු හරි දුක් වුනා නම් වේදනාවක් වින්දනම් මම ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලනවා...ඒ...අවසාන වතාවට මේ අවසාන මොහොතේ මට ඔයාල සමාව නොදී ඉඳියි කියල මම හිතන්නෙ නෑ.ඔයාල අතරට මම ආයෙ එන්නේ මතකයන්ගෙන් විතරයි......සැබෑවටම ආයෙ කවදාවත් එන්නේ නෑ. සමහර විට මම ගැන කට්ටිය ආයෙ පෝස්ට් ලියාවි..ඒත් එතකොට මම ගිහින් හමාරයි...හැමෝම සතුටින් ඉන්න......මම සදහටම වෙන් වෙන්නයි යන්නේ.......



මීට පරණ අවුරුද්ද.....
Read More...

ඇමරිකාවෙන් අපිට අලුත් අවුරුදු සුභ පැතුම්.......

7 comments

මම දැං අන්තර්ජාලයේ සැරිසරද්දි අහම්බෙන් මේක දැක්කේ.....
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ලබන්නාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරලා තිබෙනවා......
Read More...

Friday, April 9, 2010

ශුද්ධ වූ කඳු මුදුන කරා 3

2 comments

හිතුවට වඩා ඉක්මණින් තුන් වෙනි කොටස ලියන්න පුලුවන් වීම සතුටට කාරණාවක්.මේ ලිපි පෙළි ලියවෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ සහ සමීප මිතුරෙකුගේ කුලුඳුල් සිරිපා වන්දනාවේ කථාවයි.මුල් ලිපි නොකියවූ අයට පළමු ලිපිය මෙතනින් සහ දෙවනි ලිපිය මෙතනින් කියවන්න පුලුවන්….

දෙවනි ලිපිය අවසන් වුනේ හවස හතට ශ්‍රීපාද තරණය ආරම්භ කල බව පවසමිනුයි.එහෙනම් මෙන්න එතැන් සිට………..

ගමනේ විස්තරයට පෙර ශ්‍රීපාද වන්දනාවේ යන්න බලාපොරොත්තුවන අය හටකරුණු කාරනා කීපයක් මතක් කරන්නට කැමතියි.

1)ශ්‍රීපාදය යනු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රීපාද ලාංඡනය පිහිටා ඇති ශුද්ධ භූමියයි.දේවානුභාවය මුලු භූමිය පුරාම පවතිනවා. ශ්‍රීපාද ගමන කිසිසේත්ම විනෝද චාරිකාවක් නෙවෙයි.සැදැහැ සිතින් ගෞරවය උපදවාගෙන යෑමෙන් පමණයි නිසිඵල ලබාගත හැක්කේ…

2)කිසිම විටෙක මත්ද්‍රව්‍ය භාවිතා නොකරන්න.ඒ වගේම ඔබගේ වචනය සංවර කරගන්න.නැතිනම් බොහෝවිට අනිටු විපාක අතිවිඳීමට සිදුවේවි.

Read More...

Thursday, April 8, 2010

ශුද්ධ වූ කඳුමුදුන කරා 2

3 comments
ශ්‍රීපාද වන්දනා ගමන ගැන දෙවනි ලිපිය ඉක්මණින්ම ලියල ඇතුලත් කරන්න හිටියත් විවිධ හේතූන් නිසා සතියක්ම ප්‍රමාද වුනා.සිදුවූ ප්‍රමාද දෝශය පිළිඹඳ මගේ බලවත් කණගාටුව.
මමත් මගේ මිතුරෙකුත් පළමු වරට ශ්‍රීපාද වන්දනාවේ යෙදුන චාරිකාව ගැන පළමු ලිපිය කියවන්න නොහැකි වුණ අය මෙතනින් ඒක කියවන්න.
කලින් ලිපිය නතර වුනේ අපේ සුන්දර මධ්‍යම කඳුකරය හරහා දුම්රිය ඇදෙන අතරෙදියි.තීර්ත යාත්‍රිකයා හිතන හැටියට නං අපේ මේ පුංචි රටේ තියන ලස්සන,චමත්කාරය හොඳින්ම දැක ගන්න පුලුවන් ගමනක් තමයි කොළඹ බදුල්ල දුම්රිය ගමන...
ගම්පොළ,නාවලපිටිය පැත්තට එනකොට පරිසරය තවතවත් ශීතල වුනා.සීතල සුළං රැල්ලක් මුලු ගතම වෙලාගන හමා යද්දි මමයි මගේ මිත්‍රයායි ඉඳගන හිටපු ආසනයෙන් මදකට බැහැර වෙලා පාපුවරුවට පල්ලම් බැස්සා.
Read More...

Sunday, March 28, 2010

ශුද්ධවූ කඳුමුදුන කරා

5 comments

ශ්‍රීපාදය සෑම බෞද්ධයෙකුම ජීවිතයේ එක්වරක් හෝ වැඳපුදා ගැනීමට කැමැත්තෙන් සිටින ඒ අසිරිමත් පින්බිම වැඳ පුදා ගැනීම තීර්ත යාත්‍රිකයාගේත් ජීවිතයේ එක් අරමුණක් වෙලා තිබුනේ.ඒ අරමුණ මුදුන් පමුණුවාගන්න පසුගිය අඟහරුවාදා මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී මට හැකිවුනා. පහතින් දිගහැරෙන්නේ තීර්ථ යාත්‍රිකයාගේ සමනොළ සිරස දක්වා වූ ගමනේ විස්තරයයි.
වන්දනා නඩය සමන්විත වුනේ දෙන්නෙක්ගෙන්.ඒ මම සහ මගේ හොඳ යාලුවෙක්.දෙන්නම මීට කලින් ශ්‍රීපාද වන්දනාවෙ ගිහින් නැහැ.කෝඩු කාරයො දෙන්නෙක් තනියම (ගොඩක් අය කියන විදිහට, දෙන්නෙක් කොහොමද නැත්තම් තනියම යන්නේ......)මේ ගමන යන එක ගැන සමහර අය විරෝධය පල කලේ ඒක එච්චර නුවණට හුරුනැති බව කියමින්.ඒත් අපි යන්නේ ශ්‍රීපාද වන්දනාවේ නැතිව ආතල් ගන්න නෙවෙයිනේ.අනික බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල වන්දනාවේ යන ගමනට කෝඩුකා‍රයොද ,පලපුරුදු අයද යන්නෙ කියන එක නෙවෙයිනේ වැදගත්, හිතේ භක්තිය තියාගන සංවරව ගමන යනවනං එච්චරයි.අපේ මතය වුනේ ඒකයි.
Read More...

Wednesday, March 24, 2010

Gretest Moment of The Life

2 comments
First of all forgive me ,Sorry amigos I'm writing this small post in English. It's extraordinary to me to use mobile device for posing something in my blog,  but u..m  no alternatives available right now.It's almost midnight , I am at the top of Sacred Mountain -Sri Padha sitting on the south corner edge , feeling the sweet cold breeze.

It's very low temperature here and I feel that I am going to freeze. How ever I wanted to scratch something in my blog from here. So this post may be the first ever blog post that posted from the top of Sri Padha. And u....m long story will come later and till then see you guys. May triple gem bless you !!!

Read More...

Saturday, March 20, 2010

හාවයි වලහයි

5 comments
සති අන්තෙත් උදාවුණා.සෙමෙස්ටර් මැද නිවාඩුවත් ඒ එක්කම ලැබුණා.කාර්ය බහුල ලෝකෙන් මිදිලා ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්න පුලුවන්.
මේ දවස්වල "ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ" කියන කාරණය තීර්ථ යාත්‍රිකයා සම්බන්ධයෙනුත් සත්‍ය වෙලා තියන නිසා හිතේ කණස්සල්ලකුත් තියනවා.පොඩි නෙවෙයි සෑහෙන ලොකු කණස්සල්ලක්.මේ දේ මේ විදිහට හිතට වදී කියල මමනං කවදාවත් හිතුවේ නෑ. නමුත් ලැබුණ කෙටි නිවාඩුව හිතේ තියන කණස්සල්ල හොඳ කරාවි කියලා විශ්වාසයක් තියනවා.
ලියන්න හිතුවේ යාලුවෙක් මට කිව්ව කථාවක්.
කාලෙකට කලින් ලෝක නායකයො එකතුවෙලා තීරණය කලාලු ලෝකයටම බලපාන පරිදි අතිවිශිෂ්ඨයන්ගෙන් සැදුම් ලත් විශේෂ ආරක්ෂක ඒකකයක් පිහිටවන්න.මොකද ඉන්ටර්පෝල් එක ගැන එච්චර පැහැදීමක් නැති නිසා.හැම අංශයන්ගෙන්ම විශිෂ්ඨයන්ව තොරන්න තියන නිසා විවධාකාර පරීක්ෂණ රාශියක්ම තියල තමයි කට්ටිය තෝරගන තියෙන්නෙ.අන්තිමටම තිබ්ල තියෙන්නෙ අසීරු තත්වයන් යටතේ අඩු හෝඩුවාවන් තියෙද්දි ගිහිල්ලා තොරතුරු සොයාගන්න කණ්ඩායමට කට්ටිය තෝරාගන්න එක.
Read More...

Sunday, March 14, 2010

එලොව ගිහින් මෙලොව ආවා.

5 comments


මේක නං මට වෙච්චි තාමත් මතක් වෙද්දිත් ඇඟ කිලිපොලා යන අත්දැකීමක්.
මරණයට ලං වුනාම දැනෙන්නෙ මොනවගේද එතකොට මිනිස්සු මොනතරම් අසරණ වෙනවද කියන එක මම මේ සිදුවීමෙන් හොඳින් තේරුම් ගත්තා.වෙලාවකට මට හිතෙනවා මේක මට හොඳ අත්දැකීමක් කියලා.මරණය එනකොට කරගන්න කිසිම දෙයක් නැතිව ඒක තමන් කරා ටික ටික ළං වෙනහැටි බලාගන ඉන්නකොට දැනෙන්නේ මොනවගේද කියලා දැං මං දන්නවා.
Read More...

Sunday, March 7, 2010

Leave a Comment
සති අන්තේ නිවාඩුවට ගෙදර ආවා.ගෙදර ආවට ඒච්චර විවේකයක් නම් නෑ. අලුතින් බ්ලොග් එක පටන් ගත්තට මොකද දෙවනි ලිපිය දාන්න නං සෑහෙන්න කල් ගතවුනා.දාන්නං දාන්නං කියල හිටියට අද තමයි ලියන්න ගත්තේ.මොකද ඉස්සර වගේ නෙවෙයි මට ඒ තරම් තාම හුරු නැති වගකීම් තොගයක් දරන්න සිද්දවෙලා තියන හින්දා.
බ්ලොග් ලියන්න අලුත් වුනාට මම සින්ඩිය නං කියවන්නේ සෑහෙන කාලයක ඉඳලා. පස්සෙ තමයි හිතුනෙ මමත් මේ වැඩේට දායක උනොත් හොඳයි කියලා.මම මීට කලින් දින සටහන් ලිව්වා.ඒකෙයි මේකෙයි පොඩි වෙනසක් තියනවා.මොකද දින සටහන් ලිව්වෙත් මම කියෙව්වෙත් මම. ඒ නිසා සමහර විට මම ලියන බ්ලොග් සටහන් සමහර විට පිස්සු විකාරයක් වගෙත් පේන්ඩ ඉඩතියනවා.එහෙම වුනොත් පොඩ්ඩක් තියන අඩුපාඩු පෙන්නලා දෙන්න.
Read More...

Monday, February 8, 2010

පළමු පියවර

2 comments
හැමෝටම ආයුබෝවන් ! අද ඉඳන් තිර්ථ යාත්‍රිකයා කියල අනවර්ථ නමක් දාගන මමත් බ්ලොග් ලියන්න පටන් ගන්නවා.ලියන්න නම් ගොඩක් දේවල් තියනවා.කොතනින් පටන් ගන්නද කියලයි කල්පනා කරන්නේ.බ්ලොග් ලියන්න එන්න කලින් මම දිනසටහන් ලිව්වා.පස්සෙ මට හිතුනා ඒ ලියන මගේ සුපුරුදු දිනසටහන් බ්ලොග් එකක ලිව්වොත් හොඳයි කියලා.එහෙනම් දැනට නවතින්නම්.
Read More...
.